සිංහලයේ නාඩගම් සම්ප්‍රදාය 19 වන සියවසේ අවසාන භාගය වන විට ඉතාමත්ම දියුණු තත්වයක පැවතුණි. එය ඉහත සඳහන් කරන ලදී. 19 වන සියවස අවසානත් 20 වන සියවසේ මුල් භාගයත් සමඟම නඩගම් කලාව පිරිහෙමින් නාට්‍ය සම්ප්‍රදායක් එළිදකින්නට විය. එම නාට්‍ය කලාව හඳුන්වනු ලැබුයේ "නූර්ති" නමිනි.
"නූර්ති" යන වචනය සංස්කෘතික සාහිත්‍යයේ එන "නෘත්‍ය" යන වචනයෙන් බිඳී ආ එකකි. නෘත්‍ය යන වචනයේ ඉංග්‍රීසි අදහස තියටර් යන්නය. එය එදා සිංහල ගැමියන් උච්චාරණය කළේ "ටීටර්" නමිනි. ලංකාවේ නූර්ති කලාව ජනප්‍රිය වීමට හේතු වූයේ එයට පෙර මෙහි පැවති නාඩගම් කලාව සහ නූර්ති කලාව අතර යම් යම් වෙනස්කම් පැවතුණු බැවිනි. එම වෙනස්කම් අතර කීපයක් මෙසේය.
* නාඩගම් රඟ දැක්වූයේ පස් ගොඩගසා සකස් කරන ලද වේදිකාවක් මතය.
* නූර්තිය රඟ දක්වන ලද්දේ අංග සම්පූර්ණ වේදිකාවක් මතය.
* නාඩගම් රඟ දැක්වීම මුළු රාත්‍රිය පුරාම විය.
* නූර්තිය රඟ දැක්වීම මුළු රාත්‍රිය පුරාම විය.
* නූර්තියේදී අලංකාර වේදකාවක් විය.
* මනා වේෂ නිරූපණයක් විය.
* වේදිකා රංගාලෝක ක්‍රමවත් විය.
* නවීන උපකරණවලින් වේදිකාව සැරසිම.
* විචිත්‍ර දර්ශනවලින් නූර්ති වේදිකා පසුතලය අලංකාර විය.
* නූර්තිවලදී රංග භාණ්ඩ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින් භාවිතා කෙරිණ.
* නාඩගම්වලදී පිරිමින් පමණක් සිටියත් නූර්තිවලදී පිරිමින් මෙන්ම ගැහැණුන් ද නළු නිළියෝ වශයෙන් සිටීම.
* නූර්තිවලදී නළු නිළියන් අලංකාරයෙන් හැඳ පැළඳ සිටීම.
* නාඩගම්වලදී එසේ හැඳ පැළඳ නොසිටීම.
* සිත් ලත් උතුරු ඉන්දියානු කර්ණ රසායන සංගීතය නූර්ති වලට ලැබීම සහ නාඩගම්වලට එවැනි සංගීත නොලැබීම.
* නූර්තියේදී මිහිරි ගී තනු විනෝදාස්වාදයේ විචිත්‍රත්වය තහවුරු කිරීම සහ නාඩගමේදී එසේ නොවීම.
මෙකී කාරණා නාඩගම් ඉක්මවා නූර්ති කලාව ජනප්‍රියත්වයට පත්වීමට හේතුවිය.
නෘත්‍ය හෙවත් නූර්ති නමැති මෙම නව නාට්‍ය සම්ප්‍රදාය ලංකාවට ගෙන එන ලද්දේ ඉන්දියානු සංචාරක නාට්‍ය කණ්ඩායම් මගිනි. මේ කාලයේ ඉන්දියාවේ බොම්බේ ප්‍රදේශයේ සංචාරක තියටර් කණ්ඩායම පවත්වාගෙන යනු ලැබුවේ පාර්සි ජාතිකයින් විසිනි. ඉන්දියාවේ පදිංචි වී සිටි "බලිවාලා" නමැති පර්සි ජාතිකයාගේ ප්‍රධානත්වයෙන් බෝම්බායේ "ඇල්පින්ස්ටන්" තියටර් සමාගම ක්‍රියාත්මක විය. බලිවාලාගේ එම තියටර් කණ්ඩායම විසිවන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණ කොළඹ නගරාසන්නයේ සන්දර්ශන කීපයක් පවත්වා ඇත. ඔවුන් විසින් රඟ දක්වන ලද්දේ ඇලඩින්, හරිශ්චන්ද්‍ර, ඔතැලෝ, රොමියෝ ජුලියට් හා අරාබි නිසොල්ලාසයේ එන කථාය. මෙම අළුත් නාට්‍ය සම්ප්‍රදාය කෙරෙහි මෙරට ජනතාවගේ සිත් ඇදී ගියේය. ප්‍රේක්ෂකයාගේ සිත් මෙම සංදර්ශන නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් රංග කලා එදා පිරී ඉතිරී ගියේය.
