1962 වර්ෂය වනවිට ස්වාභාවික නාට්‍ය කලාවෙහි සෑහෙන ඉදිරිගමනක් දක්නට ලැබුණි. මෙම නාට්‍ය ක්‍ෂේත්‍රය ජනප්‍රිය කරවීමෙහිලා නාට්‍ය ශිල්පි සුගතපාල ද සිල්වාගෙන් ලැබුණු පිටිවහල වඩාත් වැදගත් කොට සැලකිය හැකිය. විශ්වවිද්‍යාලීය ස්වභාවික නාට්‍ය කලාවට වඩා මෙකල යළි පුනරුත්ථාපනය වූ ස්වාභාවික නාට්‍ය කලාව වස්තු විෂයයන් අතින් පැහැදිලි වෙනසක් දක්නට ලැබුණි.
සෙසු ස්වාභාවික නාට්‍ය සංකල්පය තුළින් අපේක්ෂා කළේ. එදිනෙදා සංකීර්ණ ජීවිතයේදී නිරූපණයය. මෙම නිරූපණයන් දර්ශනය කළ ප්‍රේක්ෂක ජනතාවට එම නාට්‍ය මගින් තත්කාලීන සමාජය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගත්තේය. තට්ටු ගෙවල්, හරිම බඩු හයක් යන නාට්‍යයන් ස්වාභාවික (තාත්වික) නාට්‍ය ක්‍ෂේත්‍රයේ උසස් තැනක් හිමිකර ගත්තේය. සුගතපාල ද සිල්වාගේ හිරිම බඩු හයක් නාට්‍ය ස්වාභාවික ක්‍ෂේත්‍රයේ උසස්ම නිෂ්පාදනය විය.
ශෛලිගත තාත්වික මිශ්‍ර නාට්‍ය
1963 වර්ෂයේ දී නිෂ්පාදනය කරන ලද නාට්‍ය කීපයක් වඩාත් වැදගත් කමකින් යුක්ත විය. මෙම වර්ෂයේ දී දයානන්ද ගුණවර්ධන බක්මහ අකුණු නාට්‍ය, ගුණසේන ගලප්පත්ති දේවතා එළි නාට්‍ය, හෙන්රි ජයසේන කුවේණි යන නාට්‍යයන් වේදිකා ගත විය. මෙම හැම නාට්‍යයක්ම උසස් තත්වයේ නිෂ්පාදනයන් විය. මෙම නාට්‍යයන් නිෂ්පාදනය කරන ලද්දේ ශෛලිගත සම්ප්‍රදායයන් ස්වාභාවික සම්ප්‍රදායයෙන් සම්මිශ්‍රණය කර ගැනීමෙනි.
1964 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද නාට්‍ය අතර සුගතපාල ද සිල්වාගේ තට්ටු ගෙවල්, චන්ද්‍රසේන දසනායකගේ "හැමදා නියං" සහ "සක්කාය දිට්ඨි" හෙන්රි ජයසේනගේ "තවත් උදෑසනක්" ගුණසේන ගලප්පත්තිගේ "දෑස නිසා" ප්‍රේමරංජිත් තිලකරත්නගේ "වහලක් නැති ගෙයක්" නාමෙල් වීරමුනිගේ "විරුප රූප" මුදලිනායක සෝමරත්නගේ "ගිනිකඳු" යන නාට්‍යයන් සිංහල නාට්‍ය ක්‍ෂේත්‍රයේ ඉතා උසස් තැනක් ගන්නා නාට්‍ය හැටියට සැලකිය හැකිය.
1965 වර්ෂයේ දී සිංහල නාට්‍ය ක්‍ෂේත්‍රයේ වඩාත් වැදගත් නාට්‍ය කීපයක් නිෂ්පාදනය විය. සුගතපාල ද සිල්වාගේ "හරිම බඩු හයක්" එස්. කරුණාරත්නගේ "අකල් වැස්ස" සුනන්ද මහේන්ද්‍රයන්ගේ "ගැහැණියක්" යන නාට්‍ය එසේ නිෂ්පාදනය වූ වැදගත් ප්‍රවණතාවයක් ඇති කළ බව පෙනේ.
විවිධ සම්ප්‍රදායයන් ඔස්සේ නිෂ්පාදනය කළ නාට්‍ය
1966 වර්ෂයේ දී කලා මණ්ඩලය නාට්‍ය තරඟයක් සූදානම් කළේය. මෙම නාට්‍ය තරඟය සඳහා සුගතපාල ද සිල්වාගේ "හෙලේ නැග්ග ඩෝං පුතා" යන නාට්‍ය ද, ධම්ම ජාගොඩගේ "වෙස්මුහුණ" නාට්‍යය ද, ප්‍රේමරත්න තිලකරත්නගේ "අම්මයි අප්පයි" නාට්‍යය ද, සුනන්ද මහේන්ද්‍රයන්ගේ "සාගරයෙන් ආ කාන්තාව", ලූෂන් බුලත්සිංහලගේ "නොනිවෙන ගීත" ආදී වශයෙන් නාට්‍ය 18 ක් ඉදිරිපත් වී තිබුණි. මෙම නාට්‍ය දෙස බලන විට එය සිංහල නාට්‍ය ක්‍ෂේත්‍රයෙහි විවිධත්වයක් ඇතිකළ විවිධ සම්ප්‍රදායයන් ඔස්සේ නිෂ්පාදනය කරන ලද නාට්‍ය හැටියට සැලකිය හැක.
