ඉණිමඟේ දණගා ටන්ට බෑ
 

'ඉඟිකළාම තේරෙයි ද කෙළමෝලෙන් ඇන්නත් නොතේරෙන මිනිහට'
සවිස්‌තරව කීවත් නොතේරෙන කෙනෙකුට ලිහිල්ව කියා පලක්‌ වේද?

'ඉඟුරු දී මිරිස්‌ ගත්තා වාගේ'
යමක්‌ නුසුදුසු බව කියා ඊට වඩා යහපත් දෙයක්‌ සොයන්නට ගොස්‌ තිබුණාටත් වඩා නරක දෙයක්‌ ලබා ගැනීම අදහස්‌ කරයි.

'ඉණිමඟේ දණගා ටන්ට බෑ'
යම් ක්‍රමයකින් කළ නොහැකි ක්‍රියාවක්‌ සම්බන්ධයෙන් යෙදේ.

'ඉතිපිසෝ මතක්‌ වෙන්නේ අතපය වාරු නැතිවුණාමයි'
ආගම සිහිවන්නේ වයසට ගිය විටයි.

'ඉඳිකටුවක්‌ රත්රන් වෙලා මොකට ද?'
ඉතා සුළු ලාභයකින් වැඩක්‌ නැත.

'ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වගෙයි'
අනුන්ගේ අයිතිවාසිකමක්‌ බලෙන් ලබා ගැනීම.

'ඉඳකටු තුඩේ තපස්‌ රකින්නා වාගෙයි'
නොකළ හැකි වැඩක්‌ සම්බන්ධයෙන් යෙදේ.

'ඉතින් දිවියා හැඬුවාම මොකද? පෙට්‌ටියේ එක ගවයෙක්‌ වත් නැතිනම්'
තමාට හානියක්‌ නැති දෙයක්‌ රටේ තිබුණාට එයින් තමාට අවැඩක්‌ නැති බව කියවේ.

'ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන්නා වාගෙයි'
නැති දෙයක්‌ හෝ ලබා ගැනීමට නොපිළිවන් දෙයක්‌ ඉල්ලීම සම්බන්ධයෙන් යෙදේ.

'ඉබ්බෝ කවද්ද ගස්‌ ගියේ'
නුපුරුදු දෙයක්‌ කරන්නට ගොස්‌ අමාරුවේ වැටෙන්නන් පිළිබඳව යෙදේ.

(c) Shilpa Sayura Foundation 2006-2017