සැළලිහිණි කවියා භාවිත කරන උපමා රූපක අලංකාර
 

සැළලිහිණි කවියා භාවිත කරන උපමා රූපක අලංකාර ආදී කාව්‍යාලංකාර පිළිබඳ ඇගයීමක් කරන්න

* උපමා, රූපක, අලංකාර ආදිය කාව්‍යයක අගය ප්‍රමාණ කරන කාව්‍යාත්ම සාධකයක් වෙයි. විශේෂයෙන් සකු ආලංකාරිකයන්ගේ පූර්ව සම්මත නීතිරීතිවල ආභාසය ලබන කාව්‍ය සම්ප්‍රදායක් වන සන්දේශ කාව්‍ය විෂයයෙහි මෙය බෙහෙවින් බලපාන කරුණකි. සන්දේශයක් තුළ එන වර්ණනා ක්‍රමය පෝෂණය වීමෙහි ලා අත්‍යවශ්‍යයෙන් උපමා රූපකාදිය බලපානු ලැබේ.

* සැළලිහිණි සන්දේශය සන්දේශාවලිය අතරෙහි පරිපූර්ණ රසාකරයක් වෙයි. මේ රසාත්මක භාවය සාධනය වන්නේ කවියා විසින් සුභාවිත උපමා රූපක ආදිය නිසා බව නිසැකය.

* සැළලිහිණි කවියා උපමා රූපක බොහොමයක් පැරණි කවි සමයානුගත සාහිත්‍යයෙන් ගනී. මෙ නිසා ඈතැම් උපමා රූපක නවතාවක් නොදනවන නීරස හා ගතානුගතික ඒවා සේ රසවත් යෙදුම් බවට පත්වෙයි. අවස්ථානෝචිත වෙයි.

- බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවති (4)
- සව් සිරි පිරි සුරපුර වන් කැලණි පුර (5)
- සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර (9)
- දෙවන මුහුද මෙන් ගුම් ගති පුර නිබඳ (10)
- උදාගිර කසුන් රිටිවැට හිස බැබළි (24)
- නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ (32)
- වනසිරි පියුම්රා බඳ රනබරණ යුරු (37)
- වැන්නේ ගම'ඹු ගෙල පලමල් කුමුකු වට (39)
- සිරිමත් සුපුන් සඳ වැනි වුවන මනරඟ (64)

* නවතාවයෙන් අනූන අපූර්ව උපමා රූපකාදිය සැළලිහිණියේ දක්නා ලැබෙන්නේ මඳ වශයෙනි. මේ දුලබ අවස්ථාව කවියාගේ ස්වාධීනතාව හෙළි කරයි.

- පුල් මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග (2)
- ගනවන් මියුරු නද දෙන ගුවන වන් විට (6)
- වලඳින අදහසින් මෙන් සුරඟන අඟන (27)
- විලිකුන් සුරත් පල වැනි වේ රිවිමඬල (48)
- සමනොළ ගිරි ගිජිදු දිගු කළ සොඩෙක සැටි (70)

* සැලළිහිණි කවියා භාවිතා කරන උපමා හා රූපකවල විශේෂතා කිහිපයකි.

1. කවි සමයෙන් ගත්ත ද තමා විසින් නිපද වුව ද කවියා විසින් භාවිත උපමා රූපක සරල සෞන්දර්යයක් ජනිත කරන රමණීය යෙදුම් වෙයි.

- පුල් මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග (2)
- ලප නොමවන් සඳ මෙන් සොමි ගුණ ගිහිණි (3)
- සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවිනි (8)
- සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර (9)
- පුර සිරි බලන ලෙස බට සුරවිමන් යුර (12)
- නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ (32)
- අතුළ කුසුම් විලසින් සැදෙන තුරු වැළ (51)
- සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී (47)
- වයන පදට තබමින් පද කමල්ලා (75)
- අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු (76)

2. ස්වකීය භක්තිය හා ගැඹුරුතම විශ්වාසය හුවා දැක්වීමටත් ඒ මගින් පාඨකයා තුළ ගම්භීර බව හා භක්තිය දැනවීමත් කවියා උපමා රූපක භාවිත කරයි.

