සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයේ වැදගත්ම රංග ශාලාව ලෙස මරදානේ ටවර් හෝල් රඟහල ඉදිරිපත් කළ හැකිය. එම රඟහල 1911 වර්ෂයේ දෙසැම්බර් මස 07 වන දින අනගාරික ධර්මපාල තුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම රඟමඬල විවෘත කළේ චාල්ස් ඩයස් නාට්‍යකරුවාගේ "පණ්ඩුකාභය" නාට්‍ය කරලියට ගෙන ඒමෙනි. මෙම නාට්‍ය ඉදිරිපත් කිරීමෙහි ප්‍රධාන අරමුණ වූයේ සිංහලේ ශ්‍රී විභූතිය ගෙනහැර දැක්වීමටය.
ටවර් හෝල් රඟහල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව පුරා ක්‍රමයෙන් රංග ශාලා බිහිකිරීම ආරම්භ විය. මෙසේ රංග ශාලා බිහිවීම සිංහල නාට්‍ය කලා ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතාවයක් ඇති කළේය. මරදානේ එල්පින්ස්ටන්, වැල්ලවත්තේ ප්ලාසා, අම්බලන්ගොඩ සරස්වතී හෝල්, ගාල්ලේ පබ්ලික් හෝල්, මාතර ටවර් හෝල්, මහනුවර ඇම්පියර් හෝල්, මාතලේ ස්ටාර් හෝල්, බදුල්ලේ ට්‍රිපොලි හෝල්, එසේ ගොඩනඟන ලද රංග ශාලා අතර ප්‍රමුඛස්ථානයක් ගනී.
නාට්‍ය සභා ආරම්භ කිරීම
සිංහල නාට්‍ය ක්‍ෂේත්‍රයෙහි නව නැම්මක් ඇතිවෙමින් මෙසේ ඉදිරියට ගමන් කිරීමේදී තවත් රංග සභා රාශියක් බිහිවිය. එසේ ආරම්භ වූ නාට්‍ය සභා පහත දැක්වේ.
* මරදානේ ටවර්හෝල් රංග ශාලවේ බී.ජේ. පෙරේරා කලාකරුවාගේ - කොළඹ සිංහල නාට්‍්‍ය සභාව
* ජෝන් ද සිල්වාගේ - ග්‍රෑන්ඩ්පාස්හි - විජය රංග සභාව
* ජේ. පීටර් සිල්වාගේ - විපුජන රංග සභාව
* ජෝන් ද සිල්වාගේ - ග්‍රෑන්ඩ්පාස්හි - විජය රංග සභාව
* ජේ. පීටර් සිල්වාගේ - විපුජන රංග සභාව
යූ.ජී.ජී. අබේසේකරයන්ගේ - සරස්වතී නාට්‍ය සභාව එම රංග සභා අතර මුල් තැනක් ගත්තේය. මෙම රංග සභා ආයතන වලින් වෘත්තීය නළු නිළි කණ්ඩායම් බිහිවන්නට විය. එය නූතන සිංහල නාට්‍ය කලාවේ නව ප්‍රවනාත්මක ඉදිරි ගමනක් විය.
කැපී පෙණුනු නාට්‍ය රචකයා
කැපී පෙණුනු නාට්‍ය රචකයා
කොළඹ ටවර්හෝල් නාට්‍ය යුගයේ කැපී පෙණුන එක් නාට්‍ය රචකයෙක් විය. ඔහු නමින් මැන්දිස් පෙරේරාය. නාට්‍ය ග්‍රන්ථ 30 ඔහු විසින් ලියනු ලැබ ඇත. රජකථා, ජාතකකථා, ඉතිහාස කථා, ඔහුගේ නාට්‍ය රචනාවල මුල් තැනක් ගත්තේය.
"ටවර්හෝල්" යන්න සිංහල නාට්‍ය කලාවේ එක්තරා යුගයක් සඳහා යොදාගත් සංකේතයකි. මේ යුගයේ සඳහන් වන නාට්‍යවලට, මෙම රඟහල් රඟ දක්වන ලද නාට්‍යයන් සහ අවට රඟහල්වල රඟ දක්වන නාට්‍යයන් ද ඇතුළත් වන්නේය.
ටවර්හෝල් යුගයේ අවසානය
ටවර්හෝල් යුගයේ අවසානය
ටවර් හෝල් යුගය අවසාන භාගයේදී වඩාත් ජනප්‍රියත්වයට පත් නාට්‍ය කීපයක් විය. සිවම්මා ධනපාල විදු ජාතක නාටකය, ධර්මාශෝක, පෙරකදෝරු බෑණා, සුවිනීත භාර්යාව, පද්මාවතී ආදී නාට්‍ය මුල් තැනක් ගනී.
ටවර් හෝල් යුගය වශයෙන් සැලකිය හැකි වන්නේ 1911-1933 අතර කාලයයි. 1933 වර්ෂයෙන් පසුව මෙම රඟහල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා යොදාගන්නා ලදී. එතැන් සිට ටවර් හෝල් නාට්‍යකරුවන්ට අයහපත් කාලයක් උදාවිය.
ටවර්හෝල් සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වුණු සිරිසේන විමලවීර කලාකරුවා නාට්‍ය රාශියක් ඉදිරිපත් කරන ලදී. එම නාට්‍ය බටහිර සම්ප්‍රදායට වඩාත් සමීප විය. නැඹුරුව නිසා රස නිෂ්පත්තියට මුල් තැනක් නොලැබීමෙන් ප්‍රබුද්ධ රසිකයන්ගේ සිත් දිනා ගැනීමට එම නාට්‍යවලට නොහැකි විය.
