'ඇටි කෙහෙල් කෑ උගුඩුවා වගෙයි'
කිසිවක් කරකියා ගන්නට බැරි තත්ත්වයක සිටීම.
'ඇතකු අරන් අහසින් ගියයි කීම වගේ'
නොසිදුවන දෙයක් ගැන කීම.
'ඇඳ තිබෙද්දී දඩුමැසිවල ලගින්නා වාගේ'
නිසි කටයුතු තිබියදී නොනිසි කටයුතුවල යෙදීම පිළිබඳව යෙදේ.
'ඇවිලෙන ගින්නට පිදුරු දමන්නා වාගේ'
අවුලක් ලිහනු වෙනුවට ඒ අවුල උග්‍ර කිරීම හඟවයි.
'ඇහැළේපොලගේ මුල වනසමියි සිතා ඇහැළ මුල් ඉඳුරුවා වගෙයි'
අනවබෝධය නිසා වරදවා කරන පළිගැනීමක් හෝ ප්‍රතිකාරයක් හඟවයි.
'ඇහැළ පෙරහැරේ බෙරත් නැතිවේ ද?'
කිසියම් කටයුත්තක් අංග සම්පූර්ණ බව දැක්‌වීමට යෙදේ.
'ඈත තිබෙන කම්මලට වඩා ගෙදර තිබෙන කරගල හොදලු'
කිසියම් අවශ්‍යතාවකදී ඈත තිබෙන ඉතා හොඳ දෙයකට වඩා ළඟ තිබෙන තරමක් හොද දේ වටී.
'ඉක්‌මන් වුණාම කොරස් කටත් මඳිලු අත දමන්න'
ඉතා පහසුවෙන් කළ හැකි වැඩක් වුව ද වුවමනාවට වඩා ඉක්‌මන් වීමෙන් හරියට නොකළ හැකි වනු බව හැඟවේ.
'ඉක්‌මන් බුදුන් බුදු වුණාවේ'
අනවශ්‍ය ඉක්‌මන නුසුදුසු බව.
'ඉක්‌මනට සක්‌මන් කරන්න කිව්වා වගෙයි'
'සක්‌මන' හෙමින්-සන්සුන් ලෙස කරන ගමනකි. කරන්නට නොහැකි වැඩක් කිරීමට උපදෙස් දී ම හැඟවේ.