නාට්‍ය සිද්ධාන්ත
 

නූතන සිංහල නාට්‍ය කලාවේ ආරම්භය ලංකා විශ්ව විද්‍යාලයයි. එහි පුරෝගාමි වූයේ දිවංගත ප්‍රවීන නාට්‍යවේදී ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ය. ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් පළමුව ශ්‍රී ලංකාවේ පැරණි ශාන්තිකර්ම පදනම කරගත් ගම්මඩු, දෙවොල් මඬු, කෝළම්, සොකරි, නාඩගම්, නූර්ති සහ ටවර් හෝල් යුගයේ නාට්‍ය කලාව පිළිබඳ මනා අධ්‍යනයක් කර ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්‍ෂේත්‍රයේදී තමන් ලැබූ අත්දැකීම් අනුව 1956 වර්ෂයේදී මනමේ නමැති ශෛලිගත නාට්‍ය එළිදැක්වීය. එය සිංහල නාට්‍ය කලාව ඉදිරියට ගැනීමේ ව්‍යාප්තිය හා සම්බන්ධ වූ නව යුගයක ආරම්භ විය. මනමේ නාට්‍ය දේශීය නාට්‍ය කලාව පිළිබඳව මනා අවබෝධයක් ලැබීමෙන් පසුව නිෂ්පාදනය කරන ලද්දකි. එය සිංහල නාට්‍ය ක්‍ෂේත්‍රයෙහි ප්‍රබුද්ධ කලා කෘතියක් බවට පත්විය.


නාට්‍ය සිද්ධාන්ත

සංස්කෘත නාට්‍ය කලාවේ අග්‍රගන්‍ය නාට්‍යකරු වූ භාරත මැතිවරයා විසින් නාට්‍ය කලාව පිළිබඳ සිද්ධාන්ත දෙකක් ඉදිරිපත් කරන ලදී. එය "නාට්‍ය ධර්මි" සහ "ලෝක ධර්මිය" නාට්‍ය ධර්මි වශයෙන් භාරත මුනි හඳුන්වනු ලද්දේ ශෛලිගත ක්‍රමයට සමීප හා ශෛලිගත නාට්‍යයයි. ලෝක ධර්මි යනු තාත්වික නාට්‍ය ක්‍රමයයි.

නාට්‍ය ධර්මි

යම්කිසි නාට්‍යයක කාර්ය, භව හා සංවාද තාත්වික ගුණය, ඉක්මවා සිටී ද? එසේම විචිත්‍ර ස්වරූපයෙන් නාට්‍ය ඉදිරිපත් කෙරේ ද එය "නාට්‍ය ධර්මි" නාට්‍ය සිද්ධාන්ත වෙයි. ඒ අනුව ස්වභාවිකත්වයෙන් ඈත්වූ නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විත ගීතවත් ස්වරූප දරණ ශෛලිගත නාට්‍ය මෙම නාට්‍ය ධර්මි නාට්‍ය සංකල්පයට අයත්වේ. (ලෝක ධර්මි යනු සාමාන්‍ය ස්වභාවිකත්වය පෙන්නුම් කරන තාත්වික නාට්‍යයයි)

ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නාට්‍ය ක්‍ෂේත්‍රයෙහි පිරිපුන් උගතෙකු වශයෙන් ලංකා විශ්වවිද්‍යාලය ද සම්බන්ධ කරගෙන නාට්‍ය නිෂ්පාදනයෙහි යෙදුණහ. එසේ නිෂ්පාදනය කරන ලද නාට්‍ය මනමේ නාට්‍යය මෙම නාට්‍ය නිසා ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයන් අතර පමණක් නොව නූගත් රසිකයන් අතර ද බෙහෙවින්ම ජනප්‍රිය විය. සරත්චන්ද්‍රයන් මනමේ නිෂ්පාදනය කළේ සින්දු නාඩගම ආභාෂය ලැබීමෙනි.

මනමේ නාට්‍යයෙන් පසු


මනමේ නාට්‍ය වේදිකා ගත කිරීමෙන් පසු සිංහල වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ කිසියම් පෙරලියක් ඇතිවිය. ඒ අනුව බොහෝ නාට්‍යකරුවෝ ශෛලිගත නාට්‍ය නිෂ්පාදනයෙහිලා පුරෝගාමි වූහ. 1956-60 අතර කාලය තුළ මේ නිසාම නාට්‍ය රාශියක් බිහිකිරීම නාට්‍ය නිෂ්පාදකයෝ සමත්වූහ.


මෙම නාට්‍ය ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ "රත්තරන්, හස්තිකාන්ත මන්තරේ, එලොව ගිහින් මෙමලොව ආවා, කඳාවළලු, වෙල්ලවැහුං" යන නාට්‍යයන් ද, ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු නාට්‍යය ද, පී වැලිකල ගේ රත්නාවලී නාට්‍යය ද, මැටි කරත්තය ද, ඩික් ඩයස්ගේ රීරියකා නාට්‍යය ද, දයානන්ද ගුණවර්ධනයන්ගේ ඇමති පට්ටම් නාට්‍යය ද, හෙන්රි ජයසේන ගේ ඇත්ත කුමක්ද, පව්කාරයෝ යන නාට්‍යයන් ද වැදගත් තැනක ලා සැලකිය හැකි ප්‍රමුඛස්ථානයක් ගත් නාට්‍යයෝ වූහ.

(c) Shilpa Sayura Foundation 2006-2017