ආලෝකකරණය මුලදී රංග භූමියට යොදා ගනු ලැබුවේ අඳුර පලවා හැරීමට පමණී. එහෙත් තාක්ෂණයේ දියුණුවත් සමඟ විදුලි ආලෝකය රංගනය තීව්‍ර කට ගැනීමට යොදාගන්නා ලදී. නාට්‍ය කලාවේ මුල් යුගවල යොදාගනු ලැබුවේ පන්දම් හා පහන් වර්ගයයි. සොකරි, කෝලම් වැනි ගැමි නාටක සඳහා පන්දම් එළි භාවිතා කරන ලදී. මූලික වශයෙන් ආලෝකය යොදා ගැනීමේ දී රූපණය, අංග රචනය, රංග වස්ත්‍ර, අභින වඩා පුළුල්ව ප්‍රේක්ෂකයාට ප්‍රක්ෂේපණය කිරීමට උපකාරි කර ගනී.
නාට්‍යයේ චරිතයට ගැළපෙන ආකාරයට නළුවාගේ බාහිර ස්වභාවය රංග වස්ත්‍රය හා අංග රචනය මගින් අලංකාර කිරීම, වෙස් මෝස්තර රචනයයි. වෙස් යනු ඇඳුම් නොවේ. එහෙත් ඇඳුමට සමාන අර්ථයක් සපයන්නකි. නළුවා රංග භූමියෙහි කරන කටයුත්තට සුදුසු අන්දමට සකස් වූ වේගය රංග වස්ත්‍රවලින් නිරූපණය වේ. අහාර්ය අභිනය ලෙස මුලින්න හැඳින්වෙන්නේ මෙම වෙස් පැළඳවීමයි. එනම් බාහිර සමාරෝපණය ප්‍රබල කරන අවස්ථාවක් ලෙසත් සැලකිය හැකිය. රංග වස්ත්‍ර නිර්මාණයේ දී නාට්‍යයේ කතා වස්තුව හා සංස්කෘතික පසුබිම, චරිත, ශෛලිය, නළු නිළියන්ගේ ලක්ෂණ යොදා ගනිමින් සරලව හා පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස කළ යුතුය. එමෙන්ම නළුවාගේ ශරීර ලක්ෂණ නාට්‍යයේ චරිතයට ගැළපෙන ආකාරයට සකස් කිරීම අංග රචනයයි. මෙහිදී මුහුණ, හිස, රැවුල, ඇහිබැම ආදිය චරිතයේ වයසට හා චරිතයේ ලක්ෂණයන්ට ගැළපෙන පරිදි යොදා ගනී.
නාට්‍යයක් නිර්මාණය කර අවසන් වීමෙන් පසු එය ජීවමය තත්ත්වයකට පත් වී අංග සම්පූර්ණ වන්නේ ප්‍රේක්ෂකයන් එකතු වූ පසු ය. ප්‍රේක්ෂකයන් යනුවෙන් හැඳින්වෙන්නේ නාට්‍ය නරඹන පිරිසය. නාට්‍යයක සාර්ථකභාවය සඳහා ප්‍රේක්ෂකයා අත්‍යවශ්‍ය අංගයකි. නාට්‍යයක ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් වැදගත් වේ. ප්‍රේක්ෂකයා යනු රසිකයෙක් පමණක් නොවේ, විචාරකයෙක් හා නාට්‍යයේ විනිශ්චයකරුවෙක් ලෙසද සැලකේ.
නාට්‍යයක් නරඹන විට ප්‍රේක්ෂකයා ඉදිරියේ මොහොතින් මොහොත මැවෙන දර්ශනය ප්‍රේක්ෂාවයි. නාට්‍යයක් සාර්ථක වීමට සෑම දෘෂ්‍ය පථයකම පූර්ණත්වයක් අවශ්‍ය වේ. මේ සඳහා රංග භූමි අලංකරණය, ආලෝක කරණය, වෙස් මෝස්තර රචනය, රංග වින්‍යාසය ආදී සෙසු අංග සියල්ල දායක වේ. ලෝක ධර්මි සම්ප්‍රදායේ නාට්‍යවලට වඩා නාට්‍ය ධර්මි සම්ප්‍රදායේ නාට්‍යවල ප්‍රේක්ෂාව වඩාත් ප්‍රබල ලෙස නිර්මාණය විය යුතුය.
රංග භූමිය මත දිග හැරෙන රංගය හා රංගයට අදාළ සියලුම චලන කිසියම් රටාවකට අනුව ගැළපීම රංග වින්‍යාසය (choreography) නම් වේ.
රංග භූමිය මත දිග හැරෙන රංගය හා රංගයට අදාළ සියලුම චලන කිසියම් රටාවකට අනුව ගැළපීම රංග වින්‍යාසය (choreography) නම් වේ.
