සැළලිහිණි සන්දේශයේ දූත වර්ණනාව අපූර්ව චමත්කාරය ද සුන්දරත්වය ද දූත වර්ණනාවක තිබිය යුතු ලක්ෂණ ද මනාව කැටි කළ කවි එකතුවකි.
* සන්දේශ යන්න මැනවින් ලියා දැක්වීම යන අර්ථය දෙයි. ඒ අනුව යම්කිසි පණිවුඩයක්, ආඥාවක්, දුර ප්‍රදේශයක සිටින අයෙකු වෙත මැනවින් දක්වා ලීම සන්දේශය නම් වේ. විවිධ විවිධ
වර්ණනා-අලංකාර ආදිය ඇතුළත් කොට, මේධාවි ගුණයෙන් යුක්ත දූතයෙකු අත යැවෙන හසුනක
ආකාරයෙන් යුතුව රචනය වූ කල්හි එය 'සන්දේශ' කාව්‍යයක් වෙයි. ඒ බැවින් සන්දේශය යනු
කිසි යම් භාරකයෙක් විසින් ගෙන යනු ලබන හසුනක්, ආඥාවක් හෝ ආරංචියක් බව පෙනේ.
මේ සන්දේශ භාරකයා 'දූතයා' වෙයි.
* දූතයෙකු යොදවා සන්දේශ ගෙන යාම ආරම්භ වන්නේ ක්‍රි.ව. 6 වන සියවසේ දී කාලිදාස විසින්
මේඝය දූත කාර්යයෙහි යොදවා 'මේඝදූතය' රචනා කිරීමත් සමඟිනි. ඉන් ඇරඹී දූත කාව්‍ය නැතහොත්
සන්දේශ කාව්‍ය සම්ප්‍රදාය නීති රීති හා සෛද්ධාන්තික රාමුවක ලා සකු ආලංකාරිකයන් විසින් කාව්‍ය
සම්ප්‍රදායයක් ලෙස තහවුරු කරන ලදී. සන්දේශ ගෙන යාම සඳහා දූතයන් වශයෙන් අජීවී වස්තු,
සත්ත්වයන්, මිනිසුන්, පක්ෂීන් ආදීන් යොදා ගෙන ඇත. එකී දූතයා තෝරා ගැනීමේදී විශේෂයෙන්
ජව ගුණයෙන් අනූන දූතයෙකු තෝරා ගැනීමට සන්දේශකරුවන් පැහැදිලිව ම උනන්දු වී ඇත.
* සන්දේශ යනු මහා කාව්‍ය සම්ප්‍රදායේ ආභාසය ලද කාව්‍ය ක්‍රමයකි. සන්දේශ සම්ප්‍රදායට අයත් විය
යුතු මූලික අංග ලක්ෂණ රැසක් වන අතර (ප්‍රසිද්ධං නායකී තෘත්‍ය-පුරුෂං වාථ යොෂිතම්)
සන්දේශ භාරක දූතයා පිළිබඳ වැදගත් ලක්ෂණ තුනක් එහි සඳහන් වෙයි.
1. සන්දේශ භාරකයා (දූතයා) උසස් වංශයකට අයත් වීම.
2. කුසල් පැනය පූර්ව කොට දූතයා වර්ණනා කිරීම.
3. දූතයාට ආශිර්වාද කිරීම.
ඒ අනුව උසස් වංශයකට අයත් දූතයා පූර්ව කොට වර්ණනා කිරීම කාව්‍ය රීතිය වන බව පෙනේ.
* තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ස්වකීය දූතයා වශයෙන් තෝරා ගන්නේ සැළලිහිණියෙකි. මෙහි විශේෂතා
කිහිපයකි.
1. නුවණැති බව, වාග් පටුත්වය, පණ්ඩිතමානී වීම, පරසිත් දැනගැනීමේ හැකියාව හා ස්ථානෝචිත
කතාව දූතයකු සතු විය යුතු ගුණාංග වෙයි. කතුවරයා දූතයා ලෙස සැළලිහිණියා තෝරා ගත්තේ ඔහු
සතුව මේ ගතිගුණ සියල්ල ඇතැයි විශ්වාස කරමිනි.
