රඟපෑම ඉගෙන ගනිමු
 

සෑම කෙනෙකුට ම රඟපෑමට පුළුවන. සෑම කෙනෙකුට ම එය දියුණු කරගත හැකිය. යම් කෙනෙකු වේදිකාවේ රඟපෑමට බලාපොරොත්තු වෙන්නේ නම් ඔහුට ඉගෙන ගෙන ඒ තැනට ඒමට පුළුවන.


අපි අත්දැකීමෙන් හා භාවිතයෙන් ඉගෙන ගනිමු. කිසිම කෙනෙකුට සෑම දෙයක් ම ඉගැන්විය නොහැකිය. බිළිඳෙකු දිහා බැලුවහොත් බිළිඳු අත් පා සෙලවීම, බැලීම, පෙරළීම, බඩගෑම, ඇවිදීම දක්වා දියුණු වෙන බව කිව හැකිය. එය කිසිවෙක් විසින් උගන්වා සිදුවන්නක් නොවේ.


පරිසරයෙන් ද ඉගෙන ගත හැකිය. ඉගෙන ගැන්මට බොහෝ දේ තෝරා ගන්නේ නම් බොහෝ දෑ පරිසරයේ තිබේ. පරිසරය විසින් බොහෝ දේ පුද්ගලයාට උගන්වනු ලබයි. ඉන් හැකියාවන් ගොඩනඟා ගත හැකිය.


හැකියාව යනු කුමක්ද? අත්දැකීමෙන් පුද්ගලයෙකු ලබාගන්නා ඉහළම ශක්‍යතාවයි. මේ කරුණු ගැන සඳහන් කරන්නේ නම් සෑම මට්ටමක ම බුද්ධිමත්, ඉන්ද්‍රිය ගෝචර හා ප්‍රතිභාව ඇතුළත් බවය. ප්‍රතිභාව යන්න අත්හැරිය හැක්කක් නොවේ. එය ඉතා වැදගත් දෙයකි. ප්‍රතිභාව යන්න පුද්ගලයෙකුට ගුප්ත බලයක් මෙන් උරුම වූ දෙයකි. තනිව උරුම වන දායාදයකි. ඉගෙනීමෙන් මෙය විවෘත කරගත හැකිය. ප්‍රතිභාව වේගවත්ව දියුණු කරගත හැක්කකි. අප වටා වෙනස්වන, ගමන් කරන, චලනය වන ලෝකයේ නිදහස්ව සිදුවන්නකි. එය නිර්මාණාත්මක ප්‍රකාශයක් විදහා දක්වන්නක් විය යුතුය.

රඟපෑම යන්න සාමාන්‍ය දෙයක් ලෙස සිතන්නට පුළුවන. එය සහජ දක්ෂතාව මත ගොඩ නැගෙන්නක් විය හැකිය. එනමුත් රංග ශිල්ප, ක්‍රමවේදයන් හා න්‍යායන් දැන ගැනීමෙන් තමාගේම දෙයක් බවට පිරිවර්තනය කරගත හැකිය. ඒ සඳහා යමක් තෝරා බේරා ගැනීමේ දැනුමක් අවශ්‍ය ය. පරිසරයේ අත්දැකීම් ලබාගැනීමෙන් නියම තත්ත්වයට ඒමටත් භාවිතය හා උනන්දුව මත උසස් මට්ටමකට ඒමටත් දක්ෂයෙකු බවට පත්වීමටත් පුළුවන.

පෙර නළුවන් වසර දහයක් තිස්සේ ලැබූ පරිචය අද රංග අභ්‍යාස තුළින් වසර දෙකකදී ලබා ගත හැකිය. කොතෙකුත් වැරදි කරමින් වැරදි හරිගස්සා ගනිමින් අධ්‍යක්ෂවරුන්ගේ ද උපදෙස් මත දක්ෂ නළුවෙකු වීමට වසර දහයක් ගත වුවත්, විධිමත් ප්‍රායෝගික පුහුණුව හා කැපවීම මත ඉතා කෙටි කලකදී දක්ෂ රංග ශිල්පියෙකු විය හැකිය.