නාට්‍යයක ආරම්භයේ සිට අවසානය දක්වා කිසියම් රූප රටා පද්ධතියක් රංග භූමිය මත නිර්මාණය වේ. මෙම රූප අර්ථාන්විත හා අපූර්වත්වයෙන් පෙළ ගැස්වීම කළ යුතුය. රංග වින්‍යාසය තුළින් ප්‍රේක්ෂකයාට ඇති කරන විවිධත්වය ඉතා වැදගත් වේ. නාට්‍යෝචිත පරිදි නර්තනය යොදා ගනිමින් රංග වින්‍යාසය විචිත්‍රවත් කළ හැකි වුවද රංග වින්‍යාසය යනු නර්තනය පමණක් නොවේ. නාට්‍යයක් සඳහා නර්තන නිර්මාණය කරන ශිල්පියාට හොඳම රංග වින්‍යාසයට ලෙබෙන සම්මානය ලැබුණු අවස්ථා නාට්‍ය උළෙලවලින් දක්නට ලැබුණත් නිවැරදි වර්ග කිරීමක් නොවේ. රංග වින්‍යාසය කටයුත්තට ප්‍රබල ලෙස නර්තන ශිල්පියා මැදිහත් වන්නේ නාට්‍ය ධර්මි සම්ප්‍රදායේ නාට්‍යයක් සඳහාය. ලෝක ධර්මි සම්ප්‍රදායෙන් නිෂ්පාදනය වන නාට්‍යයකට නර්තන ශිල්පියාගේ දායකත්වය බොහෝ විට ඉතා අඩුය. රංග වින්‍යාසය පිළිබඳ මෙනෙහිවීමේ අයිතිය හා එහි පෙළ ගැස්මෙහි පූර්ණ අයිතිය හා එම කාර්ය භාරය පැවරී ඇත්තේ නාට්‍ය අධ්‍යක්ෂවරයාට. ඒ නිසා රංග වින්‍යාසයේ නිර්මාණකරු වන්නේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයාය.
නාට්‍ය අධ්‍යක්ෂවරයාට අමතරව රංග භූමියේ සියලු කටයුතු වලට වගකීම දරන්නා රංග භූමි පාලකයා වේ. නාට්‍යයක අර්කථන සැපයීම නිෂ්පාදනයෙන් ඉටු වුවත්, එම අර්ථකථන රැඟුමෙන් රැඟුමට ආරක්ෂා කරන්නේ රංග භූමි පාලකයා විසිනි. නළු නිළියන් හා රංග භූමි ශිල්පයට අයත් ශිල්පීන් ද ඔවුන්ගේ සහභාගිත්වය ද නාට්‍යයක රංගයත් සමඟ ප්‍රදර්ශනය වුවත් රංග භූමි පාලක තීරය පිටුපස කෙරෙන "රංගනය" බොහෝ විට දැකිය නොහැකි රංගනයකි. නළු නිළියන්ගේ රංග ක්‍රියාවලියට නොපෙනී සහාය දෙන එක් වැදගත් ශිල්පියෙක් ලෙස රංග භූමි පාලක හැඳින්විය හැකිය. රංග භූමි සැකැස්ම, රංග භාණ්ඩ පරිහරණය, රංග භූමි ආලෝකකරණය, රංග වස්ත්‍රාභරණ යොදා ගැනීම ආදී මේ කටයුතු සෑම එකක්ම මෙහෙය වන්නේ රංග භූමි පාලක විසිනි.
මෙම ශිල්පීන් හා කාර්මික ශිල්පීන් ලවා නාට්‍ය නිෂ්පාදකගේ සාර්ථකත්වයට යොදා ගත යුතු කාර්යයන් මනාව ඉටු කරවා ගැනීම මුල් කොටසේ පටන් නාට්‍ය නිෂ්පාදකයාට මොහුගේ සේවය අවශ්‍ය වේ. රංගනයට පෙර රංග භූමියක් සකස් කිරීම, ඒ ඒ අවස්ථාවට අවශ්‍ය රංග භාණ්ඩාදිය රැස්කර ගැනීම ආදිය රංග භූමි පාලකගේ භාරකාරත්වය යටතේ පවතී.
නූතන නාට්‍ය නිරූපණ අවස්ථා වඩා චමත්කාර කර ගැනීමට අදාළව විවිධ තාක්ෂණික උපක්‍රම රාශියක් භාවිතා කෙරේ. මෙම භාවිතාවන් රංග භූමි තාක්ෂණය නමින් හැඳින්වේ. රංග ආලෝකය මගින් රූපණය, රංග වස්ත්‍ර පරිසරය මැවීම් අවස්ථා නිරූපණය විවිධ ලෙස ගැඹුරින් ප්‍රකාශ කරන අවස්ථා දක්නට ලැබේ. ශබ්ද තාක්ෂණය යොදා ගැනීම තුළින් භීතිය, ත්‍රාසය, ගැටුම් අවස්ථා මෙන්ම සියුම් හැඟීම් දැනවීමත් සිදු කෙරේ. පටිගත කළ දර්ශන, පසුබිම් දර්ශන, විදුලියෙන් ක්‍රියාකරන උපකරණ ආදිය ද නාට්‍යයට අදාළ ලෙස යොදා ගැනේ. පටිගත කළ දර්ශන ඩග්ලස් සිරිවර්ධනගේ හිට්ලර් නාට්‍යයේ ඉතා සාර්ථක ලෙලස යොදා ගනේ. යුද්ධය පිළිබඳ තොරතුරු එම දර්ශන තුළ අඩංගු වේ. ඒ තුළින් හිට්ලර්ගේ බිහිසුණු යුද්ධයේ යථා ස්වභාවය ප්‍රේක්ෂකයා අවබෝධ කර ගනී. සමහර වේදිකා නාට්‍යවල සජීවි සංගීතය වෙනුවට පටිගත කරන ලද සංගීතයක් භාවිතා කෙරේ. ධර්මසිරි බණ්ඩාරනායකගේ "ධවල භීෂණ" නාට්‍යයේ සංගීතය පටිගත කරන ලද එකකි.