* ජයවර්ධන පුරයේ සිට කැලණි පුරය දක්වා මාර්ග වර්ණනය කවියාගේ වර්ණනා චාතූර්ය මනාව ප්‍රකට වෙයි. එය සනාථ කළ හැකි කරුණු කීපයකි.
1. මඟ වැනුමේ දී ගතානුගතිකත්වයට නැඹුරු වන මනකල්පිත කවි කල්පනාවන්ගෙන් බැහැර වීමේ උත්සාහයක් කවියා දරයි. ඒ බඳු උත්සාහයන්හි දී ඉස්මතු නව කවියාගේ ස්වාධීන චින්තනය ඔහුගේ වර්ණනා චාතුර්යට හේතු වෙයි.
- පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් (21)
- වළඳින අදහසින් මෙන් සුරඟන අඟන (27)
- සන්නන් සිහින් ගෙදි සෙවණැලි වැලි තෙලෙන (28)
- මග නිලමින් සිටි නා දොඹ නී පියල (35)
- අවට සුපිපි සපු දුනුකේ සලළාව (40)
- සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරන (46)
- පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට (53)
2. කවියා ස්වභාවෝක්ති වර්ණනා චාතුර්යයක් නොහොත් ස්වභාව සෞන්දර්ය වර්ණනයෙහි ලා මහත් ප්‍රතිභා පූර්ණ දක්ෂතාවක් පළ කරයි. ස්වභාව ධර්මයේ සුසංවේදී හා සියුම් සිදුවීම් කවියා කවියට නඟන්නේ මනෝරම්‍ය ආකාරයෙනි. ස්වභාව ධර්මය වින්දනය කිරීමේ සුබ ප්‍රභර්ෂය සහෘදයාට දැනෙයි.
- වලඳින අදහසින් මෙන් සුරඟන අඟන (27)
- සන්නන් සිහින් ගෙදි සෙවණැලි වැලි තෙලෙන (28)
- අග පිපි මල් මලිගිය ලිය කැලේයා (30)
- මල් දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි (33)
- මග නිලමින් සිටි නාදොඹ නී පියල (35)
- රිවිතැවුලේ පිපිකමලේ විල් ගැවසී (36)
- වනසිරි පියුම් රා බඳ රනබරණ යුරු (37)
- අවට සුපිපි සපු දුනුකේ සලළාන (40)
- සල් සපු කීණ දොඹ රෑ රඟ නා මිදෙලි (43)
3. කවියා සතු පරිකල්පන ශක්‍යතාව ඉස්මතු වන එක් අවස්ථාවකි මාර්ග වර්ණනය. නව්‍ය හා අපූර්ව අන්දමින් කවියා සංසිද්ධි පඵතිනිර්මාණය කරයි.
- සුරරද සමන් සමඟින් සුරඟන එවර (25)
- වලඳින අදහසින් මෙන් සුරඟන අඟන (27)
- නිමල් සඳපහන් වැනි වැලි පිට උඳුළ (32)
- බන්නේ මරා මිණිදුල පබළු මුතු පට (39)
- වඳිමින් සවස නල හැසිරෙන දිගතුවල (48)
4. කවියාගේ මාර්ග වර්ණනය දෘශ්‍ය ගෝචර සංකල්ප රූප ජනනය කරන කදිම වාග් චිත්‍ර වෙයි. එකී වාග් චිත්‍ර මාර්ග වර්ණනයේ චමත්කාරජනක සිදුවීම් කුළු ගන්වයි.
- සන්නන් සිහින් ගෙදි සෙවණැලි වැලි තෙලෙන (28)
- මග නිලමින් සිටි නාදොඹ නී පියල (35)
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (35)
- ගවසා සපුල් කඩුපුල් මල් නිල් වරල (44)
5. මාර්ග වර්ණනාව අස්තිත්වයට නැංවීමෙහි ලා දායක වන කවියාගේ වර්ණනා චාතුර්ය කුළු ගන්වන තවත් සාධකයකි. ශෘංගාරය දැනවීම, උපේක්ෂා සහගත හා සංයමශීලි ආකාරයෙන් කවියා මාර්ගාශ්‍රිතව කරන ඇතැම් වර්ණනා ශෘංගාරය දනවයි.
- වෙසඟන තුඟු තන යුග රොන් කොකුමහර (34)
- කස්තුරු තිලක සැදි නළලත සුමටාන (34)
- සලා දුලා පියොවුරු තඹර රොන් රත (38)
- සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ (46)
- අවට සුපිපි සපු දුනුකේ සලළාන (40)
7. සැළලිහිණි කවියාගේ මාර්ග වර්ණනයෙහි තවත් විශේෂත්වයක් වන්නේ බෞද්ධ චින්තනයෙන් උකහා ගත් අදහස්වලින් එය පෝෂණය වී තිබීමයි.
- සුරරද සමන් සමඟින් සුරඟන එවර (42)
- සොඳ මුනිරද පිඬු කළ යස මෙරදා සම (42)
- මනහර නා මෙණෙවියනි'ඳ ළවැලි පිට (45)
8. අතිශයෝක්ති වර්ණනය ගතානුගතිකත්වයට සමීප වූවක් වුව ද සැළලිහිණි මාර්ග වර්ණනයේ දී එය මනහර කවි සංකල්පනා ජනනය කරන භාවිතයක් වෙයි.
- සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම (42)
- වෙසඟන තුඟු තන යුග රොන් කොකුමනහර (23)
- නුවණින් නිල් උපුල් මඳහසිනි හෙළැඹුල (47)
- උඳුළ සොමි කැලුම් නිසයුර හිමි පුවළ (51)