1980 සිට 2000 දක්වා කරලිය වෙත ආ නාට්‍ය සිය ගණනක් ගිණිය හැකිය. මෙම නාට්‍යවලින් වැඩි ප්‍රමාණයක් තාත්වික (ලෝක ධම්මී)අංශයේ නාට්‍ය හැටියට සැලකිය හැකිය. ශෛලිගත නාට්‍යයක් නිෂ්පාදනය කරනවාට වඩා තාත්වික නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේදී විශාල මුදලක් වැය නොවීම මෙයට මූලික හේතුව විය හැකිය. මේ කාලයේදී වේදිකා ගත වූ බොහෝ නාට්‍යවලට තේමාව වූයේ ද දේශපාලනමය වූ හෝ සමාජයමය වූ හෝ වස්තු බීජයකි. එහෙත් මේ හැම නාට්‍යයක්ම නාට්‍ය මූලධර්ම අනුව කාලෝචිත අංශයන්ගේ සමුපලක්‍ෂිතව ප්‍රේක්ෂක ජනතාවගේ රසිකත්වය වර්ධනය කළ නාට්‍යයක් හැටියට සැලකිය නොහැකිය.
මේ කාල සීමාව තුළ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කලා මණ්ඩලයෙන් වාර්ෂිකව පවත්වාගෙන ආ නාට්‍ය තරඟ මගින් ශෛලිගත සහ තාත්වික නාට්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ලැබුණු පිටිවහල විශාලය. එමඟින් ආධුනික නාට්‍ය කරුවන්ට තම හැකියා වර්ධනය කර ගැනීමටත් ඒවා ප්‍රදර්ශනය කිරීමටත් අවස්ථාව ලැබුණි. එමගින් හරවත් නාට්‍ය මෙන්ම හරවත් බවින් අඩු නාට්‍යය ද වේදිකා ගතවිය. කෙසේ වෙතත් සංස්කෘතික අමාත්‍යාංශයේ එම වැඩ පිළිවෙළ සිංහල නාට්‍ය කලාවේ ඉදිරි ගමනට මහෝපකාරි වන්නක් බව කිව හැකිය.
සිංහල නාට්‍ය කලාව කෙරෙහි ජාතික තරුණ සේවා සභාවේ දායකත්වය
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නාට්‍ය අනුමණ්ඩලය හැරුණු විට සිංහල නාට්‍ය කලාවේ ඉදිරි ගමන සඳහා කැපවීමකින් ඉදිරිපත් වූ ආයතනයක් හැටියට ජාතික තරුණ සේවා සභාව සඳහන් කළ හැකිය. 1979 න් පසුව යෞවන කටයුතු අමාත්‍යආශයේ මඟපෙන්වීම අනුව ජාතික තරුණ සේවා සභාවේ මෙරට නාට්‍ය නැටුම් කලාකරුවන්ගේ ඉදිරි ගමන සඳහා විශේෂ වූ වැඩ පිළිවෙළක් එහි සංස්කෘතික අංශය මගින් අරඹන ලදී.
තරුණ සේවා සභාව කළ එම වැඩපිළිවෙළ උඩරට, පහතරට හා සබරගමු නැටුම් කලාව පිළිබඳ කටයුතු කළ පාරම්පරික නැටුම් ශිල්පීන්ගේ දරුවන්ව එම ක්‍ෂේත්‍ර පිළිබඳව වඩාත් නිපුණත්වයක් ලබාගැනීමට අවස්ථාව සැලසුණි. ඒ සඳහා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ නැටුම් අංශයක් ආරම්භ කළ අතර මහනුවර තලාතුඔය බෙල්වුඩ් රූපවාහිනී කලා පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් අදාළ නැටුම් ක්‍ෂේත්‍ර පිළිබඳ තුන් අවුරුදු පාඨමාලා ද ආරම්භ කර ශිල්පීන් පුහුණ කරන ලදී.
එපමණක් නොව රටේ සිටින ආධුනික නාට්‍ය ශිල්පීන්ට අතදීම සඳහා වාර්ෂිකව සමස්ත ලංකා නාට්‍ය තරඟ මාලාවක් පවත්වනු ලැබේ. මෙම නාට්‍යවලට ශෛලිගත මෙන්ම තාත්වික නාට්‍යයන් ද ඇතුළත්වේ. මෙහි ඇති වැදගත්කම ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළ මෙම නාට්‍ය තරඟාවලිය ආධුනික නාට්‍යකරුවන් සඳහා වීමය. මේ නිසාම තරුණ වියේ පසුවන බොහෝ ආධුනික නාට්‍ය කරුවන්ට ස්වකීය කුශලතා ප්‍රවර්ධනය කර ගනිමින් ප්‍රදර්ශනය කරමින් තත් ක්‍ෂේත්‍රයෙහි ඉදිරියට ගමන් කිරීමට අචස්ථාව සැලසී තිබේ.
