ලී කෙලි නැටුමට පාදක වී ඇත්තේ පැරණි සටන් ක්‍රමයකි. දිගින් අඩි එක හමාරක් පමණ හා වටප්‍රමාණයෙන් අගලක් පමණ වන ලී දඩු දෙකක් අතින් ගෙන රඟ දක්‌වන නැටුමකි. මෙය බොහෝ ප්‍රචලිත ගැමි නැටුමක් වන අතර කිනම් හෝ ශ්‍රී ලාංකීය සංස්‌කෘතික අංගයක සුලභ නැටුම් ක්‍රමයකි.
කණ්‌ඩායමක් විසින් පවත්වනු ලබන මෙම නර්තනය තුල , ශිල්පියා තමා අතේ තිබෙන ලී පොලු එකිනෙක ගසමින් හා කණ්‌ඩායමේ අන් ශිල්පීන් ගේ ලී දඩු වලට පිලිවෙලින් ගසමින් ඉදිරිපත් කරයි. ලී කෙලි සඳහා විශේෂිත වූ කවි ගායනා කරමින් මෙම නර්තනය ගලා යයි.
රටලිම් ඇරලා
රටලිම් ඇරලා පටි ගෙන්නාලා
දඟරෙට දමලා ගොතන රඟේ
ලී ගෙන්නාලා දෑතට දීලා
පේළිය සැදිලා ගසන රඟේ
බෙර ගෙන්නාලා සරලන් දාලා
තාලෙ වදින කොට නටන රඟේ
මෙහෙමත් විස්‌තර බලන්න තිබුණද
පොර මඬලේ ලී කෙළිය වගේ
පඳුරෙන් ලී
එක පඳුරෙන් ලී සයක් කපා ගෙන
එක උස ඇති සදෙනෙක් තෝරා ගෙන
ගුරුන් අතට දී ලී බෙදවා ගෙන
අපිත් කෙළිමු ලී දෙපිල සැදී ගෙන
රටලිම් ඇරලා
රටලිම් ඇරලා පටි ගෙන්නාලා
දඟරෙට දමලා ගොතන රඟේ
ලී ගෙන්නාලා දෑතට දීලා
පේළිය සැදිලා ගසන රඟේ
බෙර ගෙන්නාලා සරලන් දාලා
තාලෙ වදින කොට නටන රඟේ
මෙහෙමත් විස්‌තර බලන්න තිබුණද
පොර මඬලේ ලී කෙළිය වගේ
පඳුරෙන් ලී
එක පඳුරෙන් ලී සයක් කපා ගෙන
එක උස ඇති සදෙනෙක් තෝරා ගෙන
ගුරුන් අතට දී ලී බෙදවා ගෙන
අපිත් කෙළිමු ලී දෙපිල සැදී ගෙන
![](/unidata/m82/5/4/9/mithila_p_785ic1.jpg)
![](/unidata/m82/5/4/mithila_p_785_33.le.jpg)
![](/sayura/images/logo2.png)