සාමාන්‍ය ව්‍යවහාරයේ දී නාට්‍ය හා රංග කලාව (Drama and Theatre) යන වචනය එකිනෙකට සම්බන්ධ කොට භාවිතා කළ ද මෙහි වෙනස් වූ අරුත් දෙකකි. නාට්‍යයක් බිහි වීමට පළමුව අවශ්‍ය වන්නේ නාට්‍ය පෙළක් නිර්මාණය කර ගැනීමයි. නාට්‍ය පෙළ නාට්‍ය කලාවේ සාහිත්‍ය කොටස වශයෙන් ද හඳුන්වනු ලබයි. "නාට්‍ය හා රංග කලාව" යන වචන ද්විත්වයෙන් "නාට්‍ය" කොටස වෙන් කරගත් විට එයට අයත් වන්නේ නාට්‍ය කලාවේ සාහිත්‍ය කොටසයි. එනම් නාට්‍ය පිටපතයි. නාට්‍ය පෙළ නළු නිළියන් යොදා රංග ගත වන විට "රංගය" (Theatre) නමින් හැඳින්වේ. පොදුවේ අප නාට්‍ය කලාව හඳුන්වනු ලබන්නේ නාට්‍ය (Drama) නමිනි. පොදුවේ නාට්‍ය මාධ්‍ය හැඳින්වීම සඳහා නාට්‍ය යන්න භාවිතා කිරීමත්, නාට්‍ය හා රංගකලාව යන වචන ද්විත්වය ශාස්ත්‍රීය ලෙස විග්‍රහ කිරීමත් අතර ඇති වෙනස නිරවුල්ව තේරුම් ගැනීමට උත්සාහ ගන්න.
1. පෙළ සාහිත්‍යයක් තිබීම.
2. රූපණය සඳහාම කළ නිර්මාණයක් වීම.
3. ගැටුම් අවස්ථා තිබීම.
4. ශෛලියක් තිබීම.
5. කතා වින්‍යාසයක් තිබීම. (මුල, මැද, අග, සිදධි මනාව ගැළපීම)
6. සජීවි බව.
7. සාමූහික ක්‍රියාකාරිත්වය.
8. ප්‍රේක්ෂක සහභාගිත්වය.
නාට්‍ය පෙළක ඇති ප්‍රධාන සාහිත්‍යමය ලක්ෂණය නම් එය කාව්‍යයක් වීමයි. එනම් රස නිෂ්පත්තිය අරමුණු කරගෙන එහි සංවාද හසුරුවා තිබීමයි. සරලව කිවහොත් නාට්‍ය පෙළක් කවියකට සමානය. පැරැන්නන් දෘශ්‍ය කාව්‍ය නමින් නාට්‍ය කලාව හැඳින්වීමේ දී කාව්‍ය යන වචනය යොදා ගත්තේ මෙම කාව්‍යමය ලක්ෂණයට ද අවධානය යොමු විය යුතු නිසා විය හැක. මෙහිදී සංවාද ගද්‍ය වුවත්, පද්‍ය වුවත් කාව්‍යමය ගුණය රැඳී ඇති බව මතක තබා ගත යුතුය.
නාට්‍ය පෙළ රූපණය සඳහාම නිර්මාණය වූවකි. නවකතාවක සිද්ධි සහ ඒ තුළ වෙසෙන චරිත හඳුනා ගනු ලබන්නේ කියවා රස විඳීම තුළිනි. කථනයට වඩා ප්‍රදර්ශනය නාට්‍ය මාලාවේ විෙශ්ෂ ලක්ෂණයකි. නාට්‍යයක සිද්ධි මාලාව ප්‍රේක්ෂකයා දකින්නේ තමා ඉදිරියේ එවේලේම සිදුවන සිද්ධීන් මිස අතීතයේ සිදුවන සිද්ධීන් ලෙස නොවේ. නවකතාවල සිද්ධීන් අතීත කාල ක්‍රියාවෙන් ඉදිරිපත් වුවත් නාට්‍ය පෙළක සිද්ධීන් ඉදිරිපත් වන්නේ වර්තමාන ක්‍රියාපදවලිනි. පහත සදහන් නාට්‍ය සංවාද බලන්න.
