ටචර් හෝල් නාට්‍ය යුගය
 

සිංහල නාට්‍ය කලාව හා සම්බන්ධ නවතම ඉදිරිගමනක් ඇතිකරනු ලැබුවේ ටවර් හෝල් යුගය මගිනි. 1905 වර්ෂයේ මාර්තු මාසයේදී කොළඹ මරදානේ පැමිලියන් රඟහලේදී "සූරසේන හා චන්ද්‍ර" නමැති නාට්‍ය වේදිකා ගත කරමින් එම රඟහල ආරම්භ විය. එය ටවර් හෝල් නාට්‍ය ඉතිහාසයේ ප්‍රථම මූලික පියවර විය. මෙහි ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකර ඇත්තේ නාට්‍ය කලාකරුවෙකු වූ ආර්. ජෝන් පෙරේරාය.


ජෝන් පෙරේරා විසින් සිංහල නාට්‍ය කලාවේ ඉදිරි ගමන තහවුරු කරනු සඳහා සිංහල භාෂාලංකාර නාට්‍ය සභාව ආරම්භ කරන ලදී. මෙය ආරම්භ කරන ලද්දේ 1903 වර්ෂයේදීය. එම නාට්‍ය සභාව ආරම්භ කිරීමේ විශේෂිත අරමුණු මෙසේය.


* සිංහල භාෂාව නොදත් තරුණ තරුණියන්ට නාට්‍ය මගින් සිංහල භාෂාව පුහුණු කිරීම.
* භේද භින්න වී සිටි සිංහල සමාජය යථා තත්වයට පත් කිරීම.
* එමඟින් ජාතිකාභිමානය ගොඩනැංවීම


මෙම අරමුණු සාක්‍ෂ්‍යාත් කරගැනීම සඳහා ජෝන් පෙරේරා විසින් මාතලන් කතාව නිෂ්පාදනය කර පිටකොටුවේ ප්‍රයිස් පාර්ක් හි පිහිටි ඇම්පියර් නමැති ශාලාවේදී වේදිකා ගත කරන ලදී.

මේ කාලයේ සිංහල නෘත්‍ය සංගමයේ නිර්මාතෘ ලෙස පෙනී සිටි "බර්තොලමියුස්" තම නාට්‍ය කණ්ඩායම සමඟ 1904 දී නැව් නැග සිංගප්පූරුවේ නාට්‍ය සන්දර්ශනයක් සඳහා පිටත්ව ගියේය. ඔහු සමඟ නොගිය ඔහුගේ කණ්ඩායමේ සෙසු පිරිස ජෝන් පෙරේරාගේ සිංහල භාෂාලංකාර නාට්‍ය සභාවට එක්විය. එය ජෝන් පෙරේරාගේ බලවත් චිත්ත ධෛර්යයට හේතු විය.


ජෝන් පෙරඟරාගේ නාට්‍ය අතර මාතලන්, ධර්මිෂ්ට රජ, නල දමයන්ති, ඇහැලේපොල, සිරිසඟබෝ, උදුම්බරා, සෙලෙස්තිනා, ස්වර්ණතිලකා, රංගවල්ලී, සඳකිඳුරු, මනමේ ආදී නාට්‍ය කෘති උසස් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුවේය.


සිංහල නාට්‍ය ක්‍ෂේත්‍රය ඉදිරියට ගමන් කිරීමේදී බී.ජේ. පෙරේරා නාට්‍යකරුවාගෙන් ද මහත් පිටිවහලක් ඒ සඳහා ලැබුණි. ඔහු ද පැවිලියන් හෝල් නාට්‍ය පරපුරේ ප්‍රබල දායකයෙකු විය. ඔහු විසින් අලිබබා සහ හොරු හතලිහ, ඇලඩින් සහ පුදුම පහන, ස්වර්ණතිලක සහ රෝමියෝ ජුලියට්, ඔහුගේ නාට්‍ය අතර මුල් තැනක් ගත්තේය.

ප්‍රථම රඟහල

සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයේ ප්‍රථම රඟහල කොටුවේ රජමල් වත්තේදී 1876 වර්ෂයේ දී විවෘත කරන ලදී. එය ෆ්ලවර් හෝල් නමින් ප්‍රසිද්ධ විය. (කුසුම් ශාලාව) එම නාට්‍ය ශාලාවෙහි සී. දොන් බස්තියන් නාට්‍යයන් වේදිකා ගත කෙරෙන ලදී.

මෙයින් පසුව පිටකොටුවේ කුමාර වීදියේ සරස්වතී රඟහල ද, ප්‍රයිස පාර්ක් හි ඇම්පියර් නාට්‍ය ශාලාව ද මරදානේ පැවිලියන් රඟහල ද හුනුපිටියේ පබ්ලික් හෝල් රඟහල ද වශයෙන් ප්‍රධාන පෙළේ රංග ශාලා රාශියක් ක්‍රමයෙන් බිහිවන්නට විය.

(c) Shilpa Sayura Foundation 2006-2017