'අත් හැරෙන දීගෙ හෙවණැල්ලත් ඇඳලු'
යම් කිසිවක් අත් හැරීමට අවශ්‍ය වූ විට එහි නැති වැරදි පවා සොයන බව කියවේ.
'අත හයිය නම් බත වරදී ද?'
උත්සාහයෙන් වෑඩ කරන විට ආදායම නොවරදී.
'අණ කිරීමට වඩා පිළිපැදීම අමාරුය'
උපදෙස් දීම පහසු නමුත් ඒවා එසේ ම පිළිපැදීම අපහසු බව මෙයින් කියවේ.
'අඬුව තිබෙද්දී අත පුළුස්‌සා ගන්න එපා'
නියම ක්‍රමය තිබෙද්දී වෙනත් ක්‍රමයකින් යමක් කරන්නට තැත් කිරීම නොකළ යුතු බව හඟවයි.
'අඬන්න ඉන්නා විට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගෙයි'
කිසියම් දෙයක් කිරීමට ම බලා සිටින තැනැත්තෙකුට ඔහුගේ බලාපොරොත්තුව ඉටුවන පරිදි බැහැරින් යමක් සිදුවීම හඟවයි.
'අනුන්ට කැපූ වලේ තමන්ම වැටේ'
අන්‍යයන්ට කරන අවැඩකින් තමන්ටම හානි සිදුවීම.
'අටුවෙන් දුමට බැස්‌සා වාගේ'
විපතකින් පෙළෙන අයෙක් එයින් මිදීමට ගොස් ඊට වඩා විපතකට වැටීම හැඟවේ.
'අටුව කඩා පුටුව හැදුවා වාගෙයි'
සුළු ප්‍රයෝජනයක් ලබා ගැනීමට එයට වඩා විශාල දෙයක් විනාශ කිරීමේ දී මෙම පිරුළ යෙදේ.
'අත්තික්‌කා ගසේ මල් පිපුණා වාගෙයි'
පුදුම එළවන සිද්ධියෙන් ප්‍රකාශ කිරීමට යෙදේ.
'අට වම්බොටු නව සුංගම් අයකළා වගෙයි'
ගසේ හටගත් වම්බොටු ගෙඩි අටකට, ගෙඩි නවයක බද්දක් අය කිරීම හෙවත් කිසියම් දෙයක් පිළිබඳව පැහැදිලිවම අසාධාරණ ලෙස කටයුතු කිරීම හඟවයි.