1967 වර්ෂයේ දී ගුණසේන ගලප්පත්තිගේ "ලියතඹරා" හෙන්රි ජයසේනගේ හුණුවටයේ කථාව, සුගතපාල ද සිල්වාගේ "නිල්කටරොල් මල", ඇම්.එම්. ගුණතිලකගේ "සක්කාය දිට්ඨි" යන නාට්‍යයන් ද 1968 වර්ෂයේ දී ආර්.ආර්. සමරකෝන්ගේ "ලෙඩක් නැති ලෙඩක්" නාට්‍යය ද, ආචාර්ය සරත්චන්ද්‍රයන්ගේ "මහාසාර" නාට්‍යය ද, ප්‍රේමරංජිත් තිලකරත්නගේ "කෝන්තරේ" නාට්‍යය ද, හෙන්රි ජයසංනගේ " අපට පුතේ මඟක් නැතේ" යන නාට්‍යය ද, 1969 වර්ෂයේ දී සුගතපාල ද සිල්වාගේ "හිත හොඳ අම්මණ්ඩි" යන නාට්‍යය ද, සරත්චන්ද්‍රයන්ගේ "පේමතෝ ජායතී සෝකෝ" නාට්‍යය ද, පතිරාජ එල්.එස්. දයානන්දගේ "කවුරුවත් එන්නේ නැහැ" නාට්‍යය ද, ෆීලික්ස් ප්‍රේමවර්ධනගේ "කළුවරේ ජරමරේ" නාට්‍යය ද, සිංහල නාට්‍ය කලා ක්‍ෂේත්‍රයේ වැදගත් තැනක් ගන්නා නාට්‍ය හැටියට සැලකිය හැකිය. මේ සෑම නාට්‍යයක් තුළින්ම නාට්‍ය නිෂ්පාදකයන් අපේක්ෂා කළේ සමකාලීන සමාජයේ විවිධ පැතිකඩයන්හි පැවැති දුර්වල අවස්ථා නිරූපණය කිරීමය.
නාට්‍ය කලාව දේශපාලන ක්‍ෂේත්‍රයට යොමුවීම
1970 න් ඇරඹෙන දසකය තුළ නාට්‍ය ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතා තත්වයක් ආරම්භ කර ව්‍යාප්තිය කරා ගමන් කළ කාල පිරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිය. නාට්‍ය කලා විචාරක මතයට අනුව මේ යුගය නාට්‍ය කලා ක්‍ෂේත්‍රය තුළ වඩාත් ප්‍රබෝධමත් වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. මෙය වඩාත් වැදගත් වූයේ මේ කාලයෙහි නාට්‍ය කලාව දේශපාලන ක්‍ෂේත්‍රය පසුබිම් කරගෙන නිෂ්පාදනය කිරීමය.
දේශපාලන නායකත්වය දේශපාලකයන්ගේ ක්‍රියා මාර්ග ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්ති සමාජය කෙරෙහි බලපාන ආකාරය, සමාජයේ පවතින ඇති නැති පරතරය කියාපාන පන්ති භේදය, අර්ථ ක්‍රමයෙහි පවතින අසමාන බෙදීයාම, කම්කරු පන්තිය දුක්විඳින ආකාරය, මේ ආදී දේශපාලනය සම්බන්ධ දහසක් සමාජ විෂමතා විවේචනයට භාජනය කෙරෙන අවස්ථා වේදිකාව මතින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම දේශපාලනය පසුබිම් කරගත් මෙම නාට්‍යවලින් පැහැදිලි වේ.
හෙන්රි ජයසේනගේ මන රංජන වැඩවර්ජන නාට්‍ය තුළින් වේදිකාව කරා දේශපාලනය ලංවී එහි උපරිම අවස්ථාව සුගතපාල ද සිල්වාගේ "දුන්න දුන්ගමුවේ" නාට්‍යයෙන් කුළු ගැන්වී තිබීම එම නාට්‍ය නිරීක්ෂණයට ලක් කරන විට මැනවින් පෙනී යයි.
මේ අතර සමාජයේ නැතිබැරිකම් පදනම් කර ගෙන තත්වය, නාට්‍ය තුළින් දේශපාලන මුහුණුවරක් වශයෙන් විග්‍රහ කර ඇති ආකාරය කියා පාන නාට්‍ය රාශියක් වෙයි. සාමාන්‍ය මිනිස් ජීවිතයේ ද්වන්දාත්මක ස්වභාවය පිළිබිඹු කළ නාට්‍ය හැටියට පහත සඳහන් නාට්‍යයෙන් දැක්විය හැකිය.
හෙන්රි ජයසේනගේ හුණුවටයේ කථාව, අපට පුතේ මඟක් නැතේ සහ මනරංජන වැඩ වර්ජන නාට්‍යයන් ද, වේහැල්ලේ පියතිලකගේ අපට පුතේ මඟක් ඇතේ නාට්‍යයන් ද, ප්‍රැන්සිස් වන්නි ආරච්චිගේ "කළොත් වර්ජන නොවෙයි මර්දන" යන නාට්‍යයන් ද, සයිමන් නවගත්තේගම ගේ සුභ සහ යස නාට්‍යය ද, ආර්.ආර්. සමරකෝන්ගේ අහිසින් වැටුණු මිනිස්සු නාට්‍යය , ඉඩම නාට්‍යය ද ආදී නාට්‍ය නිෂ්පාදනයන් කාලීන දේශපාලන ක්‍ෂේත්‍රය පදනම් කරගත් විවිධ තත්වයන් කරලිය මගින් නිරූපණය කිරීම 70 දශකයේ ඇරඹි අද දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බව කිව හැකිය.
මේ කාලයේදී ජනවාර්ගිකත්වයක් පැහැදිලි කරමින් නිෂ්පාදනය කළ නාට්‍යයක් හැටියට උතුරේ රාහුල හිමි නාට්‍ය ඉදිරිපත් කළ හැකිය. එමඟින් ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළේ දේශපාලන සමාජ හා ජාතික ගැටළුය.