වචන මාර්ගයෙන් අදහස් හා හැඟීම් ප්‍රකාශය වාචිකාභිනය ලෙස හැඳින්වේ. වචනයක් අභිනය සඳහා උපයෝගි කර ගැනීමේ දී වචනාර්ථය යනුවෙන් බෙදා දැක්විය හැකි ලක්ෂණවලින් යුක්තය. "මල" යන වචනය සාමාන්‍යයෙන් පුෂ්පයක් පිළිබඳ අදහස් දැක්වීමට ද, "මල" යන වචනය සුවඳ, රමණීයත්වය ආදී ධ්වනි රාශියක් ඇති කිරීමට ද යොදා ගත හැකිය. "බැහැ" යන වචනය ගත් විට එය ආකාර කිහිපයකින් උච්චාරණය කළ හැකිය. උච්චාරණය කරන අයුරින් "බැහැ" යන්නෙහි අර්ථය වෙනස් වේ. මෙම වචනය යමක් කිරීමට බැහැ යන අර්ථයෙන් ප්‍රකාශ කිරීම, කෝපයෙන් ප්‍රකාශ කිරීම, මට මෙය කරන්න බැරි ද? යන ප්‍රශ්නාර්ථය මතුවන ආකාරයට "බැහැ" යන වචනය උච්චාරණය කිරීම වැනි විවිධ අවස්ථා තුළින් "බැහැ" යන වචනයට විවිධ හැඟීම් ආරෝපණය කර ගත හැකිය. වාචික අභිනයේ ප්‍රබලතාවය අවබෝධ කර ගැනීමට තවත් හොඳ උදාහරණයක් ලෙස ගුවන් විදුලි නාට්‍ය දැක්විය හැකිය.
නාට්‍ය මාධ්‍ය තුළ වාචික අභිනය ප්‍රබල ලෙස භාවිතා කෙරේ. සංවාදය වාචිකාභිනයට මුල් වන්නකි. නාට්‍යකරුවා පෙළ සකස් කරන්නේ ද සංවාද ස්වරූපයෙනි. ඇතැම් විට මෙම සංවාද පද්‍ය ස්වරූපයෙන් ද ලියැවේ. ගීත ද අන්තර්ගත වේ. තවත් අවස්ථාවල මෙම සංවාද ව්‍යවහාර බසින්ම සකස් කෙරේ. මේ කුමන ආකාරයකින් සකස් වුවද නළුවා රංග භූමියේ දී කරන වචන උච්චාරණය අනුව නියම අර්ථය ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය කළ හැකිය. සංවාදයක ස්වරූපය දැක්වෙන පහත සඳහන් පාඨය හෙන්රි ජයසේන මහතාගේ "හුණුවටයේ කතාව" නාට්‍යයෙනි.
සයිමන් : ගෘෂා වැෂ්නාඩිසේ දරුවා ද මේ?
ගෘෂා : සයිමන්
සයිමන් : ගෑනු දරුවට සුභ උදෑසනක් වේවා! ඈ හොඳින් ඉන්නවද දැන ගන්න කැමතියි.
ගෘෂා : (ප්‍රීතියෙන් නැඟී සිට නැමී) සුභ උදෑසනක් වේවා සොල්දාඳුවන්ටත්? ඔහුට යහතින් ආපසු ඒමට ලැබීම ගැන පිං සිද්ධ වේවා?
සටිමන් : මට වඩා ලොකු මාළු මුහුදේ ඉන්න නිසා කවුරුත් ගිලින්නේ නෑ, කිව්වලු කූනිස්සා.
ගෘෂා : මාව ලිස්සන නිසා මාව කාටවත් අල්ලන්න බෑ කිව්වලු ආඳා.
සයිමන් : කොහොමද මේ පළාත? හිම කාලේ සැරද? අහල පහළ උදවිය හොඳද?
ගෘෂා : හිම කාලේ ටිකක් සැරයි. අහල පහළ උදවියගේ වැඩි වැරැද්දක් නෑ.
සයිමන් : එක්කෙනෙක් ඉස්සර වගේ රෙදි හෝදන කොට තවමත් පා ඇඟිලි තුඩු වතුරට දමනවද කියලා දැනගන්න කැමතියි.
ගෘෂා : ඒ එක්කෙනා දැන් එහෙම කරන්නේ නෑ. පඳුරු අස්සේ නරක මිනිස්සු හැංගිලා බලා ඉන්න නිසා
සයිමන් : ඒ එක්කෙනා එහෙනම්, ප්‍රවේශමෙන් ඉඳලා තියෙනවා?
ගෘෂා : (කඳුළු බරව) ඔව් ප්‍රවේශමෙන් ඉඳලා තියනවා.
මෙම සංවාදය කෙතරම් ප්‍රබල ලෙස වාචිකාභිනයෙහි යොදා ගත හැකි ද? අහල පහළ උදවිය හොඳද? යන්න විමසා බලන්න. පැරැන්නෝ නාට්‍ය කලාව "දෘෂ්‍ය කාව්‍ය" වශයෙන් ද හැඳින්වූවෝය. මෙහි කාව්‍ය යන වචනය යොදා ගැනීමෙන් ඔවුන් අපගේ අවධානය යොමු කරවන්නේ කාව්‍යයක ඇති සාහිත්‍යමය ලක්ෂණ කෙරෙහිය. එනම් ගීත, පද්‍ය, සංවාද ආදිය හුදෙක්ම වචන මත රැදී පවතින නිසාය.
