සද්ධර්මරත්නාවලිය සාර්ථක කෘතියක් ලෙස අගය කිරීමේ දී අවධානය යොමු විය යුතු පැති කිහිපයකි. ඒ අතුරින් ප්‍රධානත්වයෙහි ලා සැලකිය හැක්කේ රත්නාවලීකාර ධර්මසේන හිමියන් විසින් අනුගමනය කෙරුණු රචනා රීතියයි. මේ රචනා රීතිය කතුවරයාගේ අභිමතාර්ථ සාධනයෙහි ලා ගැළපෙන ලෙස සකස් කර ගැනීම අතිශය වැදගත් ය.
"යම් කෙනෙක් නුවණ මදවත් කුසලච්ඡන්දය ඇති වැ ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දනැ පින්කමැ හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයනට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් වූ ප්‍රබන්ධයක් කරම් හ."
(සද්ධර්මරත්නාවලිය)
යථෝක්ත මුඛ්‍ය පරමාර්ථ පූරණයෙහි ලා උපයුක්ත ක්‍රියා මාර්ග කීපයකි. සුගම කතා ශෛලියක් කතා වස්තුව පුරා ම විසිරී පැවතීම එක් ලක්ෂණයකි. මෙම සරල වූත් සුගම වූත් ස්වභාවය අංග කීපයක් යටතේ විද්‍යමාන ය. කතා වස්තු නම් කිරීමේ දී ඒවා තෝරා ගැනීමේ දී, ධර්මෝපදේශය අවධාරණයේ දී, චරිත, සිද්ධි මෙන් ම අවස්ථා නිරූපණයේ දී ද ඒ සුගම බව අවධාරිත ය. ශ්‍රැති ගෝචර රටාව මෙන් ම ශ්‍රාවකයා පොදු ජනතාව වීම නිසා මේ සරල බව කෙරෙහි වඩාත් නැඹුරුවක් දැක්වූහ.
සරල බණකතා රීතියට එය අත්‍යවශ්‍ය ම අංගයක් විය. සමස්ත ග්‍රන්ථය පුරා ම නිදසුන් පැවැතිය ද උධෘත කරනුයේ උසස් පෙළ සඳහා නිර්දිෂ්ට කතා තුළින් ගත් කොටස් පමණී. බුදුරදුන් මූලික කාර්යයන් ටික සම්පූර්ණ කළ ආකාරය ඉතා සරලව ඉදිරිපත් කෙර්.
"සිට ලා පැන අත ගාලා පැන් හුණු වූ ක්‍රියාව දැන තෙරුවන් වහන්සේ වැඩහොත් තැනට වැඩ....රළු ව නොවියලෙන්ට ලවා ලූ සේක."
(පුතිගත්තසිස්ස තෙරුන්ගේ වස්තුව)
"සිටු දුවණියෝත් එවක් පටන් ඔහු සිත් ගන්ට සම්හරණ ලා සැරසීගෙන.....උපකාරත්
(කුණ්ඩලකේශිගේ වස්තුව)
"ස්වාමිනී, මෙතැනට එන කුඩා බාලයන් නවතාලන්ට අපට බැරිය. අවුත් අවුත් ලා මේ හැඳමට නැගී ලා මොළකම් කෙරෙහි"
(කුම්භඝෝෂක සිටානන්ගේ වස්තුව)
සමහර සිද්ධි, අවස්ථා හා පුද්ගල චරිත කිසියම් භාවාත්මක ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට ද යන්න දරා ඇත. දරු දුක දරාගත නොහී මළ දරුවා සුවපත් කරනට බෙහෙත් සොයා යන කිතා ගෝතමිය වෙත දයාව පෑ එක් නුවණැති පුරුෂයෙකුගේ වදන් විලාසය
"කුලුදුල් දරුවන් ම හෙයින් දෝ මුත් මළ දරුවන් නුදුටුවිරූ නියා ය.....ඔබ සියල්ලට බෙහෙත් දන්නා සේක. ඔබ ගොසින් විචාරව."
(කිසාගෝතමින්දැගේ වස්තුව)
"ඌ තුමූ බා ගොසින් ස්වාමීනි, මාත් ආභරණත් මුඹ සන්තකුවුව.... මරන්ට ම කත්පරව ගත."
"මෙවක් පටන් මුඹ වහන්සේගේ මා දැක්මකුත්, මාගේ මුඹ වහන්සේ දැක්මකුත් නැතැ'යි ....හෙතෙම කඩ කඩ ව ගලින් හී මිය තෙමෙ ම බිලි විය."
(කුණ්ඩලකේශිගේ වස්තුව)
මෙලෙස කුණ්ඩලකේශිගේ සිත මුලින් කිවූ භාවාතිශය ගතියත් පසුව එම සිතම වෙනත් භාවයන්ගෙන් අන්තගාමී වූ අයුරුත් මනාව නිරූපිතය.
