* මගුල් බෙර වාදනය
උඩරට නැටුමේ සෑම මංගල කටයුත්තක් ආරම්බයේම පැවැත්වෙන බෙර වාදනයයි. මෙම වාදනය තුනුරුවන් හා දෙවියන් උදෙසා කරනු ලබයි.
* අත්‍යා බෙර වැයීම
මගුල් බෙර වාදනයෙන් අනතුරුව එක් එක් වාද්‍ය ශිල්පීන් ගේ දක්‍ෂතාවන් එලි දැක්‌වීම සඳහා මෙම වාදනය පවත්වයි.
*යක් ඇනවුම නැටීම
මෙය කොහොඹා කංකාරියේ කෙරෙන පලමු නැටුමයි. සියලූම නර්තන ශිල්පීන් උඩරට වෙස් ඇදුමෙන් සැරසී මෙම නැටුම ඉදිරිපත් කරනු ලබයි.
* අස්‌නේ නැටීම
කුවේණී අස්‌නේ කවි ගායනා කරමින් කෙරෙන දීර්ඝ නර්තනයකි. නර්තන ශිල්පීන් සතු රංගන දක්‍ෂතා මනා ලෙස ඉදිරිපත් කිරීමේ අවස්‌තාවකි. ( කුවේණි අස්‌නයේ කවි පද පෙලක් )
* අයිලේ යැදීම
දේවාභරණ පුජාභාන්ඩ තැම්පත් කොට ඇති අයිලය ඉදිරියේ කෙරෙන මෙම යැදීම, කවි ගායනා හා බෙර වාදනයන් ගෙන් යුක්‌ත වේ. මෙය පවත්වන්නෙ වැදි යකුන් කංකාරි මඩුව වෙත ගෙංවීම සඳහාය.
* හත්පද පෙළපාලිය
කොහොඹ කංකාරියේ යොදාගන්නා පුජා භාන්ඩ වර්ග හතක් සදහා කෙරෙන නර්තනයකි. මෙම හත්පද නම්, බුලත් පදය, කොතල පදය, දුම්මල පදය, මල් පදය, සළු පදය, යහන් මුට්‌ටි පදය, පොල් පදය.
* ගුරුගේ මාලාව
මෙය ආරම්භයේ නාට්‍යමය ආකාරයෙන් පවත්වයි. පසුව නර්තනයෙන් අවසන් කරනු ලබයි.
* ආවැන්දුම නැටීම
ඉතා දීර්ඝ වූත් අලංකාර වූත් ශාස්‌ත්‍රීය නර්තනයකි, මෙය කංකාරිය කෙරෙන මැදියම් රැයේ කරනු ලබයි.
* යක්‌තුන් පදය
අයිලය ඉදිරියේ පවත්වනු ලබන වාදනයකි.
* දුනු මාලප්පුව
මලය රජුන් ඌරකුගේ වෙස්‌ගත් රාහූ අසුරයා පසුපස හඹායන ආකාරය පිලිඹිබු වන අයුරින් දුන්නක් අතින් ගෙන පවත් වන විශේෂ නැටුමකි.
* කෝල් පාඩුව
මෙය බොහෝ විට කංකාරියේ නර්තන කන්ඩායමේ ප්‍රධාන නලුවා විසින් කරන ඒකල නර්තනයකි. දේවායුදයක් හා පුවක් මලක් අතින් ගෙන අයිලය ඉදිරියේ රඟ දක්‌වනු ලබයි.
* කඩවර පිදීම
කඩවරයා පුදන ගායනාමය අංගයකි.
* මඩුපුරය සහිත මල් හත්පදය
පොල් මලක් අතින් අත මාරු කරමින් කෙරෙන නර්තන අංගයකි.
* හත් තාලය
කවි ගායන කරමින් කෙරෙන මෙම රංගනය අලුයම් කාලයේ කරන නර්තන අංගයකි
* දාන පහ
කවි ගායනා කරමින් රඟ දක්‌වයි. දාන පහ නම්, වැදි දානය, ඌරු දානය, දිවි දානය, පලවැල දානය, සුරභි දානයයි.
* කතා පහ
මෙයද කවි ගායනා සහිත නර්තනවේ. කතා පහ විජයරජ කතාව, කුවේනී කතාව, පඩුවස් කතාව, දඩුමොනර කතාව, සිතාපති කතාව.
* යක්‌කම් පහ
නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරන අංගයකි. යක්‌කම් පහ වන්නේ, ඌරා යක්‌කම, නයා යක්‌කම, වැදි යක්‌කම, දර්ශන යක්‌කම, සිතා යක්‌කමයි.
* මහා යාතිකාව
ආතුරයන් හෝ ආතුරයා යහන අභියසට ගෙන්වා ප්‍රධාන යක් දෙස්‌සා විසින් කරන කන්නලවුව මෙය වේ. මෙය ශාන්තිකර්මය අවසාන භාගයේදී පැවැත්වේ.
* ගබඩා කොල්ලය
මෙම අංගය දෙබස් සහිත නාට්‍යානුසාරයෙන් කරනු ලබයි.
* කොහොඹා හෑල්ල
කවි ගායනා කරමින් සිදුකරන නැටුමකි.
* මුවමල පිදීම
අයිලය පසුපස හිටුව ඇති මුවය සහිත කෙසෙල් ගසේ මුවයට විද කඩා දමා එම මුවය පතුරු කරයි. ඉන් අනතුරුව එය අයිලයට උඩින් වීසීකොට දුන්නද කඩා දමයි. මෙය ශාන්ති කර්මය හමාර කරන චාරිත්‍රයකි.
* හමාර පද නැටීම
ශාන්ති කර්මය කරවන ප්‍රධාන යක්‌දෙස්‌සා විසින් කරන ලද මෙම හමාර පදය අයිලය ඉදිරිපිටදී කරනු ලබයි. හස්‌තානුසාර නර්තනයක් වේ.