සාහිත්‍ය කෘතියක් ලෙස ඇගැයීමේ දී
 

සාහිත්‍ය කෘතියක් ලෙස ඇගැයීමේ දී චරිත නිරූපණයට ලැබෙන වැදගත්කම

ධර්මසේන හිමියන් සිය කතා පුවත් වඩාත් සාර්ථකව ඉදිරිපත් කිරීමේ දී චරිත නිරූපණය කෙරෙහි ද, දක්වා ඇත්තේ සුවිශේෂි අවධානයකි. එම චරිත යථා සමාජ ප්‍රතිරූපයන් මිස සුරාංගනා චරිත නොවේ. මේවා බොහෝමයක් සර්ව භෞමික මෙන් ම සර්වකාලීන අගයෙන් යුක්තය. තෝරා ගන්නා විවිධ චරිතවලට ම ආවේණික ගති ලක්ෂණ මැනවින් නිරූපිතය. තෝරාගත් චරිත ද ඒකාංගික ඒවා නොවන විවිධ පරාසයන් නියෝජනය කරන ඒවා ය. සර්ව මානුෂික සමාජය ම ඒවා තුළ අන්තර්ගත ය. ඒ අතර සංකීර්ණ මෙන් ම පැතැලි චරිතයන් ද පැවතීම සුලබ ය. පැවිද්දන්, රජවරුන්, රාජකීයන්, ගොවියන්, වඩුවන්, වැද්දන්, කුඹලුන්, මල්කරුවන්, සොරුන්, වෛශ්‍යාවන්, දුබලයන්, ප්‍රබලයන්, ලෙඩුන්, අසරණයන් ඈ දහසකුත් එකක් චරිතයන් කතා තුළ එයි. දුබල, ප්‍රබල, මෙන්ම යහපත් අයහපත් ගති ලක්ෂණ ද ගූඨ මෙන් ම විචෘත චරිත ලක්ෂණයන් ද ඒ අතර පවතී. ජීවන දුක් කම්කටොලු බාධක, වසංගත, සංහාරාදී සැවොම ඉන් නිරූපිතය.

ජීවන අත්දැකීම් වලින් ඌන වූ කිසාගෝතමියගේ දයාප්‍රේක්ෂා චරිතය ද, ධර්මසේන හිමියන් හොඳින් ඔප මට්ටම් කොට ඇත. බුදුරදුන් හා කෙරෙන සංවාදයේ දී ඒ බැව් ධ්වනිත වේ. අසරණ වූ ඇය කාගෙන් හෝ සරණක් අපේක්ෂා කරයි.

නූතන දියුණු සාහිත්‍ය කෘතියකට කිසි සේත් දෙවෙනි නොවන චරිත ද ඉතා සියුම් ලෙස නිරූපිත ය. ථුල්ලතිස්ස, පුතිගත්තතිස්ස, කුණ්ඩලකේසි වැනි චරිත නිදසුන් කළ හැකිය. නිර්දිෂ්ට කතා වලින් ගත් උපුටනයන්ගෙන් ඒ බැව් තව දුරටත් පැහැදිලි වේ.

"හඳනා පොරෝනා සිවුරු හා ලෙයෙන් වැනි පුස්ාකසිය පැණි කැවුම් සේ විය. ශිෂ්‍ය වහන්දෑන් බැලිය නොහී අත්හළ සේක. උන් වහන්සේ ද කිසි පිහිටක් නොමැතිව මඤවපරායනව හොත්ස සේක."

ගුරු-සිසු සබඳතාව පිය-පුතු සබඳතාවන් දක්වා වර්ධනය විය යුතුය. එහෙත් රුහිරු බැම්මෙන් තොර වූ විට නොහැකි අවස්ථාවේ ශිෂ්‍යයා, ගුරුවරයා අත හැර යාම සිදු වේ. එම සනාතනිකත්වය කෙළවර මඤචපරායන වීමය. පුතිගත්තතිස්ස හිමිගේ චරිතයෙන් ඒ පිණිවිඩය හොඳින් නිරූපිතය.

"පියාණන් වහන්ස බෙහෙත් දන්නෝ කවුරුන්දැයි විචාළෝය"

කුණ්ඩලකේසියගේ චරිතය ද ඊට නොදෙවෙනිව නිරූපිතය. ඇය සොරා පිළිබඳව සිතක් පහළ කර ගැනීමත්, ඒ ජය ගැනීමට යොදන උපක්‍රමත්, ලබා ගත්තායින් පසුව ඔහුගේ සිත ගැනීමට යොදන උපක්‍රමත් මනාව නිරූපිතය. වයසත් සමඟ පවතින යම් යම් චර්යා රටාවන්, අපේක්ෂාවන් හා ආශාවන් චරිතයෙන් හෙළි දැක්වෙයි.

