නාට්‍යයක් බිහි වීමට නම් එය රංග ගත කළ යුතුය. නාට්‍ය පිටපත නිෂ්පාදනයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය රංග කලාව නමින් හැඳින්වේ. රංග කලාවේ ප්‍රධාන ලක්ෂණ කිහිපයකි.
1. රංග භූමිය (stage)
2. රංග භූමි අලංකාරය (stage decoration)
3. රංග භූමි ආලෝකකරණය (atage lighting)
4. වෙස් මෝස්තර රචනය
5. ප්‍රේක්ෂාව හා ප්‍රේ්ක්ෂකයා
6. රංග වින්‍යාසය (choreography)
7. රංග භූමි පාලනය
8. රංග භූමි තාක්ෂණය
නාට්‍යයක රංගනය මූලික වන හෙයින්, එය උපත ලබන්නේ රංග භූමියේය. නර්තනය, රංගනය හා චිත්‍ර කලාවන්ට එවැනි නිශ්චිත භූමියක් වෙන් නොවෙතත් නාට්‍ය රංගනය සඳහා විශේෂයෙන් සකස් වූ එවැනි මණ්ඩලයක් තිබීම, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණයකි. රංග භූමිය හැඳින්වීම සඳහා රංග පීඨය, කරලිය, වේදිකාව යන නම් භාවිතා කෙරේ.
මුල් කාලයේ ආගමික වතාවත් සමඟ රංග භූමිය බිහි වූ අතර වෘත්තාකර රංග භූමිය මුලින්ම ඇති විය. "එරීනා රඟහල" යනුවෙන් මෙම ග්‍රීක විවෘත රංග භූමිය හඳුන්වන ලදී. කාලයත් සමඟ ක්‍රමයෙන් අට පට්ටම් හැඩය ඇති ග්ලෝබි රඟහල, කැරකෙන මවරීබුතයි වේදිකාව, නෝ, කබුකි වේදිකා හා පින්තූර රාමු වේදිකාව බිහිවිය. නාට්‍යයේ ශෛලිය අනුව භාවිතා කරන රංග භූමිය ද වැදගත් වේ. එනම් නාට්‍ය ධර්මි නාට්‍යයක් සඳහා වඩාත් යෝග්‍ය වන්නේ විවෘත වට රවුම් රංග භූමියයි. පින්තූර රාමු වේදිකාව හෙවත් ප්‍රොයිතියම් වේදිකාව වඩාත් සුදුසු වන්නේ ලෝක ධර්මි නාට්‍ය රඟ දැක්වීමයි. රංග භූමිය නිෂ්පාදකගේ හා අනෙකුත් ශිල්පීන්ගේ පහසුව සඳහා භූගෝලීය වශයෙන් කොටස්වලට බෙදාගෙන තිබේ. මෙහිදී වේදිකාව අඩු වැඩි වශයෙන් බෙදීම්වලට ලක් වී ඇතත් මින් වඩාත් ප්‍රයෝජනවත් කොටස් නවයකට බෙදා දක්වන අවස්ථාව ලෙස දැක්විය හැකිය.
ඉහළ වේදිකාව

දකුණ
| | |
|
| මැද වේදිකාව |
දකුණ |
මැද |
වම |
පහළ වේදිකාව
ප්‍රේක්ෂකාගාරය
මෙහි දී වම දකුණ තීරණය කරනු ලබන්නේ නළු නිළියන්ගේ පැත්තේ සිටය. එනම් නළුවෙක් හෝ නිළියක් ප්‍රේක්ෂකයන් වෙත මුහුණ ලා සිටින විට වම - දකුණයි. ප්‍රේක්ෂකයන්ට ආසන්නයේ පහළ වේදිකාව ද, ප්‍රේක්ෂකයන්ට ඈතින් ඉහළ වේදිකාව ද පිහිටා තිබේ. මෙම සියලු බෙදීම් නාට්‍ය නිෂ්පාදකයාට හා සෙසු ශිල්පීන්ට ඉතා වැදගත් වේ.
කතා වස්තුවට අනුකූලව රංග භූමිය සැපයීම, අතීතයේ පටන් නාට්‍ය කලාව තුළ තිබූ දෙයකි. එහෙත් මෙය නාට්‍ය ශෛලිය අනුව අඩු වැඩි වේ. නාට්‍ය ධර්මි සම්ප්‍රදායේ දී පසුතල, රංග භාණ්ඩ ආදිය භාවිතයට ගනු ලබන්නේ ඉතාමත්ම අඩුවෙන්ය. එහෙත් ලෝක ධර්මි සම්ප්‍රදාය තුළ රංග භූමි අලංකරණ (stage decoration) හා රංග භාණ්ඩ (props) බහුලව යොදා ගැනේ. ශෛලිගත අනුව වනාන්තරය මවා පෑමට ප්‍රේක්ෂකයාට බාර කර ඇත. එහෙත් ලෝක ධර්මි සම්ප්‍රදායෙන් නිර්මාණය වූ කැලණි පාලම නාට්‍යයේ පසුබිමෙහි පාලමක්, පැල්පත් දෙකක් දක්නට ලැබේ. සෑම විටම රංග භූමිය අලංකරණය නළුවාගේ රංගය සමඟ නාට්‍ය අර්ථය තීව්‍ර කිරීමට හේතු වේ.