ඉන්දියාවෙන් පැමිණි මෙම බලිවාලා කණ්ඩායම වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ උතුරු ඉන්දියා සංගීතය නිසාය. මෙම සංගීතය නව නාට්‍ය රසයෙන් ප්‍රේක්ෂකයා ශ්‍රාවකයා කුළුගැන්වීමය. ඔවුන්ගේ ගීත රචනා වූයේ සිංහල භාෂාවට සමානකම් ඇති ගුංරාටි සහ උර්දු භාෂාවලිනි. මේ නිසා මෙරට ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවට එම ගීත පහසුවෙන් ඉගෙන ගැනීමට ද හැකි විය. මේ නිසා ඉතා ඉක්මනින් එම උතුරු ඉන්දියා රාග තාලවලට සිංහල වචන යෙදීමෙන් නූර්ති ගී සිංහලෙන් ගායනය කිරීමට ඔවුහු සමත් වූහ.
උතුරු ඉන්දියා සංගීත ආභාෂය තුළින් ශ්‍රී ලංකාවට නාඩගම් ගීත තාල සහ සංගීතයට හැඬ ගැස්වීමට මෙරට කලාකරුවන් උත්සාහවන්ත වූහ. එසේම නාඩගම් කලාවේ ඇතැම් ලක්ෂණ වෙනුවට නූර්ති කලාවේ ලක්ෂණ ඇතුළත් කළහ. මේ නිසා පර්සිවරුන් මෙරට රඟ දැක්වූ නූර්ති ක්‍රමය අනුව මෙරට කලින් පැවති නාඩගම් පිටපත් සංස්කරණය විය. මෙම නාඩගම් නූර්ති සංධිස්ථානයේදී ඇතැම් නාට්‍යවල නාඩගම් හා නූර්ති ලක්ෂණ දෙකම අන්තර්ගත විය. මෙම පරිවර්තනීය ස්වරූපය නිසා සිංහලේ අංග සම්පූර්ණ (නූර්ති) නාට්‍ය කලාව කලඑළි දකින්නට විය. මෙම පරිවර්තන යුගයේ දී නාඩගම් කලාව නූර්ති කලාව බවට පත් කිරීමෙහිලා පුරෝගාමිව කටයුතු කළේ සී.දොන් බස්තියන් වියතාය.
සිංහල නාඩගම් කලාවේ මේ පෙරලිය ඇතිකරමින් "රොලීනා" නාට්‍යය නූර්ති ශෛලියෙන් ඉදිරිපත් කළේය. මෙයින් සිංහල නාට්‍ය කලාව නව මඟකට යොමු වූ බව නාට්‍ය විචාරක මතයයි. සිංහල නාට්‍ය කලාව මෙම නව සන්ධිස්ථානය සී.දොන් බස්තියන් විසින් ආරම්භ කරන ලද්දේ 1977 වර්ෂයේ අවසාන භාගය සහ 1975 මුල් භාගය අතරදීය. සිංහල නූර්තියට නව පනක් දෙමින් සී.දොන් බස්තියන් විසින් 1884 වර්ෂයේ දී සිංහල නෘත්‍ය සමාගම් පිහිටුවන ලදී. මෙම සමාගම පිහිටුවීම නිසා වෘත්තීය නාට්‍ය කණ්ඩායම් බිහිවන්නට විය.
නූර්ති කලාවේ නියම සිංහල ස්වරූපය ගත් ප්‍රථම සීජහල නාටකය සී.දොන් බස්තියන්ගේ රොමියෝ ජුලියට් නාට්‍යයයි.
එය වේදිකා ගත කෙරුණේත් 1884 දීය. මෙය ශෙක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් නාට්‍යයෙන් ගත් කථා ප්‍රවෘත්තියක් ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද්දකි. මෙයින් පසුව සී. දොන් බස්තියන් විසින් ප්‍රෝටියස්, සිංහබාහු, ස්වර්ණතිලක, දිනතර, රොම්ලින්, ලියොනයින්, එමිලින් ප්‍රැන්ක්ලෝ සහ ඉන්ගර්ලි ආදී නූර්ති ඉදිරිපත් කිරීමෙන් සිංහල නාට්‍ය කලාවට ඉටු කළ සේවය මෙතෙකැයි පමණ කළ නොහැකිය.
මෙසේ දියුණුවට පත් සිංහල නූර්ති කලාව කල් ගත වත්ම සමහර තත්වයට පත්වීම තුළින් එහි ඇදවැටීමක් සිදුවිය. එයට මූලික හේතුව වූයේ නාඩගම් නූර්ති බවට පත්විය. ඉංග්‍රීසි කතා නාඩගම් ආදිය අනුකරණය කිරීම්, රංග භූමියේ භාවිතා කළ වෛවර්ණ උපකරණ ඇඳුම් පැළඳුම් ආදියෙහි විශේෂතාවන්ය.