2. සැළලිහිණියා බෝසත් ජන්මයක් ඇති පක්ෂියෙකු බව නොකියවේ. එහෙත් ඔහු සතු වූ උත්තම
ගුණ ශ්‍රේෂ්ඨ මිනිස් ගුණ ධර්මවලට සමාන යැයි කතුවරයා විශ්වාස කරයි.
3. සැළලිහිණියා ගෘහාශ්‍රිතව ජීවත් වන, රුවින් නොඅඩු මනහර පක්ෂියෙකි. ගෘහාශ්‍රිත වූ නිසා ම
ඔහු මානව සම්බන්ධතා සහ මානව හැඟීම්, දැනීම් හා සහවේදනයන්ට වඩා සමීප පක්ෂියෙකි.
මේ නිසා ඔහු දූත කාර්යයට මනා සුදුස්සෙක් වෙයි.
* කතුවරයා දූතයා වර්ණනා කරන්නා වූ ආකාරයෙහි විශේෂතා කිහිපයක් වෙයි.
1. පූර්වයෙන් දූතයාට ආශිංසනය කිරීම ද ඇතුළුව දූත වර්ණනය සඳහා කතුවරයා භාවිතා කරන්නේ කවි
සතරක් පමණී.
- සැරදෙ සුලකළ'කුරු (1)
- මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම පැවැති (4)
සීමිත පද්‍ය සංඛ්‍යාවක් භාවිත කළේ වී නමුදු දූතාශිර්වාදයක අඩංගු විය යුතු සියලු අංග ලක්ෂණ එහි ගැබ්
වන අතර ම ස්වකීය දූතයා සතු ගුණ සමුච්චය ද පැවසෙයි.
දස පද සැහැලි භාවිතය සන්දේශ සම්ප්‍රදායේ නොබිඳිය යුතු අංගයක් වෙයි. සැළලිහිනි කවියා ද ඒ සම්ප්‍රදාය රකියි. ඒ අනුව ඔහු එක ම දස පද සැහැල්ලක් භාවිතා කරන අතර සැළලිහිණියාගේ මනහර රූපශ්‍රීය සමුපේත කරනු පිණිස එය භාවිතා කරයි.
3. සැළලිහිණියා වර්ණනා කෙරෙන්නේ චමත්කාරජනක හා සෞන්දර්යාත්මක රීතියකිනි.
-පුල්මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුග (2)
සැළලිහිණියා ස්වභාව ධර්මයේ දුලබ පුෂ්ප රූපයක් වැනි ය. මේ චමත්කාරජනක විස්තරය මගින් සැළලිහිණියා පංචේන්ද්‍රියගත ප්‍රියයෙක් බවට පත් කරවයි. එ මෙන් ම සජීවි නැඹුරුවකින් රස ජනනය කරයි.
3. සුන්දර රූප ලාවන්‍යමය වර්ණනා මෙන් ම සැළලිහිණියා සතු ගුණ සමුච්චය පිළිබඳව ද කවියා වර්ණනා කරයි. එය දූත වර්ණනාවක තිබිය යුතු අනිවාර්ය ලක්ෂණයකි. මනා උච්චාරණයෙන් යුත් මිහිරි වදනින් ඇමතීම, රාජකීයන්ට නොදෙවෙනි ඥාණය සෞම්‍ය මුදු ගුණය ආදී සැළලිහිණියා සතු ගුණ කවියාප්‍රකාශ කරයි. වඩා ආත්මීය වූ ගුණ වන කල්‍යාණ මිත්‍රත්වය, බන්ධු සහයෝගිතාව, හිතෛෂිභාවය ආදී ගුණ මහත් අභිරුචියෙන් වර්ණනා කරයි.