මෙවිට තල්ලේ මැද පිටිපස කොටසද දිවේ පිටිපස කොටසද ගැටේ. උගුරින් හඬ සම්බන්ධ වේ.
ඬ | |||
ඬ | ඬ | ඬ | ඬහ් |
ඬඬ | ඬඬ | ඬඬ | ඬහ් |
ඬඬඬ | ඬඬඬ | ඬඬඬ | ඬහ් |
තල්ල සහ සම්බන්ධ ශබ්ද
ඤ | |||
ඤ | ඤ | ඤ | ඤහ් |
ඤඤ | ඤඤ | ඤඤ | ඤහ් |
ඤඤඤ | ඤඤඤ | ඤඤඤ | ඤහ් |
එකම වචනයක් වුව ද ඉහත පරිදි විවිධ ස්ථානවලින් නිපදවීමෙන් ප්‍රකාශ කෙරෙන අර්ථය ද වෙනස්කර ගත හැකිය. එසේම අර්ථය අලංකාර කර ගත හැකි ය.
යම් වචනයක් දුකක්, ශෝකයක් සඳහා නිපදවිය යුතුනම් එය පපුවෙන් නැගෙන්නක් සේ නිපද විය හැකිය. ඒ හඩ පපුවෙන් නැගෙන විට හදවතට දැනුණ තද දුකක් ලෙස පෙනී යයි.
උගුරින් ඒ වචනයම නිපදවිය හැකි ය. එවිට තවත් අරුතක් ඉදිරිපත් වන අතර මුඛයෙන් ඉදිරිපත් කළ විට වචනයේ අර්ථය සරලව දැක්වීමක් වේ. දත් තෙරපා හැර ප්‍රකාශ කෙරෙන විට දුක මුසු කෝපයක් දැනවිය හැකිය. මේ අන්දමට ඉන්ද්‍රිය කොටස් අනුගමනය කිරීමෙන් වචන හා හඬ අර්ථවත් ගැඹුරු කළ හැකිය. හැඟීම් දැනවිය හැකිය. විවිධ රසයෙන් කුළු ගැන්විය හැකිය.
මේ බව නාට්‍යවල විවිධ චරිත විසින් ඒ ඒ අවස්ථාවලදී උච්චාරණය කරන ආකාරය අනුව අවබෝධ කර ගත හැකිය. එසේම සැබෑ ජීවිතයේ අත්දැකීම් අනුව බැලිය හැකිය. අවමඟුල් ගෙදරකට පැමිණි පිරිස් දෙස ටික වේලාවක් නිරීක්ෂණය කර බලන්න. එක් එක් කෙනාගේ හැඟීම් ශෝක වීම්, කථා බහ ස්වරූපයෙන් මෙවැනි විවිධ හඬ උච්වාරණය පැහැදිලි වනු ඇත.

සෑම පුද්ගලයෙකුගේ කට හඬට සවන් දීමේදී එක් එක් කෙනාට වෙනස් කමක් දැක්වේ. සමාන හඬ ඇති අයද සිටිති. සැබෑ ජීවිතයේදී කථා කරන කට හඬ ප්‍රමාණය හා දුර සවන් දෙන්නාගේ දුර ප්‍රමාණයයි. බොහෝ විට අපගේ හඬ පාවිච්චි වනුයේ අඩු ප්‍රමාණයකිනි. එනම් නියමිත හඬින් අඩකි. ඒ හඩ තුළ විවිධ අදහස් පළ කිරීමට වචන පාවිච්චි කිරීම කාගෙත් සිරිතකි.
කිසියම් හැඟීමක් පහළ වු විට ඒ ඒ අවස්ථාවේ හෝ සිදුවීමේ ස්වභාවය අනුව හඬෙහි ස්වභාවයද වෙනස් වේ. දුකින්, සතුටින්, කෝපයෙන්, ආදරෙන් නැගෙන හඬ එකිනෙනකට වෙනසක් ඇත. එසේම රෝගී වු විට, වෙහෙස වූ විට, ධෛර්යවත් වූ විට හඩ උච්චාරණය වන ආකාරයේද එකිනෙකට වෙනසක් ගනී.