ජෝන් ද සිල්වාගෙන් පසුව
ටවර්හෝල් සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වුණු සිරිසේන විමලවීර කලාකරුවා නාට්‍ය රාශියක් ඉදිරිපත් කරන ලදී. එම නාට්‍ය බටහිර සම්ප්‍රදායට වඩාත් සමීප විය. නැඹුරුව නිසා රස නිෂ්පත්තියට මුල් තැනක් නොලැබීමෙන් ප්‍රබුද්ධ රසිකයන්ගේ සිත් දිනා ගැනීමට එම නාට්‍යවලට නොහැකි විය.
ජෝන් ද සිල්වාගෙන් පසුව
ජෝන් ද සිල්වා නාට්‍ය කරුවාගෙන් පසුව ටවර්හෝල් සම්ප්‍රදාය තුළින්ම බිහිවූ බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න කලාකරුවා සිංහල නාට්‍ය සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කර ගැනීමෙහිලා සමත්විය. ඔහු තම නාට්‍ය නිෂ්පාදනයේ දී බටහිර සම්ප්‍රදායය ගරු කළ ද. ස්වභාවික ලෙස සමාජ කථා පුවත් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමට සමත්විය. මේ නිසා ඔහු අනෙක් නාට්‍යකරුවන්ට වඩා ප්‍රබුද්ධව ප්‍රේක්ෂක ජනයා අතරින් ඉදිරියට ගියේය.
ජයමාන්න නාට්‍යකරුවාගේ නාට්‍ය ක්‍ෂේත්‍රයෙහි සුවිශේෂත්වයක් විය. ඔහු සිය නාට්‍යයෙන් නාඩගම් හා නූර්ති ශෛලීන් ඉවත් කළේය. ස්වභාවික සම්ප්‍රදාය අනුගමනය කළේය. එය ඔහුගේ නාට්‍ය ඉදිරිපත් කිරීමේ විශේෂ ප්‍රවණතාවයක් විය.
ජයමාන්න නාට්‍යකරුවාගේ නාට්‍යවලට තේමා වූයේ ද සමකාලීන සිදුවීම්ය. එහෙත් එම නාට්‍ය වෙළඳ භාණ්ඩයක් බවට යටත් වූවා විනා හරවත් භාව්‍යකින් යුක්ත නොවීය. ජයමාන්න කලාකරුවාගේ නාට්‍ය ජනප්‍රියත්වයට පත්වූයේ විකට කතා, විහිලු තහලු පෙම් ජවනිකා හා ත්‍රාසය වැනි දේ එයට අන්තර්ගත කිරීම නිසාය.
ජයමාන්න නාට්‍යකරුවාගේ නාට්‍ය සංකල්පය ද ඉක්මනින්ම පරිහානියට පත්විය. බුද්ධිමත් ප්‍රේක්ෂක ජනයා මෙන්ම සාමාන්‍ය ප්‍රේක්ෂකයින් ද ඔහුගේ නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් විය. මෙයට මූලික හේතුවක් විය. එය මේ කාලය වන විට චිත්‍රපට කලඑළි දැකීමය. ඒ සමඟම ටවර්හෝල් නාට්‍ය යුගයද අභාවයට යන්නට විය. එය එසේ වුවද නූර්ති යුගයෙන් පසුව විශ්ව විද්‍යාල අවධියේ ඇති වූ නාට්‍ය කලාවේ පුනර්ජීවය නාට්‍ය රැකගැනීමට ටවර්හෝල් යුගයෙන් යම්කිසි පිටිවහලක් ලැබුණු බව කිව යුතුය.
ටවර් හෝල් නූතන යුගය
ජයමාන්න නාට්‍යකරුවාගේ නාට්‍ය සංකල්පය ද ඉක්මනින්ම පරිහානියට පත්විය. බුද්ධිමත් ප්‍රේක්ෂක ජනයා මෙන්ම සාමාන්‍ය ප්‍රේක්ෂකයින් ද ඔහුගේ නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් විය. මෙයට මූලික හේතුවක් විය. එය මේ කාලය වන විට චිත්‍රපට කලඑළි දැකීමය. ඒ සමඟම ටවර්හෝල් නාට්‍ය යුගයද අභාවයට යන්නට විය. එය එසේ වුවද නූර්ති යුගයෙන් පසුව විශ්ව විද්‍යාල අවධියේ ඇති වූ නාට්‍ය කලාවේ පුනර්ජීවය නාට්‍ය රැකගැනීමට ටවර්හෝල් යුගයෙන් යම්කිසි පිටිවහලක් ලැබුණු බව කිව යුතුය.
ටවර් හෝල් නූතන යුගය
1978 වර්ෂයෙන් පසුව රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍ය තනතුරට පත් වීමෙන් ටවර් හෝල් යුගය යළි පණගන්වන්නට හැකි විය. ටවර් හෝල් රඟහල සම්බන්ධකර සරසවිපාය ගොඩ නැඟීමෙන් පසුව යළිත් නැටුමෙහි සහ නාට්‍යයෙහි නවෝදයක් ටවර් හෝල් රඟහල සම්බන්ධකර ඇති කළේය.
අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් ටවර් හෝල් පදනම ආරම්භ කරන ලදී. එමගින් නාට්‍ය ක්‍ෂේත්‍රයේ ආධුනිකයන්ට මෙන්ම ප්‍රවීණයන්ට ද ඉමහත් සේවයක් නාට්‍ය කරණයේදී සහ වේදිකා ගත කිරීම්වලදී ඉටුවන්නට විය. එපමණක් නොව මෙම ටවර් හෝල් පදනම යටතේ ටවර් හෝල් යුගයේ සිට ආ වයෝවෘද්ධ කලාකරුවන්ට සහන සැලසීමේ ව්‍යාපාරයක් ද අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව අද මෙම රඟවල නව පණක් ලබා ඇත.