නළුවාගේ අධ්‍යාත්මයේ ඇති වන හැඟීම් මුහුණෙහි උපාංග කොටස් උපයෝගි කොට ගනිමින් කරන අදහස් හා භාව ප්‍රකාශනය, සාත්වික අභිනය ලෙස හැඳින්වේ. ඉහත සඳහන් උපාංග අනුසාරයෙන් කරන අභින හැරුණු විට පහත සඳහන් සිදුවීම් ද සාත්වික අභිනයට අයත් යැයි පැරැන්නෝ ප්‍රකාශ කළහ.
01. ස්වේද හෙවත් දහඩිය දැමීම
02. කම්ප හෙවත් කම්පා වීම
03. ස්තම්භ හෙවත් විවර්ණ වීම
04. වෛවර්ණ්‍ය හෙවත් විවර්ණ වීම (මුහුණ රතුවීම)
05. අග්‍රැ හෙවත් කඳුළු සැලීම
06. ස්වර පාද හෙවත් හඬ වෙනස් වීම
07. ප්‍රලය හෙවත් ක්ලාන්ත වීම
08. රෝමඤව හෙවත් රෝමාද්ගමය
ඉහතින් දැක්වෙන ස්ථායිතාව අට මනස ප්‍රභව කොට ඇති බව භරතමුනි පවසයි. භාරතීය රස වාදියෙකු, සංගීතඥයෙකු හා නර්තන ශිල්පියෙකු වූ නන්දිකේශ්වරයන් සිය 'අභිනය දර්පණ' කෘතියෙහි පෙන්වා දෙන්නේද සාත්වික භාවයන් අටක් බවයි.
නාට්‍යයක දී සාත්වික අභිනය උපයෝගි කරගනු ලබන්නේ සාමාන්‍ය ජීවිතයේ හැඟීම් ප්‍රකාශනය කරන ආකාරයට වඩා තරමක් තිව්‍රවය. මෙය ශෛලිගත නාට්‍යයේ දී තව තවත් තීව්‍ර වන අතර, මුද්‍රා සම්බන්ධ කරගෙන කරන නර්තන මඟින් හැඟීම් ප්‍රකාශනය තව තවත් ගැඹුරු වේ. එසේම මුද්‍රා සම්බන්ධ නර්තන මගින් හැඟීම් පෙන්වීමේ දී ද සාත්වික අභිනය විශේෂ වේ.
නළුවෙකුට වචනයෙන් ප්‍රකාශ කරන අදහස් හැඟීම්වලින් පමණක් ඉදිරිපත් කිරීම බොහෝ විට අවස්ථා යෙදෙනු ඇත. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ නළුවාගේ මුහුණින් එම ප්‍රකාශනයන් නියමාකාරයෙන් ප්‍රකාශ කළහොත් පමණී. මෙය තවත් ආකාරයකින් විග්‍රහ කළහොත් මෙසේය. වචනයෙන් ප්‍රකාශිත දෙය ප්‍රේක්ෂකයාගේ මනා ග්‍රහණයට හසු වන්නේ මුහුණින් කරන ඉරියව් ප්‍රකාශනයන් සමඟය.
නළුවෙකුට වචනයෙන් ප්‍රකාශ කරන අදහස් හැඟීම්වලින් පමණක් ඉදිරිපත් කිරීම බොහෝ විට අවස්ථා යෙදෙනු ඇත. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ නළුවාගේ මුහුණින් එම ප්‍රකාශනයන් නියමාකාරයෙන් ප්‍රකාශ කළහොත් පමණී. මෙය තවත් ආකාරයකින් විග්‍රහ කළහොත් මෙසේය. වචනයෙන් ප්‍රකාශිත දෙය ප්‍රේක්ෂකයාගේ මනා ග්‍රහණයට හසු වන්නේ මුහුණින් කරන ඉරියව් ප්‍රකාශනයන් සමඟය.
ඉහත සාකච්ඡා කළ ආංගිකාභිනය, වාචිකාභිනය හා සාත්වික අභිනය නළුවාගේ සංවේන්ද්‍රිය මුල් කරගෙන කළ හැක්කකි. මේ සඳහා බාහිර කිසිවක් අවශ්‍ය නොවේ. නාට්‍යයක රංගනය සඳහා වේදිකාවට පිටතින් ගෙනෙන සියලු දෑ ආහාර්යට අභිනයට අයත් වේ.
* අංග රචනය
* රංග වස්ත්‍රාභරණ
* පසුතල නිර්මාණය
* රංග භාණ්ඩ
* ආලෝකකරණය
* නාට්‍ය සංගීතය
* අංග රචනය
* රංග වස්ත්‍රාභරණ
* පසුතල නිර්මාණය
* රංග භාණ්ඩ
* ආලෝකකරණය
* නාට්‍ය සංගීතය
ආදිය ආහාර්ය අභිනයට අයත් වේ. මෙම සෑම අංශයක් මගින්ම කිසියම් හැඟීම් ප්‍රකාශනයක් සිදුවේ. උදාහරණයක් ලෙස නාට්‍යයක හිඟන්නෙකුගේ චරිතයක් රඟපාන නළුවෙකුට හිඟන්නෙකුගේ පෙනුම එන සේ මුහුණ අංග රචනය කළ යුතුය. කිළුටු ඇඳුම්වලට සමාන ඇඳුම් ඇන්දවිය යුතුය. රංග භාණ්ඩ ලෙස හැරමිටියක් හා ඔලගුවක් යොදා ගත යුතුය. තවද හිඟන්නා ජීවත් වන පරිසරය දැක්වීමට වේදිකා පසුතලය පාරක අයිනේ පදික වේදිකාවක ස්වරූපය මතුවන ආකාරයෙන් සකස් කළ යුතුය.