මේ කෝලම මගින් නිරූපණය වන්නේ වයස්ගත අඹු-සැමි යුවලකි. හැරමිටි වාරුවෙන් ඇවිදින මොවුහු තුරුණු වියේ කළ කී නොයෙක් දේවල් ගැන සිහි කරති. විශේෂයෙන් මේ කෝලම සඳහා දෙබස් යොදා ගන්නා අතර ඒවා හාස්‍ය රසය උපදවන ලෙස නිර්මාණය කර ගැනීමට හැමවිට උනන්දු වන බැව් දැකගත හැකිය.
අදාළ බෙර පද
වයස්ගත අයගේ ගමන් විලාස හා ඉරියව් පිළිබිඹු වන අයුරින් විවිධ බෙර පද නිර්මාණාත්මකව යොදා ගැනේ.