පේඬි කෝලම (ජසයා සහ ලෙන්චිනා)
 

පේඬි විදානෙ/ජසයා යන විකල්ප නම්වලින් ද මොහු හැඳින්වේ. මොහු නිශ්චිත රාජකාරියක් ඉටු කරන්නෙකි. උත්සව අවස්ථාවල දී පිරුවට සැපයීම, වියන් බැඳීම, පාවාඩ එලීම, වටතිර ඇදීම, කිලිටි ඇඳුම් සේදීම යනාදිය ඔහුට නියමිත කාර්යයන් වන්නේ ය. කුල ක්‍රමය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමය පැවැති කාලයේ දී සමාජ චාරිත්‍ර වාරිත්‍ර විශේෂයක් මේ කෝලම් මගින් හෙළිදැක්වේ. සමාජයේ පීඩාවට පත් ජසයා තරමක් ගරු නම්බු අපේක්ෂා කරන්නෙක් ලෙස නිරූපණය වෙයි. මොහු වයස්ගත පුද්ගලයෙකි. බීමත්කමින් නිතර පසුවේ. මොහු වයස්ගත වුවත් ඔහුගේ බිරිඳ එනම්, ලෙන්චිනා නාඹර වියේ තරුණියකි. ඇය බෙහෙවින් රූමත් ය. කෙළිලොල්ය. සරාගි ය. සමහර කෝලම් සම්ප්‍රදායවල ජසයාට බිරියන් දෙදෙනෙකු ඇති බව ප්‍රකට වේ. ජසයා කෙරේ ලෙන්චිනාගේ එතරම් ඇල්මක් නැති සේය. බිරියන් දෙදෙනෙකු ඇති සම්ප්‍රදායන්හි දී බිරියන් දෙදෙනා නිරතුරු ව එකිනෙකා රණ්ඩුදබර කරගන්නා බැව් නිරූපණය කෙරේ. ලෙන්චිනා නියම බිරිය වන අතර අනෙකා අනියම් බිරිඳ බව ද ප්‍රකට වේ.


ජසයා සඳහා බෙර පද


එන පදය :
ගුගුඳ ගුගුඳ දැහිං ගත ගත///


ඉරට්ටිය :
රුඳ ගත ගත ගත ගුඳ ගුඳ දැහිං


නටන පද :
1. ගතාං ගත ගුං ගුඳ ගදිත ගතාං
2. රුද ගත ගත ගත ගුඳ ගුඳ දැහිං
3. ගත ගුගුඳං


ලෙන්චිනා සඳහා බෙර පද


සබයට එන පදය :
ගුං ගුඳ ගුං තං ගති ගත///


නටන පද :
ගුං ගුඳ ගදිත ගතාං ගතාං ගත///


නික්ම යන පදය :
ගතකු - දොන්ත ගතකු///
රුඳ ගත ගුඳ/// දැහිං - ගත ගත
රුඳ ගත ගුඳ/// දැහිං

(c) Shilpa Sayura Foundation 2006-2017