* පළමුව තෙරුවන් සහ සියළු දෙවියන් නැමදීම සිදුකරයි.
* දෙවනුව පොතේ ගුරු පැමිණ කෝළම් උපත අනුපිළිවෙළින් ඉදිරිපත් කරයි.
* මෙම කෘත්‍යයන් අවසන් වූ පසුව තුන්වෙනුව කෝළම් නළුවන් කරලියට පැමිණ රැඟුම් අරඹනු ලබයි.
* එහිදී සභාපති පළමුව සභාවට (කරලියට) පැමිණෙයි. මෙය කෝළම රැඟුමට පසු කලෙක එක් වූ චරිතයකි.
* සභාපති බස්තමක් අතේ ඇතිව තාලයට සභාවට පැමිණ පොතේ ගුරාගේ ගායන තාලයට නටා කරලියේ එකත් පසකට ගොස් සිටී.
* මේ සමඟම සබයට (කරලියට) පැමිණෙන්නේ සබේ විදානේය.
* සබේ විදානේ සහ සභාපති අතර මෙහිදී කතාබස් ඇතිවෙයි.
* මෙම සංවාදයේදී සබේ විදානේ අමතන සභාපති තවත් මෙහි පැමිණියේ නළුකීර්ති මහාරාජෝත්සවයාගේ ආඥාවෙන් බවත්, ඒ නළු කීර්තියට බරණැස් මහා රාජෝත්තමයාණන් එදින නාට්‍ය නැරඹීම සඳහා පැමිණෙන බවත්, එබැවින් උඩට උඩුවියන් පයට පාවාඩ සදමින් තොරණා ගෙඩි ගෙවල් සාදා රජතුමන් ගෞරවාදරයෙන් පිළිගැනීමට සූදානම් වන ලෙසත් දන්වා තාලයකට අනුව නර්තනය කරමින් කරලියට පිවිසෙයි.
* මෙයින් පසුව පොලිස් කෝළම කරලියට එයි. කළු කෝට් හැඳ කරලියට එන පොලිස් කාරයෝ මගින් බස් වීමක් ඇතිවෙයි. දෙදෙනා ගුටි බැට බෙදා ගනිති. අන්තිමේ දී එකෙක් තුවාල වෙයි. තුවාලකරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යාචාර්ය වරයා වෙත ගෙනයයි. ඒ සමඟම පොලිස් කෝළම කරලියෙන් ඉවත්ව යයි.
* අණබෙරකාරයාගේ බිරිඳ නොන්චි අක්කා
* විදාන ආරච්චිල
* ලියනප්පු හෙවත් කුමතේරු අප්පු
* අණබෙරකාරයා මහළු කුදු අයෙකි. ඔහු වේදිකාවට එන්නේ චුක්කිනියා සහ ඩුංගුරුවා යන දරුවන් දෙදෙනා සමඟය. මේ මහළු අණබෙරකාරයා කවි ගයමින් නටමින් සිටියදීම ඇදගෙන වැටෙයි. අණබෙරකරු ඇද වැටෙන්නේ තමන් පිස්සු බල්ලෙකු විසින් සපාකන ලද බව අභිනයෙන් දක්වමිනි.
මෙයින් පසුව වේදිකාවට එන්නේ ජස කෝළමය (පේඩි කෝළම). එම කෝළම හාස්‍යෝත්පාදකය. ජනයා රජගෙදරදී අල්ලා ගත්තාය. "පේඩ්" යනු රෙදි අපුල්ලන ජනයා හඳුන්වන නමයි. රෙදි පොදියක් රැගෙන වේදිකාවට එන ජසයා රෙදි ඇපිල්ලීමට තැනක් සොයමින් වේදිකාවේ ඒ මේ අත ගමන් කරයි. ජසයා මේ අවස්ථාවෙහි වේදිකාවට පැමිණියේ නළුකීර්ති බරණැස් මහා රජතුමා නාට්‍ය නැරඹීමට පැමිණෙන බැවින් උඩුවියන් බැඳ පාවාඩ දැමීමටය.
* මේ අතර මුදලි තුමා කරලියට පැමිණෙයි. මුදලි තුමා කරලියට පැමිණියේ සබේ විදානේ සහ ජසයා අතර පැවති අරගලය සමතයකට පත්කර රජතුමාගේ සම්ප්‍රාප්තියට කාලය ආසන්න බැවින් උඩුවියන් බැඳ පාවාඩ දමා සියළු කටයුතු කඩිනමින් ඉවර කරන ලෙස දැනුම් දෙයි. ජසයා සහ ලෙන්චිනා උඩුවියන් බැඳ පාවාඩ දමා කරලියෙන් පිටව යයි.
* මුදලි තුමා සමඟ වේදිකාවට පැමිණෙන තවත් චරිතයක් වෙයි. ඔහු හෙංචාය. හෙංචාගේ චරිතය ද ප්‍රේක්ෂක ජනතාවගේ හාස්‍යයට හේතු වෙයි.
* මෙයින් පසුව රජතුමා, බිසෝවරු, ඇමතිවරු (රජ කට්ටුව) කරලියට පැමිණෙති. පැමිණ අසුන්ගත් පසුව රජතුමා මුදලි අමතා බිසව කෝළම් නැටුම නැරඹීමට කැමති බව කියති.
* මෙහිදී මුදලි රංගනයට ආරාධනය කරයි. එම ආරාධනය පරිදි රත්න කූට, ගුරුළු, පූර්ණක, ගරාරාක්ෂ, මරුරාක්ෂ ආදී නැටුම්, රජ කට්ටුව සහිත ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරති.
* මෙයින් පසුව තවත් විවිධ කෝළම් රඟ දැක්වෙයි. මෙහිදී මනමේ සඳ කිඳුරු ආදී කතා පුවත් ද කෝළම් විලාශයෙන් රඟ දැක්වෙයි. මෙම කෝළම් රංගන සඳහා යොදාගත් වාද්‍ය භාණ්ඩය යක් බෙරය විය.
කෝළම් නැටුමෙහි චරිතාංග