ස්වභාව සෞන්දර්ය වර්ණනාවන්ට මෙන් ම පුද්ගල වර්ණනා කිරීමට ද සැළලිහිණි කවියා වෙසෙස් සමත් කමක් දක්වයි. විමසන්න.
* සැළලිහිණි සන්දේශයේ එන ස්වභාව සෞන්දර්ය වර්ණනාවන් කරුණු කිහිපයක් නිසා විශේෂිත වෙයි.
1. වෙනත් බොහෝ අවස්ථාවල සන්දේශ කවීන් අව්‍යයෙන්ම පරිසර වර්ණනාවන්ට රුචි කරන්නේ පාරිසරික නැඹුරුව නිසාවෙනි. නිදසුනක් සේ ගන්නා කල හංස කවියා වෙසෙසින් පරිසර වර්ණනාවන්ට නැඹුරු වන්නේ එ තුමා වනවාසිව පරිසරය හා ආත්මීය බැඳීමකින් හුන් හිමිනමක් වූ හෙයිනි. එසේ නම් ජයවර්ධන පුරයෙහි රාජත්වය හා සමීපව වෙසෙමින් නාගරික කෘත්‍රීම බව බහුලව අත්විදි සැළලිහිනි කවියා රමණීය වර්ණනා කරන්නේ කෙසේද? මූලික ම හේතුව නම් කවියා සෞන්දර්යවාදී කවියෙකු වීම ය. දෙවැන්න, ගම වේවා නගරය වේවා ඒ තුළ වූ ආනන්දනීය වින්දනය උකහා ගන්නට අවැසි සුපහන් චින්තනයක් කවියා සතු වීම ය.
සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති (8)
සිහිල් සපු සුවඳ ගෙන එන උයන්වල (11)
සන්නන් සිහින් ගෙඳි සෙවණැලි වැලි තෙලෙන (28)
අග පිපි මල් මලිගිය ලිය කැලේයා (30)
සල් සපු කීණ දොඹ රෑ රඟ නා මිදෙලි (43)
2. සන්දේශ සම්ප්‍රදාය අනුව මාර්ග දේශාදි වර්ණනයන් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වන හෙයින් සැළලිහිණිය තුළ ද පරිසර වර්ණනා ගැබ් වීම ස්වභාවිකය. එහෙත් කවියා කරන සෞන්දර්ය වර්ණනය වූ කලී තමා ලත් ආහ්ලාදය අව්‍යාජ ලෙස ප්‍රකාශ කරන්නෙකි.
නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ (32)
මග නිලමින් සිටි නා දොඹ නී පියල (35)
වනසිරි පියුම් රා බඳ රන බරණ යුරු (37)
පත් ගන පුල්මල් දොඹ තුරෙක පියකරු (41)
3. හුදෙක් අතිශයෝක්තියෙන් මිදී තමා විඳි අනුභූතියෙහි තථ්‍ය ස්වරූපය නැතහොත් ස්වභාවෝක්ති ප්‍රකාශනය සියලු තැන් පරදවා පෙරට එන්නේ ස්වභාව සෞන්දර්ය වර්ණනා තුළ දී ය.
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් (21)
අග පිපි මල් මලිගිය ලිය කැලේයා (30)
මල් දම් සුවඳ දුම් දුන් සොද වරලසිනි (33)
මග නිලමින් සිටි නා දොඹ නී පියල (35)
රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී (36)
අවට සුපිපි සසු දුනුකේ සලළාන (40)
සල් සපු කීණ දොඹ රෑ රඟ නා මිදෙලි (43)
4. සැළලිහිණි කවියාගේ පරිකල්පන හැකියාවක්, ප්‍රතිභාවන් වඩාත් පැහැදිලි වන්නේ ස්වභාව සෞන්දර්ය වර්ණනා තුළ දී ය.
- වලඳින අදහසින් මෙන් සුරඟන අඟන (27)
- බන්නේ මරා මිණි දුල පබළු මුතුපට (38)
- වඳිමින් සවස නල හැසිරෙන දිගතුවල (48)
- උඳුල සොමි කැලුම් නිසයුරු හිමි පුවළ (51)
* පුද්ගල වර්ණනා කිරීමට ද සැළලිහිණි කවියා විශේෂ සමත්කමක් දක්වයි. මෙසේ වර්ණනාවට ලක්වන අය අතර සන්දේශ භාරක සැළලිහිණියා, පරාක්‍රමබාහු නිරිඳු, උලකුඩය දේවිය, නන්නුරුතුනයා මැති, විභීෂණ සුරිඳු, සෙසු කාන්තාවන්, පුරුෂයන් වැන්නවුන් ඇතුළත් ය.
