රජ පිරිස නැටුම් බැලීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ස්ථානයට පැමිණෙති. මේ පිරිසට රජ, රජ බිසව, අමාත්‍යයකු සහ චාමර සලන්නියන් දෙදෙනෙකු ද ඇතුළත් වේ. සමහර සම්ප්‍රදායන්හි පන්දම් රැගත් දෙදෙනෙක් ද දෙපසින් පැමිණෙති. සාමාන්‍යයෙන් රාජකීය පිරිස නැටුමේ නොයෙදෙති. වැයෙන බෙර පදයට අනුව තාලයකට ප්‍රවේශවන මොවුහු පණවා ඇති අසුන් මත හිඳගෙන කෝලම් නැටුම් නරඹති. නියම කෝලම් නැටුම් වන්නේ ඒවා ය. රජ සහ බිසව පැළඳ සිටින වෙස්මුහුණු ප්‍රමාණයෙන් විශාල බැවින් බොහෝ වේලා ඒවා පැළඳ සිටීම අපහසු ය. ඒ නිසා කෝලම් නැටුම් අවසන් වනතුරු රජ කට්ටුව එහි රැඳී නො සිට නික්ම යාම සාමාන්‍ය සිරිත වේ. කැලවේ පිටපතේ රජුගං පෙරමඟ සැරසීම ගැන විස්තර වෙනත් රජු පිළිබඳව වෙනත් විස්තර වර්ණනා ඇතුළත් ව නැත.
රජ කට්ටුව සඳහා බෙර පද
ගමන් පදය :
1. ර්ර්රිං ගත දැහිං - ගතාං ගුඳ ගුං////
2. රිංගත දැහිංත දැහිංත රෙගත ගත ගුඳි ගුඳ ගුඳ ගත දැහිංත රෙගත ගත ගුං
3. ගුඳි ගුඳ ගත දැහිං ගතාං ගුඳ ගුං
1. ර්ර්රිං ගත දැහිං - ගතාං ගුඳ ගුං////
2. රිංගත දැහිංත දැහිංත රෙගත ගත ගුඳි ගුඳ ගුඳ ගත දැහිංත රෙගත ගත ගුං
3. ගුඳි ගුඳ ගත දැහිං ගතාං ගුඳ ගුං
පිටවන පදය :
ර්ර්රිං ගත දැහිං - ගතාං ගුඳ ගුං
ර්ර්රිං ගත දැහිං - ගතාං ගුඳ ගුං