'අන්දරේ සීනි කෑවා වගෙයි'
කපටි වැඩක් ගැන කතා කිරීමේ දී යෙදේ.
'අව්ව තිබෙන විට පිදුරු වේලා ගත යුතුය'
සුදුසු වේලාවේ දී ම නියමිත කටයුත්ත කළ යුතුය. වේලාව ඉක්‌ම ගියහොත්
අලාභ සිදුවේ.
'අලේට වඩා ලොකුයි වැල'
යම්කිසි ක්‍රියාවකින් ලැබෙන යහපතට වඩා අයහපත වැඩි බව දැක්‌වීමට කියන
කතාවකි.
'අළුගොඩට පිම්බා වගේ'
අනවශ්‍ය කරදර අවුස්‌සාලන මෝඩ ක්‍රියාවක් ප්‍රකාශ කෙරේ.
'අළුයට සැඟවුණු ගිනි පුපුරක් සේ'
කල් ගත වී ගියත් යළි යළිත් මතුවන ප්‍රශ්නයක් බව දැක්‌වීමට යෙදේ.
'අලුයමින් ම අවදිවන කුරුල්ලා පණුවන් අල්ලා ගනී'
යම්කිසි වැඩක පළමුවෙන් යෙදෙන්නා ජයග්‍රහණය කරයි.
'අළු කෙහෙල් නැත්නම් කළු කෙහෙල් වුණත් හොදලු'
සුදුසු ම දෙය නැත්නම් ඊළඟට හොද දෙයවත් ගැනීමට නුවණට හුරු ය.
'අලියෙකු නෙළුම් හුයකින් බැන්ද හැකිද'
නොකළ හැකි දෙයක් කරන්නට වෑයම් කිරීම අර්ථවත් කරයි.
'අලි විකුණලා බැරිවෙලා තම්පලා විකුණලා හැකිවේද?'
විශාල ව්‍යාපාරයක් සාර්ථක කරගන්නට නොහැකි වු කෙනෙක් සුළු ව්‍යාපාරයක්
සාර්ථක කරගන්නේ කෙසේද?
'අලි යන කපොලු තිබිය දී කුඹි යන තව් වහන්නා වාගේ'
ලොකු වැරදි තිබිය දී සුළු වැරදි හරි ගස්‌සන්නට යාම අදහස් කෙරේ.