වාර්ෂිකව පවත්වනු ලබන නාට්‍ය තරඟාවලියක් වෙයි. එමනාට්‍ය තරඟවලින් කුශලතා පූර්ණ නළු නිළියන්, වේෂ නිරූපකයන්, හඬ පාලකයන්, රංගාලෝක ශිල්පීන්, වේදිකා සැරසිලි කරුවන්, හෝඳම ගායකයන්, වාදකයන් තෝරාගැනීමට අවස්ථාව සැලසේ. එසේම ඔවුන්ගේ කුශලතා අනුව යෞවන සම්මාන ප්‍රදානෝත්සවය ද සිදුවේ. මෙය 1979 පසුව 2000 දක්වාත් ඉදිරියටත් ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩ පිළිවෙළකි. මේ නිසා ජාතික තරුණ සේවා සභාවේ කලා අංශය තුළින් සිංහල වේදිකා නාට්‍යයේ කිසියම් නව ප්‍රවණතාවයක් ඇති වූ බව කිව යුතුව ඇත.
වාණිජත්වයට බරවීම
අද ලංකාවේ හැම දෙයක්ම වාණිජත්වය කෙරෙහි ඇදීගොස් වාණිජත්වය ඉදිරියේ සියලුම හර පද්ධතීන් විනාශ වෙමින් අභාවයට යමින් පවතින බව පෙනේ. එවන් සමයක මේ ඉරණමෙන් වැළකී සිටීමට නාට්‍යයට ද නොහැකිය. එම ආවේගී වාණිජත්ව රැල්ල නාට්‍ය කෙරෙහි ද බලපා ඇත.
මෑතක සිට හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් සීමා වූ නාට්‍ය බිහිවෙන්නට පටන්ගත් බව පෙනේ. පහත් රුචිකත්වය දැනවීමත්, ඒ තුළින් මුදල් ඉපයීමත් මෙම නාට්‍යයන් වේදිකාව කරා ගෙන ඒමේ පරමාර්ථ වී ඇත. විශේෂයෙන් රැල්ල, සාජන් නල්ලතම්බි, තොත්තබබාලා, නෝ ප්‍රොබ්ලම් ආදී නාට්‍ය මේ ගණයට අයත් නාට්‍ය හැටියට සැලකිය හැකිය.
මෙම නාට්‍යවලින් ඇතැම් නාට්‍යයක ඇත්තේ ආරම්භයේ පටන්ම අවසානය දක්වා ගමන් කරන එකම සිනා රැල්ලකි. ප්‍රේක්ෂකයාට එය නරඹා ධාරණය කරගත හැකි හරවත් සාරධර්ම පද්ධතියක් එයින් ප්‍රතිබිම්බිත නොවේ. නාට්‍ය පුරාම දුවන්නේ පහත් රුචිකත්වය නම් එයින් හරවත් නාට්‍යෝචිත හර පද්ධතියක් කිසිවිටෙකත් බලාපොරොත්තු විය නොහැකිය. මෙසේ පහත් රුචිකත්වය තුළින් වාණිජත්වයට නැඹුරුවූ නාට්‍ය තුළින් දක්නට ලැබෙන්නේ සිංහල වේදිකා නාට්‍ය කලාවේ පිරිහීමකි.
එසේ වුව ද 1921 වර්ෂයේ ආරම්භ වූ කොළඹ විශ්ව විද්‍යාලයීය කොලීජිය මගින් ආරම්භ කරන ලද ඉංග්‍රීසි නාට්‍ය සංගමය මගින් ඉංග්‍රීසි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කිරීමෙන් ඇරඹුණු ආදී විශ්වවිද්‍යාලීය නාට්‍ය වංශය 1923 වර්ෂයේදී ලංකා විශ්ව විද්‍යාලීය සිංහල ශාස්ත්‍රීය සමිතිය 1942 දී බිහිවූ ලංකා විශ්ව විද්‍යාලීය නාට්‍ය සංගමය, 1943 දී බිහිවූ විශ්ව විද්‍යාලීය සිංහල සමිතිය යන මේ අංශ මගින් නාට්‍ය වංශයේ පුනරාගමනයට ඉංග්‍රීසි සිංහල නාට්‍ය මගින් ඉටුකරන ලද සේවය ඉමහත්ය.
මේ අන්දමින් විවිධ ස්වරූපයෙන් නැගෙමින් වැටෙමින් ඉදිරියට ආ නූතන සිංහල නාට්‍ය වංශයට පණපෙවූ විදග්ධ විද්වත් නාට්‍යකරුවා ආචාර්ය සරත්චන්ද්‍රයන්ය. 1956 දී නිෂ්පාදනය කළ මනමේ නාට්‍ය තුළින් සරත්චන්ද්‍රයන් ඇතිකළ නාට්‍ය පුනරුදයේ නව ප්‍රවණතාවය තුළින් නූතන සිංහල නාට්‍ය කලාව තරමක් දුරට හෝ සුරක්ෂිතව පවතින බව කිව යුතුය.