අරුම පුදුම රටේ-පණමට පොල් හැටේ
 

'අබ කෑ මිනිහගෙ මොළේ දනවා'
කෙනෙකු වරද කළ බවට ඔහුගේ සදොස්‌ දන්නා බව ප්‍රකාශිතය.

'අපේ සල්ලි අපට ම ගහනවයි කිව්වා වාගේ'
තමන්ගේ උදව් ලබාගෙන කළගුණ නොතකා සතුරු ක්‍රියා කරන්නෙකු ගැන කෙනෙකුට මෙසේ කිව හැකිය.

'අන්ධයාට ලස්‌සන පින්තුරයක්‌ තෑගි කළා වගෙයි'
ලබන්නාට කිසිදු පලයක්‌ ගත නොහැකි තෑග්ගක්‌ දීම අර්ථවත් වන පිරුළකි.

'අනුන්ගේ මඟුල් ගෙදරදී ආදර බත් බෙදන්නා වගෙයි'
අනුන්ගේ වියදමෙන් තම හිතවතුනට සංග්‍රහ කිරීම වැනි ක්‍රියාවක්‌ ප්‍රකාශ වේ.

'අනම් මනම් දොඩවා මනම්-පනම් වහගන්නා වගෙයි'
වුවමනා නැති වල්පල් දොඩවා තමන්ගේ ඇද පළුදු වහගන්නා වගේ.

'අඳුනන බල්ලන් බුරන්නා වගෙයි'
අවදානමක්‌ පිටට පෙණුනත් ඒ ගැන බිය බියයුතු නැති බව පළවේ.

'අහසේ මාළිගා හදනවා වගෙයි'
නොකෙරෙන දේවල් ගැන කතා කිරීමකි.

'අතේ හකුරුත් පොලුත් ඇත්නම් කොයි ළිදෙත් වතුර ඇත'
අතේ මිල මුදල් ඇත්නම් කොයි වැඩෙත් කවුරුන් ලවා හෝ කරවා ගත හැකිය.

'අතු කඩා හොර කන්නා වාගේ'
යම්කිසි ආදායමක්‌ ගැනීමේ දී ආදායම දෙන දෙය බොහෝ විනාශ වන අයුරු ක්‍රියා කිරීම.

'අතරමඟදී අත්වැල කැඩුණා වාගෙයි'
ආධාර උපකාර මත යම්කිසි කටයුත්තක්‌ කරගෙන යන විට ඒ හැම හදිසියේම නැති වී අතරමං වීම හැඟවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017