නිශ්චිතාර්ථයක් හැඟවිය යුතු තන්හි උක්‌තයෙහි පුරුෂය, වචනය කුමක් උවත්, ආඛ්‍යාතයට පරව යෙදෙන "ව" ධාතුවෙන් සාදාගත් වර්ථමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන "වේ" යන රූපය යෙදේ.
නිශ්චිතාර්ථයක් හැඟවිය යුතු තන්හි උක්‌තයෙහි පුරුෂය, වචනය කුමක් උවත්, ආඛ්‍යාතයට පරව යෙදෙන "ව" ධාතුවෙන් සාදාගත් වර්ථමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන "වේ" යන රූපය යෙදේ.
මම ... යන්නෙම් වේද ? (සද්ධර්ම රත්නාවලිය)
තා සිතට සුවයක් නැත්තේ වේද ? (බුත්සරණ)
මෙවන් තන්හී කෘදන්ත රූපය යෙදේ, එවිට කතෘ අනුක්‌ත රූපයෙන් සිටී.
ගමට යන්නේ මමය.
ගමට යන්නේ නුඹය.
ගමට යන්නේ තෝය.
ආ වඩන්නෝ තෙපිය. (බහූ වචන රූපය)
තිබේ හා ඇත වියරණ රූපය යෙදෙන අයුරු
මිනිසුන් මෙහි වසන්නට ඇත.
ළමුන් අනුරාධපුර ගොස් තිබේ.
කවුරුන් හෝ මෙහි පැමිණ තිබේ/ඇත.
මෙහි මිනිසුන්, ළමුන්, කවුරුන් අනුක්‌තය
මිනිස්‌සු ....ඇත/තිබේ. ලෙස යෙදීම වැරදි වන්නේ මිනිස්‌සු යන පදය උක්‌ත වන හෙයිනි.