ආරම්භයේ දී කෝළම ශාන්තිකර්මවල එක්තරා සුවිශේෂ අංගයක් විය. එහෙත් කල්යත්ම කෝළම ශාන්තිකර්ම ක්‍ෂේත්‍රයෙන් ඉවත්ව සමාජ උපහාසාත්මක අංගයක් බවට පත්විය. මේ කෝළම පසු කාලයේදී උසස් සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගේ වෑරදි චරිතාංගයන් හෙවත් චර්යාවන් දෙස විචාරාත්මකව සිත් යොමු කරවන අංගයක් බවට පත්විය. ඔවුනගේ වැරදි ක්‍රියා කෝළම මගින් ඉදිරිපත් කළේ අපහාසයක් ලැබෙන ලෙස නොව උපහාසාත්මක තත්වයක් ඇතිකරමිනි. එය ඉදිරිපත් කළේ කලාත්මක උපන්‍යාසයක් රසයක් ජනනය වන ආකාරයෙනි. එයින් කුළු ගැන්වූයේ උපහාසාත්මක රසයයි.
විශේෂයෙන්ම මෙම කෝළම යොමුවූයේ සාමාන්‍ය පුද්ගලයන් මුල් කරගෙන නොව උසස් පන්තියේ පුද්ගලයන් සම්බන්ධ කරගෙනය. එයින් අපේක්ෂා කළේ උසස් නිලතල දරණ පුද්ගලයන් අතින් සිදුවන වැරදි කලාත්මක සහ සෞන්දර්යාත්මකව ප්‍රේක්ෂකයා ඉදිරියේ විවේචනාත්මකව සහ උපහාසාත්මකව තැබීමය. විශේෂයෙන්ම මෙම උපන්‍යාස මුදලි මුහන්දිරම්වරු, ආරච්චිවරු, ගම්මුලාදෑනීන්, පෝලිස්කාරයන්, ආණ්ඩුකාරයන් ගොදුරු කරගන්නා ලදී.
ආරච්චිල කෝළම
ලන්දේසි කෝළම
පොලිස් කෝළම
මුදලි කෝළම ආදිය එවැනි සෝපහාසාත්මක ස්‍යොත්පාදක කෝළම් වශයෙන් හැඳින්විය හැකිය.
කෝළම් චරිතාංග පිළිබඳව අවධානය යොමු කිරීමේදී වැඩවසම් යුගයේ සමාජ ක්‍රමය තුළ පැවති කුල ක්‍රමය උපන්‍යාසයට ලක් කරයි.විශේෂයෙන්ම ජසයා සහ ලෙන්චිනා කෝළම, විදානේ ආරච්චි කෝළම යන මේ කෝළම් ආශ්‍රයෙන් වැඩවසම් කුල ක්‍රමය උපහාසයට ලක්කර ඇති බව පෙනේ. මෙම උපහාසය මතු කිරීමේදී කෝළම්කරුවා ඒ සඳහා යොදාගත් භාෂා මාධ්‍යයක් විය. එය ගායනය කිරීමෙන් එම උපන්‍යාසාත්මක භාවය ඉස්මතුවී දිස්විය.
පොලිස් කෝළමෙහි,
මැලිස් නොමදන්නේ
පොලිස් පොල්ල ද අතට ගන්නේ
මිනිසුන් දුටු කලට
සරොසින් බලයි වට පිට
විදානේ ආරච්චි කෝළමෙහි,
කාරිය කරන මෙන
යමෙකු ලෙසින් දුව ගෙන
නසා දුප්පත් හැම
අසාධාරණ කරති නිතරම
කාරිය කරන මෙන
යමෙකු ලෙසින් දුව ගෙන
නසා දුප්පත් හැම
අසාධාරණ කරති නිතරම
මෙකී නිදසුන් වලින් එම සෝපහාසාත්මක බව හස්‍යෝත්පාද ජනනයෙන් හා වින්දනාත්මක රසාස්වාදයෙන් අවබෝධ කරගත හැකි වෙයි.
සොකරි නාඩගම
සොකරි නාඩගම සෞභාග්‍යය උදාකර ගැනීමට උපකාරවන ශාන්තිකර්මයක් බව කලා අංගය ප්‍රදර්ශනය කරනු ලබන පළාත්වල ගැමි ජනතාවගේ අදහසයි. විශේෂයෙන්ම උඩරට පළාත් වලත් වන්නිකරයේත් මෙම නාඩගම රඟදැක්වේ. සොකරි නාඩගම ගැමියන් අතරෙහි පවතින ගැමි නාට්‍ය විශේෂයක් බව ආචාර්ය සරත්චන්ද්‍රයන්ගේ මතයයි. ඔහු එය ඔහුගේ සිංහල ගැමි නාටකයෙහි සඳන් කර ඇත.
සොකරි නාඩගම සෞභාග්‍යය උදාකර ගැනීමට උපකාරවන ශාන්තිකර්මයක් බව කලා අංගය ප්‍රදර්ශනය කරනු ලබන පළාත්වල ගැමි ජනතාවගේ අදහසයි. විශේෂයෙන්ම උඩරට පළාත් වලත් වන්නිකරයේත් මෙම නාඩගම රඟදැක්වේ. සොකරි නාඩගම ගැමියන් අතරෙහි පවතින ගැමි නාට්‍ය විශේෂයක් බව ආචාර්ය සරත්චන්ද්‍රයන්ගේ මතයයි. ඔහු එය ඔහුගේ සිංහල ගැමි නාටකයෙහි සඳන් කර ඇත.
වඳ බව නැති කිරීම,
බෝවන රෝග වලින් මිදීම.
බෝවන රෝග වලින් මිදීම.
සශ්‍රීකත්වය අපේක්ෂා කිරීම, ආදිය සොකරි නාඩගම රඟ දැක්වීමෙහි මූලික අරමුණ වන්නේය.
සොකරි නාඩගමට තේමාව වී ඇත්තේ සොකරිය පිළිබඳ කථා පුවත මෙම නාඩගමෙහි ඉස්මතු වී යයි. පොතේ ගුරු විසින් කවි කියවාගෙන යද්දී සොකරිගේ නළු පිරිස එම කාලයට අනුව රංගනයෙහි යෙදෙති. එසේ රංගනයෙහි යෙදීමෙන් සොකරි නාඩගමේ දී නිරූපණය කරයි.