කටහඬ පුහුණු කර ගත යුතුය. අභ්‍යාස කළ යුතුය. වේදිකාවේ රඟපෑමේදී ඝනකයක් තුළ හඬ පතුරුවා හැරිය යුතුය. වේදිකාව විශාල වායුමය ඝනකයකි. එහි සිටින නළුවා ප්‍රේක්ෂකාගාරයේ පිටුපස අසුන දක්වා දුර ප්‍රමාණය ද, ප්‍රේක්ෂකාගාරයේ පළල ප්‍රමාණය ද, ප්‍රේක්ෂකාගාරයේ සඳළුතලයේ පිටිපස හා දෙපස සදළුතල දක්වා ද ප්‍රක්ක්‍ෂ්පණය කළ යුතුය.
හොඳින් ශබ්ද පරිපාලනය වු ශාලාවකදී දැඩි ආයාසයකින් හඬ ප්‍රක්‍ෂෙපණය කිරීමට ගත යුතු වේ. එනමුත් හඩේ ආතතිය හා බර ප්‍රමාණය අනුව හඬ විසුරුවා හැරිය හැකිය. ශබ්දය උරාගන්නා පරිදි මනාව ඉඳිකළ ශාලා තපළ සංවාද මෙහෙයවීම අපහසුකාරි නොවේ. එනමුත් සැබෑ ජීවිතයේදී භාවිතා කරන ප්‍රමාණයට වඩා ගණිතමය පරිමාණයකින් හඬ නැඟිය යුතුවාක් මෙන් ම එහි ආතතිය ද වැඩි විය යුතුය. මෙහි පරිපාලනය සඳහා කට හඬ අභ්‍යාස ද කළ යුතුය.

වචන යනු අදහසකි. එහි අක්ෂර වුවද අක්ෂර එකතුව තුළ අදහසක් හා එවැනි වචන සමූහයක් තුළ අදහස් කිහිපයක හෝ අන්තර්ගත විය හැකිය.
වචන උච්චාරණය කිරීමේදී නළුවා අක්ෂර ගිලීම සිදු නොකළ යුතුය. ඉන් අදහස් කරනුයේ සෑම අක්ෂරයකම පැහැදිලි බව ය. ඒ පැහැදිලි බව සමඟ වචනද පැහැදිලි විය යුතුය.
ඇතැම් ආධුනික නළුවන්ගේ වචන උච්චාරණයේ ස්වභාවයන් කිහිපයක් සඳහන් කළ හැකිය. මූල අක්ෂරය ගිල වචන උච්චාරණය කිරීම, මැද අක්ෂරය ගිල වචන උච්චාරණය කිරීම, අග අක්ෂරය ගිල වචන උච්චාරණය කිරීම. වචන උච්චාරණය කිරීමේදී මුල මැද අග මනාව අක්ෂර උච්චාරණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
තවද ඇතැමුන් වාක්‍ය අවසානයේ දී අග වචනය හෝ ඉන් කොටස් පැහැදිලි ලෙස උච්චාරණය නොකරයි. වාක්‍ය වල වචන පැහැදිලිව උච්චාරණය කළ යුතු බව මින් අදහස් කෙරෙන අතර නළුවා තම හඩින් වෙනස් කෙනෙකුගේ අවස්ථාවක් ආරෝපණය කර ගැනීමේදී එම චරිතයට ජීවයක් දිය යුතුය. නැතහොත් නාට්‍යයේ දක්නට ලැබුණු චරිතය හෝ භුමිකාව බිඳ වැටෙයි.

වෙනත් කෙනෙකුගේ චරිතය ඉල්ලන කටහඩක් තමාගේ හඬින් දීමකි. නළුවා කළ යුත්තේ, එහිදී එම චරිතය ඉල්ලන හඬ කුමක් ද යන්න තේරුම් ගත යුතුය.
වචනය යනු ශබ්ද රූපයකි. එහි අදහස ශබ්දමය රූපයකින් ජීවාත්මක කළ යුතු බවය. එය වර්ණවත් කළ යුතුය. තියුණු කළ යුතුය. ඔපමට්ටම් කළ යුතුය.
සංවාද ද ගායනයක් මෙනි. සංගීත වාදනයක් මෙනි. සංවාද පවත්වා ගෙන යන හඬෙහි මට්ටමක් ඇත. පැතිරී යා යුතු පරාසයක් ඇත. තානයක් ඇත. තාරතාවක් තිබිය යුතුය. ලයකින්ද යුක්ත විය යුතුය.
