සිංහල සමාජයේ ආදි යුගයේ සිටම ආදිකාලීන ජනතාව තමන් වෙත එළඹෙන විවිධ ආකාරයේ ලෙඩ රෝග, උපද්‍රව, ස්වභාව ධර්මයෙන් එළඹෙන උපද්‍රව ආදිය දුරුකර ගැනීම සඳහා විවිධ පුද පූජා ශාන්තිකර්ම කෙරෙහි විශ්වාස තැබූහ. එසේම තමන්ට ජීවත් වීම සඳහා අවශ්‍යවන බවබෝග සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා විවිධ ශාන්තිකර්ම ක්‍රියාත්මක කළහ.
ආදී මිනිසා හැමවිටම අදෘෂ්‍යමාන බලවේගවලින් තමන් වෙත විවිධ උපද්‍රව පැමිණිය හැකි බවත්, යක්ෂයින්, රාක්ෂයින්, දෙවියන්, ප්‍රේක්ෂකයින් හෝ වෙනත් අමනුෂ්‍යයින් එවැනි උපද්‍රව සලසන්නවුන් බවත්, විශ්වාස කළහ. මෙය ආදිකාලීන යුගයේ පමණක් නොව අද්‍යතන යුගයේදීත් බොහෝ දෙනා අතර පවතින විශ්වාසයක් ලෙස සැලකිය හැකිය.
මෙවැනි අමනුෂ්‍ය උපද්‍රවයන්ගෙන් මිදීම සඳහා ඔවුන් එබඳු අමනුෂ්‍ය බලවේග කෙරෙහි යොමුකළ මූලික පූජා විධි ක්‍රමයක් විය. එය හඳුන්වනු ලබන්නේ යාග හෝ බලි නමිනි. දේව බලි පවත්වනු ලැබුයේ දෙවියන් උදෙසාය. යක්ෂ බලි යක්ෂයන් සඳහා වූ අතර ප්‍රේත බලි මළගිය ඥාතීන් ප්‍රේතයන් වී සිටිතැයි යන විශ්වාසය මත සිට පවත්වන ලද පූජා විධි ක්‍රමයකි. මහා වංශයේ 10 වන පරිච්ඡේදයෙහි 86 වන ගාථාවෙන් පණ්ඩුකාභය රාජ්‍ය යුගයේදී "වාලවාමුඛි" ඥාතී යක්ෂණියක් සඳහා බලියාග පැවැත්වූ බව සඳහන් වේ. එසේම මහා වංශයේ 15 වන පරිච්ඡේදයෙහි 135 වන ගාථාවෙන් දේවතා බලි පැවැත්වූ බව සඳහන් වෙයි. ජාතක අටුවා පැවැත්වූ පුද්ගලයා හඳුන්වා ඇත්තේ "භූතවෙජ්ජ" යන නමිනි.
එය අද අපි භාවිතා කරන්නේ (යක්+ඇඳුරා) යකැඳුරා නමිනි. අදත් අපේ සමාජයේ යකැඳුරන් මෙම ශාන්තිකර්ම කිරීමෙහි නිරත වී සිටිති. අමනුෂ්‍යයෝ යකැඳුරන්ට බියවෙති. ඒ බව සද්ධර්මරත්නාවලියෙහි නාගසේන වස්තුවෙහි එන මෙම උපමාවෙන් තහවුරු වන්නේය. "යකැඳුරන්ට ළං වූ පිසාචයකුමෙන්" යනු එම උපමාවයි. එයින් පැහැදිලි වන්නේ යකැඳුරන්ට සමීපවූ අමනුෂ්‍යයා බියෙන් තැතිගැනීමෙන් හා වෙව්ලීමෙන් පසුවන බවය.

ආරම්භක සමාජයේදී බියෙන් තැතිගත් මනුෂ්‍යයෝ පර්වත, වන, ආරාම, රුක්, චෛත්‍ය, ගස් ගල් සරණ ගිය බව බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර ඇත. එම තත්වය අපගේ දේශයේ ආරම්භක සමාජවාදී නොතිබිණ3යි නොකිය හැකිය. එසේ බයෙන් තැතිගත් මිනිස්සු එම භයින් තැතිගැනීමෙන් ආරක්ෂාවීම සඳහා එවැනි මහා වෘක්ෂ, පර්වත ආදිය ආශ්‍රය කරගෙන ජීවත් වන්නේ යයි විශ්වාස කළ අමනුෂ්‍යයන් උදෙසා විවිධ ආකාරයේ බලි පූජා පැවැත්වූහ. කල් යාමේදී මෙමම බලි ක්‍රමය බලි යාග හෙවත් බලි තොවිල් බවට පත්විය.