'ඉබි කබලුත් බේතට ඕනෑ වෙනවාලු'
වටිනාකමින් අඩු දේවල් (මිනිසුන් පවා) අවශ්‍ය වන වේලාවල් ඇති බව.
'ඉබ්බාට පැරදුණු හාවා වගේ'
තමන් ගැන ඕනෑවට වඩා සිතීමෙන් විනාශයට පත්වේ.
'ඉබ්බා අහසින් ගියා වගෙයි'
නොගැලපෙන දෙයක් කර විනාශයට පත්වීමකි.
'ඉරට දුන් දෙයිනුත් ඇස් කණවෙනවාලු'
ඉතා සුළු වූ නරක දේකින් වුවද විපත් සිදුවිය හැක.
'ඉසිරිණු දෙය ලෙවකෑවත් වාසිලු'
අපතේ යන දෙයින් සුළු ප්‍රයෝජනයක් හෝ ලබාගත යුතුය.
'ඉසේ කුණු තබාගෙන ඉස්‌සා මම සුදනයි කියනවාලු'
තමන් අත බොහෝ වැරදි තබාගෙන නිදොස් වන්නට කතා කරන අය ගැන කියවේ.
'ඉස්‌සරවෙලා අල්ලන මාළු ඉස්‌සරවෙලා කුණු වෙනවාලු'
අසාධාරණ ලෙස මුලින් ම දිනන අය ඉක්‌මනින්ම නුසුදුස්‌සන් වන බව ප්‍රකාශ වේ.
'ඉස්‌සරවෙලා ආපු කනට වඩා පස්‌සෙ ආපු අඟ ලොකු වුණාලු'
පළමුව සිටි නෑ හිතවතුන්ට වඩා පසුව ඇතිවු යහළුවන් උසස් කොට සැලකීම ගැන කියවේ.
'ඉස ඇම්මට කොට්‌ටය මාරු කළා වාගෙයි'
නිෂ්ඵල හා නොගැළපෙන ප්‍රතිකර්මයක් සම්බන්ධයෙන් යෙදේ.
'ඉහිරිණු කිරට අඬන්න එපා'
පසුවුණු, සිදුවුණු දෙය ගැන කරදර වෙන්න එපා.
'ඉහේ මලක් පිපුණා වාගෙයි'
මහත් සතුටකට පත්වීමක් ගැන කියවේ.