පංචනාරි ගැටය / පංචනාරිඝටය
 

මෙය මිරිස්ස උඩුපිලට සීමා වූ ඉතා විශිෂ්ඨ ගණයේ මුහුණකි. ඝටයක ස්වරූපයට ස්ත්‍රීන් පස් දෙනෙක් වෙලී ඇති බැවින් 'පංචනාරිඝටය' යන නම ලැබී ඇත. ස්ත්‍රීන් පස් දෙනෙක් එකිනෙකා ගැටගසාගෙන ඇති බවක් පෙනෙන නිසා 'පංචනාරි ගැටය' යන නම ද භාවිත කිරීම වැරදි නොවේ. මේ වෙස්මුහුණේ ප්‍රධාන මුහුණ හැර තවත් ස්ත්‍රීන් පස් දෙනෙකු එකට ගැටයක් මෙන් වෙලී ඇති අයුරු නිරූපණය වී ඇත. කැලවේ පිටපතේ ද මේ ගැන විස්තරයක් තිබීම තවත් විශේෂයකි.


පංචනාරි ගැටය / පංචනාරිඝටය සඳහා බෙර පද


පැමිණෙන පදය :
ගුඳ ගද ගත////
දැහිං///


නටන පදය :
රිංගත දැහිං රෙගත ගුඳ ගුං ගුඳ ගුඳ ගුඳ ගුඳ ගත
දැහිං රෙගත ගුඳ ගුං


ඉරට්ටිය :
දොංතක දොංතක - දොං///
දැහිං තහුර ගත දැහිං///
දැහිං///
දිත් දැහිං
තහුර ගත දැහිං ගත්ත කිට ගත්තත් දොං


පදය :
දොංත ගතකි ගුඳ////


ඉරට්ටිය :
දොංත ගඳිත ගත ගදිත ගදි ගුඳගත් දැහිං


පදය :
රුදිති ගතං තකු////


ඉරට්ටිය :
රිං ගහිති ගදිරිකිට ගත//
ගහිති ගදං
තත් දිගදං
තත් දොං
තත් දිත් තා.

නරසිංහ අවතාරය


මේ කෝලම ද මිරිස්ස උඩුපිල කෝලම් කුට්ටමෙහි පමණක් ඇති ඉතා දුර්ලභ එකකි. මේ වෙස්මුහුණ උසින් වැඩි විශාල ප්‍රමාණයේ එකක් බැවින් නැට්ටුවන්ට වැඩි පද නැටීම් අපහසු වේ. මේ මිරිස්සේ කෝලම් කුට්ටමේ ඇති ඉතා වටිනා මුහුණු අතරින් එකකි.

නරසිංහ අවතාරය සඳහා බෙර පද

පැමිණෙන පදය :
ගතාං ගත - ගුංද ගදිත ගත////
දැහිං///


පදය :
ගුඳ ගත ගුඳ ගත ගත්ත ගදිත ගත//
දොං ගත ගුඳ ගත ගදිත ගදිත ග දිගුඳක දැහිං//


ඉරට්ටිය :
හුරගතං ගදිගතංත ගදි ගුඳ ගත් රෙගත් දොං///
හුරගුඳ ගත් දෙගත් දොං
ගදි ගත ගත් දෙගත් දොං
දොතෙ ගුඳිත ගද්දිත් තත් හුරගත ගුඳ දැහිං


පදය :
ගුගුඳත් ගුගුඳත් දිත් ගත් තත් දිං ගත ගුදං
ගධ හධ තහුර් ගතත් දිහුර්ර ගතත්
තහුර ගතක දොං දොංතක දොං
හුරගුඳ ගත්// තත් රෙගදිත ගුඳ දැහිං


ඉරට්ටිය :
රිංගත ගත්තත් ගදි ගධ
ගදිගත ගත්තත් ගදිගධ
ගුඳ ගුඳ ගධ
ගති ගත ග දැහිං


පදය :
ගත්ත ගතං ගද්දිත් තං ගත්ත ගතං ගුං දිත ගුඳ


ඉරට්ටිය :
ර්රිංතං ගත්ත ගදිත ගත ගුඳිගත ගුං දං
ගඳිත ගතං ගත ගුං
ර්රිංතං ගදිත ගතං ගත ගුඳි ගත ගුංදං
ගුඳිත ගතං ගත දැහිං

 

(c) Shilpa Sayura Foundation 2006-2017