රංග ශිල්ප

රංග ශිල්ප කියන දෑ අතීතයේ සිටම පැවත ආ ඒවාය. වේදිකාවේ රංගනයේත්, ශෛලියේත් විප්ලවීය වෙනස්කම්වල ප්‍රතිඵලයන් ලෙස පසුගිය වසර ගනනාවක් මුළුල්ලේම උරුම වූ දේවල් ය. රංග භූමියේ ශිල්පය හා රංග ශිල්පයේ සම්බන්ධතාවයන් කාලයටත් ස්ථානයටත් අනුව රංග ශිල්ප යන්න සංශෝධනය කරගත හැකිය.


රංග භූමියේ ශිල්පය, වේදිකාවේ භූගෝලය හා නළුවාගේ කුසලතාවය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතී. එසේ නොමැතිව එකකට එකක් වියුක්තව පැවතිය නොහැකිය. ක්‍රීඩාවක දී කිසිවෙකුට තනිවම පන්දුවෙනුත් පිත්තෙනුත් ක්‍රීඩා කළ නොහැකිය.


ශිල්පය යනු යාන්ත්‍රිකමය දෙයක් නොවේ. නළුවාට අවශ්‍ය වූ විට කුඩා බෑගයකින් ඇදගත හැකි උපක්‍රමයක් බදු ය.

නිසි ලෙස ලේබල් කළ ඒවා වැන්නේය. ශිල්ප යනු නළුවාට නිසිලෙස ආකෘතිය හා හැඩය සකස් කර ගැන්මට උපකාර වන්නකි. ශිල්පය මගින් අභ්‍යන්තර හා බාහිර දේ භාවිත හා සත්‍ය දෙයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. නළුවා තමාගේ අවයව ගැන හොඳින් දනී. එය කුමන ආකාරයකට හැසිරවිය හැකි ද යන්න දනී. ශිල්පය විසින් ඔහුට සෘජු වූත්, ක්‍රියා ශිල්පත්, රංග අත්දැකීමුත්, ශිල්පීය ප්‍රගුණතාවය අනුවත් වේදිකාවේ රංග අභ්‍යාස රංග ක්‍රීඩා හා නිර්මාණ මගින් නළුවෙකුට පුරුදු වී තිබේ. රංග අභ්‍යාස රංග ක්‍රීඩා හා නිර්මාණ මගින් නළුවෙකුට රඟපෑම හෙවත් රූපණ ශිල්පය උපරිම තලයකට දියුණු කරගත හැකිය. ඒ බව පහත කරුණු වලින් පෙනී යයි.

පුද්ගලයෙකුගේ ශිල්ප හැකියාවන් දියුණුකර ගැනීමට මඟක් වන අතර එය රඟපෑම දක්වා දියුණු කර ගැන්මට ආධාරයක් වනු ඇත.

කුසලතාවයන් දියුණු කර ගැන්මට පුද්ගලයෙකුට තමන්ට ම අවස්ථාවක් ලැබෙන්නකි. විශේෂයෙනුත්, සතුටිනුත්, බියෙනුත් සැකෙනුත් හා චකිතයෙනුත් තොරව ලබාගැනීමට පුළුවන.

රංග අභ්‍යාස සහ නීත රීති දැන නිසිලෙස හිස කෙළින් තබාගෙන නිදහස් රඟපෑමකට හැකියාව ලැබේ.

තමන් වටා හිතවත් නළු නිළියන් සිටින බැවින් ඕනෑම නුසුදුසු වාතාවරණයකදී වුවත් රඟපෑම ආදරයෙන් කළ හැකිය.

සංවිධිත රංග ශාලාවේ පමණක් නොව විවෘත ස්ථානයකදී වුව ද තම හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකිය.

රංග අභ්‍යාස නිසා සූදානම් බවකිනුත්, කඩිනමිනුත්, ක්ෂණිකවත් මුහුණදීමේ හැකියාව ලලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017