ශෘංගාරාත්මක හැඟීම් දනවන කාව්‍ය සංකල්පනා සංයමයෙන් යුක්තව ප්‍රකාශ කිරීමෙහි ලා සැළලිහිණි කවියා අපූර්ව ශක්‍යතාවක් දක්වන්නෙකි.
* කිසි යම් වූ සිද්ධියක හෝ ප්‍රකාශනයක සභ්‍ය-අසභ්‍ය භාවය තීරණය වන්නේ සිද්ධියේ හෝ ප්‍රකාශනයේ ස්වභාවය නිසා නොව එය ඉදිරිපත් කරන ස්වභාවය අනුව ය. ශෘංගාරය සම්බන්ධයෙන් ද මේ මතය සාධාරණ වේ.
ශෘංගාරය යනු සභ්‍ය අසභ්‍ය භාව පිළිබඳ ප්‍රශ්නයක් නොව කිසි යම් වූ රසයක්, රසභාවයක් වෙයි. ඒ අනුව ශෘංගාරය තීරණය වන්නේ ප්‍රකාශනයේ සෘජු හෝ වක්‍රෝක්තිය හෙවත් සාහිත්‍යමය ස්වභාවය නිසා බව කිවහැකි ය.
* සැළලිහිනි කවියාගේ උපවිඥානයේ නිදන්ගත හැඟීම් හා සංකල්පනා ශෘංගාරය දනවමින් ප්‍රතිනිර්මාණය වෙයි.
ස්වකීය ගිහි ජීවිතයේ අත්දැකීම්, භික්ෂුවක කවියෙකු බවට පත් වීමෙන් ඇති වූ දෘෂ්ටිමය වෙනස හා මාර්ගඵල නොලද පෘථග්ජන භික්ෂුවක වීම ආදිය මීට හේතු වන්නට ඇත.
විශේෂිත කාරණය වන්නේ කවියා විසින් ශෘංගාරය දනවන්නේ වුව ද ඊට තුඩු දෙන කාරණා මනා සංයමයකින්, සංයත හා සුශික්‍ෂිත බවකින් ඉදිරිපත් කිරීමයි. කවියාගේ ශෘංගාර ප්‍රකාශන ග්‍රාම්‍යත්වයෙන් දූෂණය නොවූ ඒවාය. කවියාගේ දැක්ම ගිජු නෙතින් තොර ය. මීට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇත්තේ කවියාගේ ස්වාධීනතාව සමඟ බැඳුණු නිරවුල්, පහන් චින්තනය හා බොදු ශික්ෂණය යි.
සෙසු සන්දේශ කවීන් ස්වකීය ශෘංගාරාත්මක හැඟීම් රිසි සේ මුදා හළ අවස්ථාවක් වන්නේ දියකෙළි වර්ණනාවයි. සැළලිහිණි කවියා සන්දේශයේ සංක්‍ෂිප්ත බව හෝ වෙනත් හේතුවක් තකා දියකෙළි වැනුම බැහැර කොට ඒ වෙනුවට හුදු දියකෙළියක් සහ ගඟ දෑළ හා බැඳුණු සිදුවීම් වර්ණනා කරයි. ශෘංගාරය වෑයමින් දැනවීමට කවියාට අවශ්‍ය විණි නම් දියකෙළි වර්ණනාව ආදී ශෘංගාරාත්මක වැනුම් භාවිත කළ යුතුව තිබුණි. එහෙත් කවියාට එ බඳු අවශ්‍යතාවක් නැත. කවියාගේ ශෘංගාරය දනවන කාව්‍ය සංකල්පනා සංයමයකින් හෙළි වන්නේ මෙ හෙයිනි.
- කස්තරු තිලක සැදි නළලත සුමටාන (34)
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (38)
- ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල (44)
- සපුමල් යොහොඹු ලා බැඳ වරල මන රඟ (46)
- තවර කර කොකුම් සඳනෙත් තුනු සියල (58)
- විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළ රැදී (74)
කවියා ශෘංගාරය සෞන්දර්යයේ පිළිබිඹුවක් සේ දකියි. නැතහොත් ශෘංගාරය යනු හුදෙක් මිනිසාට කායික හෝ ලෛංගික උත්තේජනයක් දනවන හැඟීමක් නොව ආනන්දජනක සෞන්දර්යයක දනවන්නක් සේ කවියා විශ්වාස කරන සෙයකි. මෙ නිසා ඇතැම් විටෙක කවියා තථ්‍ය ලොවේ කටුකත්වයෙන් මිදෙමින් ශෘගාරයෙන් සෞන්දර්යයක් දනවයි.
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (38)
* ස්වභාව සෞන්දර්යයේ ආස්වාදනීය ගැඹුර වූ කලී ශෘංගාරාත්මක හැඟීම් උපදවන තෝතැනකි. කවියා මේ අදහස මනාව වටහා ගත්තෙකි. එ නිසා ම ස්වභාව සෞන්දර්යයේ ආනන්දජනක ප්‍රකාශන හරහා ශෘංගාරය අවදි කෙරුමට අවැසි පාරිසරික පසුබිම සකස් කරයි.
- මල් දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි (33)
- කස්තුරි තිලක සැදි නළලත සුමටාන (34)
- සල් සපු කීණ දොඹ රෑ රඟ නා මිදෙලි (43)
- ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල (44)
* ඇතැම් සිදුවීම්හි ඇති ධ්වනිතාර්ථවත් භාවය ද ශෘංගාරාත්මක හැඟීම් දැනවීමට තුඩු දෙයි. කවියා පබඳින ඇතැම් පද්‍ය සූක්ෂම වින්දනය කරන කළ පහන් වූ ශෘංගාරයක් සහෘදයාට විඳිය හැකිය.
- වෙසඟන තුගු තන යුග රොන් කොකුමහර (23)
- කස්තුරු තිලක සැදි නළලත සුමටාන (34)
- සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ (46)
- තවර කර කොකුම් සඳනෙත් තුනු සියල (58)
* සැළලිහිනි කවියාගේ ශෘංගාරාත්මක හැඟීම් ප්‍රකාශනය පිළිබඳ කතා කිරීමේදී තවත් වැදගත් කරුණක් කිව යුතුව ඇත. සිදුවීම් කෙරහි කවියා හෙළන දෘෂ්ටිය ආශක්ත ලෙස දේව රූපය දෙස බලන බවකි. දේව ශරීරයේ අංග-ප්‍රත්‍යංග කෙරේ මහත් ඕනෑකමින් වර්ණාමුඛ වන කවියා ඇතැම් විට සියුම් ශෘංගාරයක් දනවයි.
- පානා සෙනේ සයිනිඳු මඳලස බැල්ම (86)
- ලකුළු පුළුලුකුළ වට බිම් එ සුරවිරු (87)
* සිදුවීම් හා චරිත ඇසුරින් කවියා කාව්‍යය තුළ දනවන සංයමශීලි ශෘංගාරාත්මක හැඟීම්වල උත්තේජනය සහෘදයාට මැනවින් සාධාරණීකරණය වෙයි.