බොහෝ දෙමාපියන් තම දරුවන් ඉදිරියෙහි අතිශය භාවාත්මක ය. ඔවුන්ගේ අභිමතාර්ථ සාධනය ම පතනි. කුම්භඝෝෂක කුඩා පුතුට ද අභිවාතක නම් රෝගයෙන් වේදනා විඳින අතරම ය. ඒ වේදනාව තව තවත් දියුණු තියුණු වන්නේ පුතුට ද තමන් දමා පලා යන ලෙස උපදෙස් දීමෙනි. කඳුළු පිරි නෙත් මේ භාවාත්මක හැඟීම් තවදුරටත් සංකේතවත් කෙරෙයි.
"එකල්හි ද එපරිද්දෙන් ම අභිවාතක රෝගය සියල්ලවාන්ට පසුව....බිඳගෙන ගියා ද ජීවත් වෙති."
(කුම්භඝෝෂක කථා වස්තුව)
සිය රචනා රීතිය පෝෂණයෙහි ලා උපමා රූපක ප්‍රස්ථාව පිරුළු, ආප්තෝපදේශ වැනි අංශයන් ද බෙහෙවින් යොදාගෙන ඇත.
(මේ පිළිබඳව වෙන ම අංකයක සාකච්ඡා කෙරේ.)
කිව යුතු දේ සුළු දෙයක් වුවත් එය වර්ණනාන්විතව සිත් කාවදින අයුරින් ඉදිරිපත් කිරීමට උපමා රූපකාදිය භාවිත කර ඇත. ජීවිතයේ අස්ථිර බව කියා පැමට පුතිගත්තතිස්ස හිමිගේ කතා වස්තුවේදී අවශ්‍ය වී ය. ඒ බැව් උපමා මාලාවක් යොදා ගනිමින් පවසන්නේ මෙසේ ය.
"තව ද ජීවිතය විදුලියක් මෙන් චිරස්ථිතික නො වන නියාව ද, හවුරුදු අසංඛ්‍යයක් සිටියත් ....දක්වන්නමෝ පුතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු"
(පුතිගත්තතිස්ස තෙරුන්ගේ වස්තුව)
එහි ම ඒ හිමියන්ගේ රෝගය උත්සන්න වූ අයුරු දැක්වීම ද අතිශය සකසුරුවම්ය.
"හබ සා විතර සීන් කස් ඇති ව ලා ....සිඳුරු විසිඳුරු වී ය."
(පුතිගත්තතිස්ස තෙරුන්ගේ වස්තුව)
ධර්මසේන හිමියන් සිය වාක්‍ය නිර්මාණකරණයෙහි ලා දක්වා ඇති රටාව ද රචනා ශෛලියේ විවිධතාවක් පෙන්නුම් කරයි. වරෙක කෙටි වැකි ද, වරෙක දීර්ඝ වැකි ද, වරෙක සරල වැකි ද, වරෙක දීර්ඝ වැකි ද, වරෙක ගැඹුරු පණ්ඩිතප්‍රිය වැකි ද, යොදමින් සිය රචනා ශෛලිය පෝෂණය කරගෙන ඇත. යොදාගත් වැකි නිසා රචනා රීතියේ පවතින ජංගමශීලී බව හොඳින් රැකී ඇත. එහි සජීවි මෙන් ම ගලා යන ගතියට එය කදිම පිටුබලයක් විය.
"බොහෝ දෙනා ගිය කල කසලත් කෙරෙති....ඒ ගලටත් එක් දිසාවෙකින් මිනිසුන් නැගෙති."
(කුණ්ඩකේසිගේ වස්තුව)
මෙවැනි කෙටි වැකි දස දහස් ගණනින් ග්‍රන්ථය පුරා ම දැකිය හැකිය.
"එකල ශරීරය අති දුර්වල හෙයින් නමින් කිසාගෝතමි...ගතමනා දෙය වේද ය"
(කිසාගෝතමීන්දෑගේ වස්තුව)
මෙවැනි දීර්ඝ වැකි දස දහස් ගණනින් ග්‍රන්ථය පුරා ම දැකිය හැකිය.
"එකල ශරීරය අති දුර්වල හෙයින් නමින් කිසාගෝතමී......ගතමනා දෙය වේද ය"
(කිසාගෝතමීන්දෑගේ වස්තුව)
මෙවැනි දීර්ඝ වැකි මෙන් ම හෙළු වදනින් සපිරි වැකි සඳහා ද ප්‍රමුඛත්වයක් දෙයි.
"ගල් පාමුලට ගිය කලට සොඳුර මෙතැන් පටන් තොප හා මා යති මුත්....කසලත් කෙරෙති."
(කිසාගෝමීන්දෑගේ වස්තුව)
මෙවැනි තත්සම වචන බහුලව යෙදුණු අවස්ථා විශාල ප්‍රමාණයක් සද්ධර්මරත්නාවලිය පුරා ම දක්නට ලැබේ.
ජාතක කථා, වෙනත් ධර්ම කතා ආදිය උද්ධෘද කොට දැක්වීම ද රචනා රීතියේ විශේෂයකි. පිළින්දිවච්ඡ හිමිගේ කතා පුවත යොදා ගැනීම ඊට නිදසුන් ය.
"අතට අර ගත්තා ම පිළිවන්දිවච්ඡ සාමීන්ගේ .....කුසලානුභාවයෙන් රත්රන් වී ය.
(පුතිගත්තතිස්ස තෙරුන්ගේ වස්තුව)