ආරම්භයේ සිට 16 වන සියවස දක්වා වර්ධනය වෙමින් ආ සිංහලේ දේශීය නැටුම්-කාව්‍ය නාඩගම් කලාව කෙරෙහි 16 වන ක්‍ෂේත්‍රය කෙරෙහි බලපාන්නට විය. එය එසේ කෝට්ටේ යුගයේ අවසාන කාල පරිච්ඡේදය ලෙස සඳහන් කළ හැකිය.
කෝට්ටේ යුගයේ අග භාගයේදී සීතාවක රාජ්‍ය විචාළ සීතාවක රාජසිංහ රජතුමා සිවාගම වැළඳ ගත්තේය. මේ රජතුමාගේ රාජ්‍ය උපදේශක අනුශාසකවරයා බවට පත්වූයේ ද්‍රවිඩ ජාතික ශිවාගමික පූජකවරයෙකු වූ රාධාරක්ෂය. මේ පූජකවරයාගේ ආරාධනයෙන් නරසිංහ නමැති කර්ණාටක සංගීතඥයෙක් ලංකාවට පැමිණියේය. මෙම සංගීතඥයා ප්‍රථමවරට ලංකාවට කර්ණාටක නෘත්‍ය (නාට්‍ය) ක්‍රමය ඉදිරිපත් කළේය.
මේ තත්වය මහනුවර යුගය වනවිට ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතියෙහි යම් යම් වෙනස්කම් ඇතිවෙමින් පැවතුණි. එයට මූලික හේතු වූයේ මහනුවර යුගයේ රජවරුන් ඉන්දියාවේන් බිසෝවරුන් ගෙන්වා ගැනීමය. මහනුවර යුගයේදී ඉන්දියාවත් ලංකාවත් අතර පැවති මෙම රාජ්‍ය මට්ටම විවාහ නිසා ලංකාවට පැමිණි ඉන්දියානු බිසෝවරුන්ටත් දේශීය සංගීතය ලබාදීම සඳහා ඉන්දීය සංගීතඥයන් වැඩි වැඩියෙන් ලංකාවට ගෙන්වා ගැනීම සිදුවිය. ශ්‍රී ලංකාවේ අන්තිම සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ද ඉන්දියාවෙන් බිසෝ කෙනකු විවාහ කර ගත්තේය. ඒ රජතුමාගේ බිසව ලංකාවට කැඳවාගෙන ඒමේදී ඇය සමඟ කර්ණාට දේශීය සංගීතඥයෙකු වූ අලගනායිදු ලංකාවට පැමිණියේය. අලගනායිදු ලංකාවේදී ඉන්දියාවේ සුප්‍රසිද්ධ නාඩගමක් ලෙස ජනප්‍රියත්වයට පත් හරිශ්චන්ද්‍ර නාඩගම ලංකාවේදී කීප විටක්ම කරලියට ගෙනාවේය.
මෙම හරිශ්චන්ද්‍ර නාඩගම දකුණු ඉන්දියාවේ තෙරුක්කුත්තු නාට්‍ය සම්ප්‍රදායට අයත් නාඩගමකි. මෙම හරිශ්චන්ද්‍ර නාඩගම ද්‍රවිඩ භාෂාවෙන් සම්පාදිතය. දෙමළ බසින් එය රචනා කරන ලද නමුදු එහි එන හරිශ්චන්ද්‍ර චරිතය ඉතාමත් ධාර්මිෂ්ඨ වූවක් බැවින් හා එය බෝධිසත්ව චරිතයකට සමාන වූ බැවින් සිංහල දේශීයයන් අතර ජනප්‍රිය වන්ට විය.
සිංහල නාඩගම් කලාවේ ආරම්භය

මෙම නාට්‍ය නැරඹූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත කර්මාන්තකරුවෙකු වූ පේදුරුසිංඤ්ඤෝ තම පුත්‍රයා වූ පිලිප්පු සිංඤ්ඤෝගේ ද සහාය ලබාගෙන දෙමළ බසින් තිබූ හරිශ්චන්ද්‍ර නාඩගම සිංහලට පරිවර්තනය කොට සිංහල හිරිශ්චන්ද්‍ර නාඩගම ප්‍රේක්ෂක ජනතාව සඳහා වේදිකා ගත කළේය. ඉන්දියානු නාඩගමක් සිංහල භාෂාවෙන් දේශීය නාඩගමක් ලෙස කල එළි දුටු ප්‍රථම අවස්ථාව හරිශ්චන්ද්‍ර නාඩගම සිංහල බසින් එළි දැක්වීම හැටියට සැලකිය හැකිය.
දෙමළ හරිශ්චන්ද්‍ර නාඩගම සිංහල හරිශ්චන්ද්‍ර නාටකය වශයෙන් වේදිකාගත කිරීමෙන් ලැබූ අත්දැකීම් වෙනුවට පිලිප්පු සිංඤ්ඤෝ අනතුරුව සිංහල දේශීය කථාවක් පසුබිම් කරගෙන තවත් දේශීය කථාවක් රචනාකොට සම්පාදනය කළේය. එය ඇහැලේපොල නාඩගම නමින් ප්‍රසිද්ධ විය. එය සිංහල නාඩගම නමින් ද ප්‍රචලිතය.
පිලිප්පු සිඤ්ඤෝ විසින් ඇහැලේපොල නාඩගම රචනා කිරීමෙන් පසුව තවත් නාඩගම් දහයක් පමණ නිෂ්පාදනය කිරීමෙන් පසුව තවත් නාඩගම් දහයක් පමණ නිෂ්පාදනය කිරීමෙන් ප්‍රසිද්ධ නාඩගම්කරුවෙකු වශයෙන් ජනප්‍රිත්වයට පත්විය. ඔහු සිංහලේ ප්‍රථම නාඩගම්කරුවෙකු වශයෙන් ජනප්‍රියත්වයට පත්විය. ඔහු සිංහලේ ප්‍රථම නාඩගම්කරු ලෙස ද සඳහන් කළ හැකිය. ඔහුගේ එම නාඩගම් අතර "සිංහවල්ලි, ශාන්ත ජෝශප්, හෙලේනා, විශ්වකර්ම, මාතලන්, රජතුන්කට්ටුව, සුසෙමු, ස්ථාක්ති" යන නාඩගම් මුල් තැනක් ගනී. පිලිප්පු සිංඤ්ඤෝ විසින් සිංහලේ නාඩගම් කලාවට කරන ලද සේවය අසීමිතය. ඒ නිසාම පිලිප්පු සිංඤ්ඤෝ සිංහල නාඩගම් කලාවේ පියා වශයෙන් හඳුන්වනු ලැබේ.