* මෙම පුද්ගල වර්ණනාවන්හි විශේෂතා කිහිපයකි.
1. කවියා අදාළ පුද්ගලයන් වර්ණනා කරන්නේ ගෞරව පූර්ව චින්තනයකිනි. මේ හේතුවෙන් අප තුළ ද නිසඟ භක්තියක් ඇති වේ.
- උනු නොව බරණ සිවු සැට වොටුනුන් පැළැඳ (20)
- පරිසර සුනෙර තද තෙද දිමුතු දිවයුර (94)
- රජකුල සුපුල් විල රජ හස වන් සරන (95)
- ගරුතර නන්නුරු තුනයා නමැති මැති (96)
- රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැද (97)
- මිහිර තෙපල තන්වැසි කිවිකම් පුරුදු (102)
2. කවියා මැළිකමකින් තොරව පුද්ගල රූප සෞන්දර්ය වර්ණනා කරයි. එකී වර්ණනා විසින් ඔවුන්ගේ රූප ශ්‍රීයාව විඳුවීමෙහි පාඨකයා ලග්න කරවීමට සමත් වෙයි.
- පුල් මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග (2)
- ලප නොම වන් සඳ මෙන් සොමිගුණ ගිහිණි (37)
- සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින (13)
- රිවි බිම්බා යුරු රිවිකුල කමලකර (19)
- සුනිලේ පැහැය හැර සුදු වනුය ගන වෙලේ (79)
- රුවිනේ උතුම් එසුරිදු මිණි ඊල මෙනේ (80)
- සිරිසර හිඟුල් විල සේ හස වැළෙව් ගන (84)
- කනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති (85)
- පානා සෙනේ සුසිනිඳු මඳලස බැල්ම (86)
- ලකළු පුළුලුකුළු වටබිම් එසුරවිරු (87)
- රජකුල සුපුල් විල රජ හස වන් සරන (95)
- සත නෙත දුන් රුසිරු රස අඳුන් වන (99)
3. කවියා පුද්ගල රූපශ්‍රීයාව මෙන් ම සාධු ගුණ සමුච්චය ද අභිරුචියෙන් වර්ණනා කරයි. සන්දේශය තුළ එන විශේෂිත අයවලුන් පිළිබඳ ගෞරවනීය හා භක්ත්‍යාදර ආකල්පයත්, ආදරයත් පාඨකයා තුළ ජනිත වෙයි.
- මිතුරු තුමෝ දුක් සැප දෙකෙහිම පැවැති (4)
- පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා (7)
- ලෙව් හට තමන් නම කිව රිසි දෙන විසිනි (90)
- මන් පිනවන යස තෙද නැණ විපුල (91)
- තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු (92)
- තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුර (94)
- රජකුල සුපුල් විල රජහස වන් සරන (95)
- රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැද (97)
- හළ දුසිරි දැන තෙවළා මුනිදු බණ (8)
- සිරිසඳ වන් සව්සිරි දියුණුව රඳන (100)
- යෙහෙළින් කෙරේ සකි සැප සමඟ සිත් මේ (101)
- මිහිරි තෙපල තන්වැසි කිවිකම් පුරුදු (102)
4. සැළලිහිණි කවියා කරන පුද්ගල වර්ණනා හුදෙක් නීරස හෝ අතිප්‍රමාණ නොවේ. මීට හේතුව වන්නේ අදාළ වර්ණනා බෙහෙවින් සංක්‍ෂිප්ත වීමයි. දූතයා, පරාක්‍රමබාහු රජු, උලකුඩය දේවිය, නන්නුරුතුනයා මැති ආදීන් වැනීමට ඔහු වැය කරන්නේ කවි කිහිපයක් පමණී.
මේ වෙනස වඩා තහවුරු වන්නේ විභීෂණ දේව වර්ණනාව දීර්ඝ එකක් වීම මතුයෙහි පාඨකයා වෙහෙසකර වන කල ය.