සැළලිහිණිය ශබ්ද මාධූර්යය මෙන්ම අර්ථ මාධූර්යය ද ධ්වනිත කරන මනහර කාව්‍යයක්ය යන්න සාකච්ඡා කරන්න.
* ශබ්ද මාධූර්යය හා අර්ථ මාධූර්යය යනුවෙන් හැඟවෙන්නේ කාව්‍යයේ ශබ්ද රසය හා අර්ථ රසය පිළිබඳව ය. කවියක ශබ්ද රසය හා අර්ථ රසය වශයෙන් දෙකොටසක් ඇති බවත්, අර්ථ අලංකාරව දැක්වීමට ශබ්දය උපයෝගි වන බවත් පෙන්වා දිය හැකිය. එහෙත් එය එතරම් අලංකාරව දැක්වීමට ශබ්දය උපයෝගි වන බවත් පෙන්වා දිය හැකිය. එහෙත් එය එතරම් සාධාරණ නොවන විග්‍රහයකි. උසස් කවියක ශබ්දය වූ කලී එහි අර්ථයේ දෝංකාරමය ප්‍රකාශනය වේ. එ හෙයින් කවියක අර්ථයෙන් වෙන් කොට ගෙන ශබ්ද රසයක් ගැන සාකච්ඡා කල නොහැකිය. එ මෙන්ම කවියක ශබ්ද ධ්වනිය වැදගත් වන්නේ එය අර්ථ පෝෂණයට, උද්දීපනයට හේතු වේ නම් පමණී.
* ශබ්ද රසය හා අර්ථ රසය ඒකාත්ම නොවී එහි ඒකමිතියක් නොමැතිව එකිනෙක ඉස්මතු වීම ද නොමැනවි. කවියක ගැබ් වන්නේ හුදු ශබ්ද මාධූර්යයක් පමණක් නම් එය අර්ථ ප්‍රහීන ලෙස සලකා බැහැර කිරීමට සිදු වේ. අනෙක් අතට කවිය හුදෙක් අර්ථ මාධූර්යයපමණක් අරමුණු කරයි නම් නීරස කවියක් සේ ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.
* අර්ථ මාධූර්යය උද්දීපනය කරවන ශබ්ද මාධූර්යය භාවිත කිරීම පිළිබඳ සලකා බලන කල්හි පෙනී යන්නේ සැළලිහිණි කවියා යොදන පදයන්ගේ, කරන පද සංඝටනයන්ගේ අපූර්ව අර්ථ පූර්ණ බවක් මෙන්ම ශබ්ද රසයක් ද වෙයි. මෙ වැන්නකට තුඩු දෙන්නට ඇත්තේ භාෂාව විෂයෙහි කවියා සතු වූ මනා පටුත්වය හා පරිචයයි.
* සැළලිහිණිය තුළ අර්ථ මාධූර්යයට තුඩු දෙන ශබ්ද මාධූර්යය ජනනය වන්නේ හේතු කිහිපයක් පදනම් කොට ගෙනය.
1. ශබ්ද රසයත් අර්ථ රසයත් උද්දීපනය කිරීම සඳහා කවියා කාව්‍ය විරිත විශේෂයෙන් උපයෝගි කර ගනී. යහ ගීය පබදින ගී විරිත හා දස පද සැහැල්ල යන උපජාති විරිත හැරුණු කොට සමස්ත සන්දේශය ම රචනා වන්නේ සමුද්‍රඝෝෂයෙන් පමණක් රචනා වන්නේ අටළොස් මත් සමුද්‍රඝෝෂයෙන් පමණක් රචනය වුවද සැළලිහිණියෙහි එන පද්‍යයන් දනවන ශබ්ද මාධූර්යය එකිනෙකට වෙනස් වූ රමණීයත්වයක් දනවයි.
- සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර (9)
- දුබන බඳ කිකිණි හයකුර පහර නද (10)
- කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ (22)
- වලදින අදහසින් මෙන් සුරඟන අඟන (27)
- අවට සුපිපි සපු දුනුකේ සලළාන (40)
- මනහර නා මෙණෙවියනි'ඳ ළවැලි පිට (45)
- පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට (53)
- විදෙන ලෙළෙන නරුබර පුළුලුකුළ රැදී (74)
2. කවියා එළිසමය හෙවත් එළිවැට යෙදීම මගින් ද කරන්නේ ශබ්ද හා අර්ථ මාධූර්යය ඔප් නැංවෙන පරිදි කාව්‍ය ප්‍රබන්ධ කිරීමකි.
- මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම පැවැති (4)
- නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි (16)
- සුරරද සමන් සමඟින් සුරඟන එවර (25)
- වලදින අදහසින් මෙන් සුරගඟ අඟන (27)
- මග නිලමින් සිටි නා දොඹ නී පියල (35)
- රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී (36)
- සමනොළ ගිරි ගිජිදු කළ සොඩෙක සැටි (70)
- තරසර සුනෙර තද තෙද දිමුතු දිවයුර (94)
3. ශබ්ද රසය තියුණු කිරීමෙහිලා අනුප්‍රාසය සැළලිහිණි කවියා වෙසෙසින් භාවිත කරන අලංකාරයක් වෙයි. එය අර්ථෝද්දීප්තියට ද මනා රුකුලක් වෙයි.
- සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර (9)
- දුවන බඳ කිකිණි හය කුර පහර නද (10)
- ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි (17)
- වලඳින අදහසින් මෙන් සුරගඟ අඟන (27)
- සන්නස් සිහින් ගෙදි සෙවනැලි වැලි තෙලෙන (28)
- මග නිලමින් සිටි නා දොඹ නී පියල (35)
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (38)
- උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවල (51)
- පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට (53)
- තවර කර කොකුම් සඳුනෙන් තුනු සියල (58)
4. අපූර්ව ශබ්ද ධ්වනියක් සහිත පද යොදමින් කවියා ගීතවත් බවින් යුතු පද්‍ය ප්‍රබන්ධ කරයි. ඒ පද්‍ය ද අර්ථ මාධූර්යයෙන් අනූන ය.
- ගන වන් මියුරු නද දෙන ගුවන වන් විට (6)
- සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර (9)
- දුවන බඳ කිකිණි හයකුර පහර නද (10)
- සිහිල් පසු සුවඳ ගෙන එන උයන්වල (11)
- මනහර නා මෙණෙවියනි'ද ළවැලි පිට (45)
- පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට (53)
ශබ්ද මාධූර්යය හා අර්ථ මාධූර්යය එකවිට ජනනය කෙරෙන බව සාධනය කිරීමට ඇති හොඳ ම අවස්ථාවක් නම් ගෞරවනීය පුද්ගලයන්, ස්ථාන හා වස්තු වර්ණනය කිරීමට කවියා පෙළඹෙන ආකාරයයි.
- ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී (17)
- කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ (22)
- සොඳ මුනිරඳ පිඬු කළ යස මෙරද සම (42)
- පෙර උවිදා ගෙන ගිරිදා සිදු සලත (63)
- පරිසර සුනෙර තද තෙද දිමුතු දිවයුර (94)