- පව්රද කඳ නා ලෝ මුල් දිගතුබර (5)
- ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී (17)
- රිවිබිම්බා යුරු රිවිකුල කමලකර (19)
- ගනේ මිණි බැබළි කිරණෙව් සතපාය (26)
- දිය තෙක් පැතිර සිටි බුදු ගුණ කියා හැම (60)
- පෙර දලනිදු දිය කඳ රට බිම් ගලත (61)
- මෙන උළිදා පැහැ විහිදා නෙදිගු බිත (63)
- එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදි (67)
- උදුළේ දොහෝ රන් පට මෙන් නළල් තෙලේ (79)
- රුවිනේ උතුම් එ සුරිදු මිණි ඊල මෙනේ (80)
- නළලත ගිරි තෙලේ සුනිලේ රැසිනිපිළී (81)
- සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ (82)
- සිරි සර හිඟ‍ල් විල සේ හස වැළෙව්ලගන (84)
- නැඹුළු සොදුරු සුසිලිටි වටොර රඹතුරු (84)
- සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර යුරු (89)
- පව් රෝ දුකුදු දුරලන පොකුරඹ හසිනි (90)

* කාව්‍යකරණයෙහි දී උපමාවටත් වඩා රූපකය කවියාගේ කාව්‍ය චින්තනය හා ප්‍රතිභා පූර්ණ කාව්‍ය පරිචය මනාව හෙළි කරන උපක්‍රමයක් වෙයි. සැළලිහිණි කවියාට වුව මෙම කරුණ සාධාරණ බව කැලණි විහාර වර්ණනාව හා විශේෂයෙන් විභීෂණ දේව වර්ණනාව ඇසුරින් පැහැදිලි වේ.

- වඳු සල පිළිම හිමි සරණ සියපත (61)
- ගිලිය නොදී සැට මහණන් බව මහණ (62)
- සමනොළ ගිරි ගිජිදු දිගු කළ සොඩෙක සැටි (70)
- නම කළ සත හැලේ සිහිලේ සැප සිලිලී (81)
- සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ (82)

මනා දිගු ඇඟිලි නව තඹ ළපලු ඇති (85)
ලකුළු පුළුලුකුළු වටබිම් එ සුරවිරු (87)
තුන් විටෙක ම වඳු එ සුරිඳු පා තඹරු (92)

* සැළලිහිණිය තුළ දී කවියා යොදා ගන්නා උපමා රූපක බෙහෙවින් ම ඖවිත්‍ය ගුණයෙන් අනූන ය. එසේ වතුදු ඇතැම් තැනෙක අනුචිත

භාවිතයන් ද ඇති වග පෙනී යා හැකිය.
සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින (13)
සුනිල් වලා නව සඳ නිලුපුල් පබළු (56)
නමකළ සත හැලේ සිහිලේ සැප සිලිලී (81)

එසේ නමුත් මේවා කවියාගේ මනෝ මූලික අපේක්ෂණ නැතහොත් කාව්‍ය කල්පිතයන් යැයි සිතා වින්දනය කරන කළ දොස් සහිත නොවේ.

* උපමා රූපක හැරුණු කොට කවියා විසින් ධ්වනිතාර්ථවත් යෙදුම් ද භාවිත කරනු ලැබේ. එය සන්දේශයේ රසවත් බව තිව්‍ර කරයි.

වෙන සැප කුමට තොප දකිනා එම පමණ (2)
තොප දැකුමෙන් අප පින් කළ බව දැනිණි (3)
කරව සිහි ඇතිව පරතෙරට යන අටින් (21)
වෙසඟන තුඟු තන යුග රොන් කොකුමහර (23)

* කවියා යොදා ගන්නා ඇතැම් ප්‍රබල අර්ථ දනවන විශේෂිත යෙදුම් ද කාව්‍ය උපක්‍රම ලෙස ඉස්මතු වෙයි.

සඟ මොක් ලබනු වස් පිය යුග ඔබා බිම (60)
මුවෙකින් කියා නිම විය හැකි ද රුසිරු (89)
බිසොවට පළමු රත්නාවලි නම් සොඳුරු (104)
* මේ හැර කවියා විසින් අනුප්‍රාසය, ජීවිතාරෝපය, උත්ප්‍රේක්‍ෂාලංකාරය ආදී උපක්‍රම ද භාවිත කරනු දක්නා ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017