අම්මා - අමර.....පුතා නැඟිටින්න. ඉස්කෝලේ යන්න පරක්කු වුණා. මේ කිර එක බොන්න.
අමර - මට බෑ.....
අම්මා - ඒ මොකද ?
අමර - මට බෑ ඉස්කෝලේ යන්න.
අම්මා - ඉස්කෝලේ නොගිහින් කොහොමද පුතේ ?
අමර - මට චක්කරේ පාඩං නෑ.
අම්මා - මයෙ පුතේ පාඩං කරගන්න එපායෑ.
අමර - මට බෑ.
අම්මා - පාඩං කරන්නේ නැතිව කොහොමද ඉගෙන ගන්නේ ? ඉස්කෝලේ යන්න එපායෑ ඉගෙන ගන්න. ඉගෙන ඉවර වෙලා ලොකු රස්සාවක් කරන්න පුළුවන්.
අමර - මට ඕන් නෑ.
අම්මා - නැඟිටින්නයි කිව්වේ....මම දැන් ගේනවා කෝටුවක් (අමර ගියා දිව්‍යලෝකේ ළමා නාට්‍යයෙනි)
නාට්‍ය පෙළක රංග විධාන ගෙන බලන්න.
"අමරගේ අම්මා කාමරයෙන් පිට වී යයි"
"පුතා හා බලුරාල කිරි වීදුරුව දෙස බලා තොලකට ලෙවකයි"
"අමර ඉතාම සතුටින් ඇඳෙන් බැස"
ආදී සියල්ලම වර්තමාන කාලය හඟවයි. නාට්‍ය පෙළට සිද්ධීන් ඇතුළත් කරනු ලබන්නේ රූපණය සඳහා උචිත කොටස් පමණී. "ගැටුමක් නැති තැන නාට්‍යයක් නැත" (No confict No Drama) යනුවෙන් බර්නාඩ් ෂෝ පවසා තිබේ.මෙයින් අපට ගම්‍ය වන්නේ නාට්‍යයකට ගැටුම අත්‍යවශ්‍ය අංගයක් ලෙසයි.
නාට්‍යයක ගැටුම නොහොත් ඝට්ඨනය ප්‍රබලව තිබිය යුතු අංගයකි. ගැටුම නිසා ප්‍රේක්ෂකයා තුළ කුතුහලය ආතතිය හට ගනී. නාට්‍යයක අවසානය දක්වා දිවෙන අවුල් ජාලය තුළින් දෙදෙනෙකුගේ හෝ දෙපාර්ශවයක හෝ කරුණු දෙකක් සම්බන්ධ තොරතුරු වර්ධනය වී ඒවා එකිනෙක මුණ ගැසෙන තීව්‍ර අවස්ථාව සමස්ත නාට්‍යය පුරා ජීවය ගෙන දෙන ගැටුමයි.
රචකයා විසින් නිර්මාණය කෙරෙන නාට්‍යය වූ කලී විවිධ සංවාද නොවේ. එම වචනවල අර්ථය අභිනය මගින් ප්‍රේක්ෂකයාට නිරූපණය කර පෙන්වීමයි. නාට්‍ය පෙළ ප්‍රේක්ෂකයා වෙත අභිනය මඟින් ඉදිරිපත් කරන ක්‍රමය ශෛලිය (styles) නමින් හැඳින්වේ. මූලික රංග ශෛලින් දෙකක් භරත මුනිවරයා විසින් නාට්‍ය ශාස්ත්‍රය නමැති ග්‍රන්ථයෙහි සඳහන් කොට තිබේ.
02. ලෝකධර්මි (Naturalistic) - ස්වභාවික සම්ප්‍රදායට අයත් රංගනය.
