ශිව දෙවිඳුන් වන්දනා කිරීම් වස් පවත්වනු ලබන උත්සවයකි. මෙදින රාත්‍රිය පුරාම ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ආශිර්වාද ලබා ගැනීම සිදුවන අතර ආහාර ගැනීමෙන් වැළකී උපවාසයේ යෙදීමද කරනු ලබයි. මේ අනුව මහා ශිව රාත්‍රිය එළඹෙන දින උදේ ආහාරය හා රාත්‍රී ආහාරය ගැනීමෙන් වැලකී සිටිති. දහවලට පමණක් ආහාර ගත්තද එය එළවළු මිශ්‍ර බතකට සීමා වේ. අනුභව කරන්නේද සීමිත ප්රමාණයකි.
ආහාර ගැනීමට පෙර ශිව දෙවියන්ට සිතින් පූජා පවත්වනු ලබයි. රාත්‍රියට කෝවිල් කරා ගොස් මුලු රාත්‍රියම ආගමික කටයුතුවල යෙදීම, පුද පූජා පැවැත්වීම මහා ශිව රාත්‍රී දිනයේ විශේෂ ලක්ෂණයකි. ධර්ම සාකච්ඡා පැවැත්වීම, ශිව දෙවියනට තුති ගී ගැයීම කරනු ලබයි. මෙම උත්සවය නාට්‍ය කලාව සම්බන්ධයෙන් වැදගත් වනුයේ අනෙකුත් ආගමික චාරිත්‍ර වැනි ගී ගැයීම්, තුති ගී ගැයීම් වලට අමතරව ආගමික වැදගත් කමකින් යුත් නාට්‍යය රඟ දැක්වීමයි. මෙම කටයුතුද අවසන් වීමෙන් පසු නින්දට යෑමෙන් උත්සවය අවසන් වේ.