මෙය සෑම නළුවකු මෙන්ම නිළියක විසින්ම නාට්‍ය දිග හැරෙන විට රඳවා ගත යුතු පවත්වා ගත යුතු ස්වභාවයකි. ගායකයෙකුට මේ තත්ත්වය පවත්වාගෙන යාමට සංගීත භාණ්ඩ වලින් ලබා දෙන සහාය නිසා පහසු වේ.
නමුත් සංගීතයෙන් පිටුවහලක් නොලද සංවාද උච්චාරණය කරන විට ද ශබ්ද නිකුත් කරන ඉන්ද්‍රිය පද්ධතියෙහි තානය ඉවහල් වේ. තත් සකස් කළ, දුම්මල තවරා සකස් කළ බෝයාව ද අතෙහි ධාරිතාව හා චලන ක්‍රියාව ද උපකාර වන්නාක් මෙනි.
නමුත් සංගීතයෙන් පිටුවහලක් නොලද සංවාද උච්චාරණය කරන විට ද ශබ්ද නිකුත් කරන ඉන්ද්‍රිය පද්ධතියෙහි තානය ඉවහල් වේ. තත් සකස් කළ, දුම්මල තවරා සකස් කළ බෝයාව ද අතෙහි ධාරිතාව හා චලන ක්‍රියාව ද උපකාර වන්නාක් මෙනි.
එක නළුවකුට තනිව පවත්වාගෙන යා හැක්කක් නොවේ. මන්ද අනෙක් නළුවා ලබාදෙන මට්ටම හා බැඳිය යුතු ය. උස් පහත් වෙමින් ගමන් ගන්නා තරංග ආයාමයක් මෙනි.
නාට්‍යවල සංවාද හා ගීත තෝරා ගෙන පුහුණු වීමෙන් නාට්‍ය වල සංවාද හා ගී ගායනයට පුරුදු විය හැකිය. එසේම සංවාදවල තිබෙන වචන තෝරා ඒවායේ අදහස් කරන දේ තේරුම් ගෙන අර්ථ ගැන්වෙන පරිදි උච්චාරණය කිරීම ප්‍රයෝජනවත්ය.
ශබ්දයේ හඬ, ධාරිතාව, මට්ටම, ලය, තාලය, බර, වේගය අනුව විවිධ අරුත් හැඳින්වීමට එකම වචනයෙන් වුව ද හැකිය. එකම වගන්තියක් වුවද එසේ විවිධ අරුත් ගැනිවිය හැකිය.
ශබ්දයේ හඬ, ධාරිතාව, මට්ටම, ලය, තාලය, බර, වේගය අනුව විවිධ අරුත් හැඳින්වීමට එකම වචනයෙන් වුව ද හැකිය. එකම වගන්තියක් වුවද එසේ විවිධ අරුත් ගැනිවිය හැකිය.
ඇම්ලිෆයර් එකක, ගුවන් විදුලි යන්ත්‍රයක වුවද හඬ අඩු වැඩි කිරීමට හා පාලනය කිරීමට උපකරණ ඇත. එලෙස අපේ හඬ පාලනය කළ යුතුය. එය කළ යුත්තේ අප විසින් ම ය. ඒ සඳහා පුහුණුව හා පළපුරුද්ද අවශ්‍යය.
කට හඬ පුහුණු අභ්‍යාස කළ යුත්තේ එක් එක් පුද්ගලයාගේ උච්චාරණ ශෛලියේ ඇති වෙනස්කම් හේතුවෙනි. ඇතැමෙක් අධික ශබ්දයෙන් කථා කරති. ඇතැමෙක් මධ්‍ය ශබ්දයෙන් ද, ඇතැමෙක් අඩු ශබ්දයෙන් ද කථා කරති. ඇතැමෙකුගේ හඬ ළඟ සිටින තැනැත්තෙකුට ද පැහැදිලි නැත. මෙවැනි පුද්ගලයින් නළු කමට අවතීර්ණ වන්නේ නම් විශේෂයෙන් අඩු හඩක් ඇති අය කට හඩ අභ්‍යාස කර හඬේ ආතතිය, ධාරිතාව, බර, ආදියෙන් යුතු ප්‍රක්ෂේපණය වැඩිකර ගත යුතු ය. එසේම අධික ශබ්දයෙන් කථා කරන අය හඬ අඩුකර කථා කිරීමට පාලනයක් හා ශික්ෂණයක් ඇතිකර ගත යුතු ය.
