පූර්ව චාරිත්‍ර විධි
කොහොඹා කංකාරි ශාන්ති කර්මයක් පැවැත්වීමට නියමිත දිනට ප්‍රථම චාරිත්‍ර විධි කිහිපයක් කරනු ලබයි. එවා නම්..
* කප් සිටුවීම
සුබ නැකතක් බලා කිරි ගසක අත්තක් කපා සිටවා කොහොඹා කංකාරියට දින නියම කර ගැනීම.
කංකාරීයේ දී දෙවියන් වෙනුවෙන් පුදන දන් සඳහා වී සහල් වෙන් කොට තබා ගනී. බොහෝ විට මේ සඳහා අස්‌වනු නෙලා නොඉදුල් වී සහල් වෙන් කර ගනී.
* ශාන්ති කර්මය පවත්වන තැන මඩුව සැදීමට හා අලංකාර කිරීමට අවශ්‍ය පුවක් ගස්, ගොක් කොල, කෙසෙල් ගස් අදිය වෙන් කර ගනු ලැබේ.
* ශාන්ති කර්මය සඳහා අවශ්‍ය වී , සහල්, පුවක්, බුලත්, පොල් යනාදී අමුද්‍රව්‍ය රැස් කර ගනු ලබන්නේ ගමේ සම්මාදමේ ගොසිනි. මේ සඳහා ගම්මුන් තම හැකි පමණින් අමුද්‍රව්‍ය නොමිලයේ සපයයි.
* පේ කිරීම්
ශාන්ති කර්මය පැවැත්වීමට තෝරාගත් ස්‌ථනය ( කමත හෝ පිටිය ) ශුද්ධ පවිත්‍ර කර සුදුසු තැනක මඩුවක් තනා පිරිසිදු කොට මල්, ගොක් කොල, පුවක් මල් වලින් අලංකාර කිරීම. මෙය මඩු පේ කිරීම නම් වේ. තොට පේ කිරීම( පවිත්‍ර කිරීම ) මල පේ කිරීමත් මේ සමග සිදු කරනු ලබයි.