රඟපෑමේදී ප්‍රධාන තැනක් සංවාදවලට හිමිවේ. එම අභිනය 'වාචිකාභිමනය' යනුවෙන් හැඳින්වේ. මුඛයෙන් නිකුත් කරන හඬ ශබ්ද පද වාක්‍ය-ගීත වාචික අභිනයට ගැනේ. එනිසා නාට්‍යයේ කතාව, චරිත නිරූපණය, අවස්ථා හා ගැටුම් සියල්ලම වැඩි ප්‍රතිශතයක නිරූපණයට කටහඬ දායක වේ.
කටහඬ සකස් කරගත යුත්තකි. වයලීනය ද වැයීමට පළමුවෙන් තත් ඇද ස්වරයට ගැළපෙන පරිදි ඇද සකස් කරගත යුතුය. එය බෝ එකෙන් පිරිමැදීමේදී වන ඝර්ෂණයෙන් හඬ නිකුත් වේ. එයද වාදකයා වයලීනය නිකටට තබා සවනට ළංකර අතක ඇඟිලි වලින් තත් අල්ලා අනෙක් අතින් බෝ එකෙන් පිරිමැදීමෙන් ඇතිවන ඝර්ෂණය අනුව නාද රටා නිපැදවේ. එතැන පවත්නේ අජීවි අවයව කීපයක සුසංයෝගයකි.
රාග, ස්වර, වචන සමඟ මුසුවූ විට ඇසීමට ප්‍රිය වේ. අසන්නාට විඳිය හැක. එය රසයක් බවට පරිවර්තනය වේ. කටහඬ නළුවාගේ ද කාර්යයේ එක් කොටසකි. කටහඬ, ඔහුගේ වයලීනය නැමැති ඉන්ද්‍රියට අයත් කොටස් රැසකි.
මුඛය, උගුර, නාසය, ගලනාලය, ස්වාස නාලය, පෙනහළු, ආමාශය, අන්තර බිතතිය, ඉන් ප්‍රධාන ය. මේ සියල්ලේම හෝ කීපයක සම්බන්ධතාවයෙන් හඬ නිපදවාගත හැකිය. හඬ යනු කිසියම් ශබ්දයන්ය. හඬේ සකස් කළ ශබ්ද වචන වේ. හඬ පිටවනුයේ මුඛයෙනි. මුඛය, උගුර, තල්ල, දිව, දත්, තොල් හා සම්බන්ධය. තල්ලෙන් උඩු කොටස නාසය වන අතර එය ද ශබ්ද නිපදවීමට උපකාර වේ.
ශබ්ද පිට කිරීමට සූළඟ අවශ්‍යය. එය පෙනහළු වලට ගත හැකි ධාරිතාව අනුව හඬ කොපමණ වේලාවක් පිටකළ හැකිදැයි තීරණය කළ හැකිය. ගලනාලය හා උදරය ද යම් ශබ්ද පිටකිරීමේ දී උදව් කරගත හැකිය. හිස මුදුණේ ඇතිකළ හැකි කම්පනය උදරයේ තෙරපීම පවා ශබ්ද නැඟීමට උපකාර වේ.
ශබ්ද උපදින ස්ථාන සොයා බැලීමෙන් සාමාන්‍ය අවබෝධය ලබා ගත හැකිය. තොල් ඇසුරින් තාලුජ්‍ය ශබ්ද ද, නාසය ඇසුරින් නාසික්‍ය ශබ්ද ද, උගුරින් ඕෂ්ඨජ ශබ්ද ද, දත්වලින් ඛණ්ඨජ ශබ්ද ද නිපද වේ.
උපදින තැන් | අකුර / ස්වරය | ක්‍රියාව |
උගුර | අ (ආ) ක බ ග ස (අඃ) හ | උගුර |
තල්ල | ඉ (ඊ) ච ජ ඡ ඣ ය ග | දිව මැද |
මුදුන | සෘ (ට)ඨ ඩ ඬ ර ෂ ළ | දිව ඇතුළත |
දත් | ත ථ ද ධ ල ස | දිව අග |
තොල් | උ(ඌ) ප ඵ බ භ | තොල් |
උගුර හා තල්ල | එ (ඒ) ඓ | උගුර හා තල්ල |
උගුර - තොල් | ඕ ඔ ඖ | උගුර - තොල් |
දත් / තොල් | (ව) | දත් / තොල් |
උගුර හා නාසය | ඬ | උගුර හා නාසය |
තල්ල හා නාසය | ඤ | දිව මැද |
මුදුන - නාසය | (ණ) | දිව මැද ළඟ |
දත් සහ නාසය | න | නාසය |
තොල් සහ නාසය ම නාසය |