සමහරු වචන ඉතා වේගයෙන් කථා කර අවසන් කරති. ඇතැම්හු වචන හිමිහිට නැවතිල්ලේ උච්චාරණය කරති. සමහරු බොහෝ නැවතිල්ලේ අංග චලන දක්වමින් කථා කරති. ඇතැම් අය කීමට ගිය අදහස බොහෝ ප්‍රමාද වේ.
සමහරු වචන ඉතා වේගයෙන් කථා කර අවසන් කරති. ඇතැම්හු වචන හිමිහිට නැවතිල්ලේ උච්චාරණය කරති. සමහරු බොහෝ නැවතිල්ලේ අංග චලන දක්වමින් කථා කරති. ඇතැම් අය කීමට ගිය අදහස බොහෝ ප්‍රමාද වේ.
මේ නිසා වගන්ති කථාකරන විට ඊට අවශ්‍යය කරන වේගය, අවස්ථාව, රිද්මය, හා ශෛලිය ගැනද අවබෝධ කරගත යුතු ය.
වේදිකාවේදී ඉතා අධික වේගයෙන් වචන කියා අවසන් කිරීම සුදුසු නොවේ. ප්‍රේක්ෂකයාට ඒ වචන වටහා ගැනීමට කාලය තිබිය යුතුය.
වේදිකාවේදී ඉතා අධික වේගයෙන් වචන කියා අවසන් කිරීම සුදුසු නොවේ. ප්‍රේක්ෂකයාට ඒ වචන වටහා ගැනීමට කාලය තිබිය යුතුය.
වචන ප්‍රබල විය යුතුය. අර්ථවත් විය යුතු ය. හඬ උස් පහත් වෙමින් යන රේඛාවලියක් හෝ තරංගා වලියක් මෙනි.
දියට ගලක් වැටුණු විට තරංග නැගී පැතිර යයි. සයුරේ සිට වෙරළට ඇදී එන රළ මෙනි. වරෙක හෙමින් තවත් වරෙක විශාල රැල්ලක් බවට පත් වෙමින් තවත් වරෙක තදින් ඉස්සී පෙණ පිඩු අහසට නංවා ඝෝෂාවක් ද මුසුකර වෙරළට ගසා තුනී වී පැතිර යයි. මෙපදරිද්දෙන් හඬ ද ප්‍රේක්ෂකයාගේ සවන හා සිත ද ග්‍රහණය කරගෙන පැතිරී යා යුතු ය.

සෑම සාර්ථක රංගනයකදී දක්නට ලැබෙන මූලික ලක්ෂණ තුනක සම්මිශ්‍රණයක් ඇත.
1. කතුවරයාගේ හඬ
2. චරිතයේ හඬ
3. නළුවාගේ හඬ
2. චරිතයේ හඬ
3. නළුවාගේ හඬ
මේ කරුණු තුනෙන් ම අවබෝධ කර ගැන්මට අමාරු ම දෙය නම් කතුවරයාගේ හඬ ය. කතුවරයාට පැහැදිළිව අවබෝධ කර ගැනීමත්, ඔහු පෙන්වන සාධක අවබෝධ කර ගැනීමත්, ඔහු මතුකිරීමට පෙළඹෙන අර්ථය අවබෝධ කිරීමත් අත්‍යවශ්‍යය. එපමණක් නොව කතුවරයා අපේක්ෂා කළ ශෛලිය ද අවබෝධ කරගත යුතු ය. මින් නළුවාට පැවරී ඇති දුෂ්කරම කාර්යය නම් කතුවරයා ඉදිරිපත් කළ චරිතය ගොඩනැගීමේදී අවශ්‍ය ශෛලිය උරා ගැන්මයි. මින් නළුවාගේ හඬ තුළින් චරිතයේ හඬ නැංවිය හැකිය. එය කතුවරයා දුටු ඇසූ හඬට සමාන විය යුතු ය.