"අපට අනික් කවුරුනුත් නොකැමෙත්තේ මුත් නොලදොත් මියමි"

සොරා ලබා ගැනීමට ඇති ස්ථීර අධිෂ්ඨානය ඉන් කියවෙයි. ඉල්ලීම් දිනා ගන්නා කුණ්ඩලකේසිය සිය ස්වාමිපුරුෂයාගේ සිත් ගැනීමට යෙදූ බොළඳ උපක්‍රම පෙන්වා දෙන්නේ මෙසේය.

"සිටු දුවණියෝත් එවක් පටන් ඔහු සිත් ගන්ට සව්හරණ ලා සැරසීගෙන .... සෝධවති නාවති."

"ස්වාමිනි, මාත් අභරණත් මුඹ සන්තක වුව, මරන්නේ හැයි ද? ආභරණත් හැරගත මැනව මා අතිනුත් මෙහෙ හැර ගත මැනැවැ."
"එක් සොළොස් ඇවිරිදි විතර වූ සිටු දුවනි කෙනෙක්....රූපත්ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලුවා සේ ලූහ"

ඇයගේ රූපත් බව, වයස, යෞවන ගති ලක්ෂණ, එ නිසා ම භෞතිකව හා මානසිකව සිරගත වීම පෙන්වා දෙයි.

"අපට අනික් කවුරුනුත් නොකැමෙත්තේ මුත් නොලදොත් මියමි"

සොරා ලබා ගැනීමට ඇති ස්ථීර අධිෂ්ඨානය ඉන් කියවෙයි. ඉල්ලීම් දිනා ගන්නා කුණ්ඩලකේසිය සිය ස්වාමිපුරුෂයාගේ සිත් ගැනීමට යෙදූ බොළඳ උපක්‍රම පෙන්වා දෙන්නේ මෙසේය.

"සිටු දුවණියෝත් එවක් පටන් ඔහු සිත් ගන්ට සව්හරණ ලා සැරසීගෙන .... සෝධවති නාවති."

"ස්වාමිනි, මාත් අභරණත් මුඹ සන්තක වුව, මරන්නේ හැයි ද? ආභරණත් හැරගත මැනව මා අතිනුත් මෙහෙ හැර ගත මැනැවැ."

එසේ බොළඳ සිතුවිලි ප්‍රකට කළ කුණ්ඩලකේසිය එක් වරම චරිත පෙරළියකයට ලක් වන අයුරු අපූර්ව ය.

"සිටු දුවණියෝත් තුන්විටක් පැදකුණු කොටලා....ගලින් හී මිය තෙමේ ම බිලි විය"

මතු නොව හොර චරිතය ද ඔහුගේ චරිත ලක්ෂණ මැනවින් මතුව එන ලෙස දක්වයි.

"මියැ මරා පියා මැගේ ආභරණ හැරගෙන රා බී...කවර දවසක්දෝ හෝ'යි"

කොතරම් සැලකිලි ලැබුවද සොරුන් සිත පවතින්නේ සොරකම කෙරෙහිය. එය කීප අවස්ථාවකම හොඳින් නිරූපණය කරයි. ඔහු තුළ පැවති උපක්‍රමශීලි ක්‍රියාපිළිවෙත.

"සොඳුර, මෙතැන් පටන් තොප හා මා හා යත් මුත්....දෙන්න පමණක් යම්හ"

යනුවෙන් පැහැදිලි කෙරෙයි. සොරාගේ මරණය සාධාරණීකරණය කිරීමට ද පැහැදිලි කාරණා පෙන්වා දෙයි.

කුම්භඝෝෂක සිටාණන්ගේ වස්තුවේ දී ද චරිත කීපයක් මැනවින් නිරූපණය කිරීමට සමත් වෙයි. ගැහැණියකගේ මායාකාරී ගති ලක්ෂණ, ඒවාට කුම්භඝෝෂක හසු වන හැටි, ඔහු දුරදිග කල්පනා කොට විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන අයුරු මේ කතා පුවතින් නිරූපිතය.

ඇතැම් නිරූපණ සරල-පැතලි බවක් ගත්ත ද කතුවර හිමියන්ගේ රචනා ව්‍යාපාරය දෙස බලන විට චරිත නිරූපණය ප්‍රතිභාපූර්ණව හා සාහිත්යිකව සිදු කොට ඇති බව පැහැදිලිය. ඇතැම් නිරූපණ විසින් බටහිර කෙටිකතාවේ ප්‍රශස්ත බවට සමීප වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017