මෙයින් පසුව සිංහල නාට්‍ය කලාවට නව පණක් දීම සඳහා ඉදිරිපත් වූයේ ජෝන් ද සිල්වාය. ඔහු සිංහල නාට්‍ය කලාවේ සුවිශේෂ ස්ථානයක් හිමිකර ගත්තේය. ඔහුගේ නාට්‍ය කලාව රසිකයන් අතර රසවත්ය. දේශීය සංස්කෘතික පදනම් කරගත් දේශීය නාට්‍ය කලාවක් බිහිකිරීමට ඔහු උත්සාහ ගත්තේය. ජෝන් ද සිල්වාගේ ප්‍රථම නාට්‍ය "පරාභවය" නම් විය. එය ගද්‍යයෙන් රචිත නාට්‍යයකි. එහිදී සිංහල සමාජයේ ඉහළ පන්තිය ඔහු විසින් උපහාසයට ලක් කරන ලදී. ඔහුට අවශ්‍ය වූයේ විදේශීය ආභාෂයෙන් සංකර වී තිබුණු නාට්‍ය කලාවට දේශීය මුහුණුවරක් දී සිංහලයන් තු: ජාතික ආගමික හා දේශප්‍රේමි හැඟීම් වර්ධනය කිරීමය. දේශීයත්වය ආගමිකත්වය හා සිංහල ඉතිහාසය කෙරෙහි අවධානය යොමුකළ ජෝන් ද සිල්වා විසින් රත්නාවලී, දුටු ගැමුණු, සිරිසඟබෝ, අස්කොන්, ශ්‍රී වික්‍රම රාජසිංහ, වලගම්බා, අලකේශ්වර, පරංගි ගටන, වෙස්සන්තර, කුස ජාතකය, විදුර ජාතකය, සකුන්තලා නයනානන්ද, ඔතැලෝ, හැම්ලට්, වැනීසියේ වෙළෙන්ඳා, සුරාසොඬ, මරණානුස්මෘති ආදී නාට්‍ය නිෂ්පාදනය කර වේදිකාගත කරන ලදී.
නාට්‍ය තුළින් පවතින සමාජය සදාචාරාත්මක අංශයක් කරා ගෙනයාමේ අභිලාෂය ජෝන් ද සිල්වා මහතා ඒ නිසාම ඔහු සම්ප්‍රදායික බෞද්ධ කථාවස්තු, ලංකා ඉතිහාසය, චිරත්තන සාහිත්‍ය ආශ්‍රය කරමින් සහ කාලීන සමාජ අත්දැකීම් පදනම් කරගනිමින් නාට්‍ය නිෂ්පාදනය කළේය. ඒ අතර ඔහු ඉංග්‍රීසි නාට්‍යවල අනුවාද ද කරලියට ගෙන අවේය.

ජෝන් ද සිල්වාගේ නාට්‍යකරණයෙහි දක්නට ලැබෙන විශේෂත්වය මෙසේය.
* හුදු විනෝදාස්වාදයට පමණක් තම නාට්‍ය සීමා නොකිරීම.
* සිංහල සමාජයේ අබල තැන් විවේචනය කිරීම.
* උසස් පුද්ගලයන්ගේ අවිචාර අනුකරණ විවේචනයටත්, උපහාසයටත් ලක් කිරීම.
* සිංහල සංස්කෘතියෙහි හරවත් බව ඉස්මතු කර දැක්වීම.
* දේශාභිමානය සිය නාට්‍ය තුළින් ඉදිරිපත් කිරීම.
* සිංහල සමාජයේ අබල තැන් විවේචනය කිරීම.
* උසස් පුද්ගලයන්ගේ අවිචාර අනුකරණ විවේචනයටත්, උපහාසයටත් ලක් කිරීම.
* සිංහල සංස්කෘතියෙහි හරවත් බව ඉස්මතු කර දැක්වීම.
* දේශාභිමානය සිය නාට්‍ය තුළින් ඉදිරිපත් කිරීම.
ජෝන් ද සිල්වා නාට්‍යකරුවාගේ මෙන්ම සිංහල නාට්‍ය කලාවේ ඉදිරි ගමනට චාල්ස් ඩයස්ගෙන් ද විශාල මෙහෙයක් ඉටුවිය. ඔහුගේ නාට්‍ය නිෂ්පාදන අතර පද්මාවතී, කුසජාතකය, ඔතැලෝ, ශ්‍රී වික්‍රම රාජසිංහ යන නාට්‍යයන් වැදගත් තැනක් හිමිකර ගනී. ටවර්හෝල් රඟහලේ ප්‍රථමයෙන්ම වේදිකා ගත කරන ලද්දේ චාර්ල්ස් ගේ පණ්ඩුකාභය නාට්‍යයයි.