නාට්‍යයක ශෛලිය පවතින්නේ රංගනයෙහි පමණක් නොවේ. නාට්‍ය පෙළ සකස් කිරීමේ දී රචකයා, තමාගේ නාට්‍යය කුමන ශෛලියෙන් ඉදිරිපත් කරන්නේ ද යන්න මුලින්ම තීරණය කළ යුත්තකි. තේමාව ගොඩ නැගෙන්නේ එම ශෛලිය මතය.
හොරේෂෝ - හොඳයි, අපි ඉඳගනිමු, බර්නාඩෝ, ඉතින් කිටන්න බලන්න අපිට ඒ ගැන.
බර්නාඩෝ - ඊයේ රාත්‍රී, දැන් අර ධ්‍රැවයට බස්නාහිරින් පායලා තියෙන ඒ තාරකාව ආකාශය එයින් දැන් ආලෝකවත් වෙන ප්‍රදේශයේ බබළමින් තියෙන වෙලාවේදී මාසෙලසුත් මමත් එනකොට ඝන්ඨාවෙන් ඒක ගහනවා ඇහුණා.
(අවතාරය පිවිසෙයි)
මාසෙ - නිශ්ශබ්ද වෙන්න, කතාව නවත්වන්න, අන්න ඒක අයිත් එනවා.
බර්නාඩෝ - මැරිච්ච රජ්ජුරුවෝ වගේමයි. ඒ රූපයමයි. ඇරපු අතක් නෑ. ඒ රූපයමයි.
මාසෙ - හොරේෂෝ ඔබ උගතෙක්. ඒකට කතා කරන්න
බර්නාඩෝ - බලන්න හොරේෂෝ, ඒක ඉතිං රජ්ජුරුවෝ වගේ නොවෙයි ද?
හොරේෂෝ - හරියටම ඒ වගෙයි. ඒක දැකල මගේ හිත දැන් භයෙනුත්, විශ්මයෙනුත් ඇළලෙනවා
බර්නාඩෝ - ඒකට කතා කළොත් හොඳයි නේද?
මාසෙ - අහන්න හොරේෂෝ, කවුද කියලා.
සාහිත්‍ය වශයෙන් සලකන කල නාට්‍ය හෙවත් නාට්‍ය පිටපත, දෘෂ්‍ය කාව්‍යය ලෙස සැලකෙයි. නාට්‍ය රචනය, නාට්‍යයක් බවට පත් වන්නේ නළු නිළියන් මගින් එය ප්‍රේක්ෂකයා ඉදිරියේ වේදිකාව මත රඟ දැක්වීමෙන් පමණී. මෙයින් පැහැදිලි වන්නේ නාට්‍ය යනු සැදිය යුත්තක් මිස, ලිවිය යුත්තක් නොවන බවය. තවත් සරලව තේරුම් ගතහොත් නාට්‍ය මාධ්‍යයේ දක්නට ලැබෙන ප්‍රධාන වැදගත්කම වන සජීවි බවයි. මෙම සජීවි බව පිටපත තුළ රැදී තිබිය යුතුය. එය සැබෑවක් බවට පත්වෙනු ලබන්නේ ප්‍රේක්ෂක සහභාගිත්වය තුළිනි. නාට්‍යයේ සිද්ධි තුළට ඇලී ගැලී වෙසෙන ප්‍රේක්ෂකයා ප්‍රතිචාර දක්වයි. නළු නිළියන් හා ප්‍රේක්ෂකයන් අතර පවත්නා ගුප්ත සබැඳියාව ද සජීවි බවේ ප්‍රතිඵලයකි. මෙම සජීවි ක්‍රියාවලිය සඳහා විශාල ශිල්පීන් පිරිසකගේ දායකත්වය හා නිර්මාණ කුසලතාවය එක් කළ යුතුය. ඒ නිසා අනිවාර්යෙන්ම නාට්‍ය පිටපත තුළ සාමූහික ක්‍රියාකාරිත්වය ද දක්නට ලැබේ.