නළුවා ඔහුගේ ශක්තිය පිළිබඳ විශ්වාසයක් ඇති කරගත යුතු ය. සෑම නළුවෙකු ම කළ යුත්තේ චරිතය ක්‍රමයෙන් උපරිම මට්ටම දක්වා ගොඩනැඟීම සහ පවත්වාගෙන යාමයි. පහත මට්ටමක සිට ක්‍රමයෙන් ඉහළ ඉහළ තලයක් දක්වා නැංවිය යුතුය. එසේම නළුවා එකවරම ඉහළ මට්ටමකින් දෙබස් පටන් ගතහොත් වැඩිදුර යාගත නොහැකිය. නළුවා තමාගේ ස්වසන ධාරිතාව හා හඬේ ශක්තිය පිළිබඳව වැටහීමක් ඇති කරගත යුතුය. එසේම තමාගේ භූමිකාව කොතෙක් දුරට පවත්වාගෙන යා යුතුද කියා සැලසුම් කරගැනීම ද අවශ්‍යය. වෘත්තීය නළුවන් බොහෝ විට පුහුණු නළුවෝ වෙති. ඔවුන් නාට්‍ය අධ්‍යක්ෂවරයාට පහසු පිරිසකි.
අධ්‍යක්ෂවරයාට ආධුනික නළුවෙකු හැදීම අසීරු ය. ඔහු රඟපෑම පිළිබඳව ශිල්පීය දැනුම හා පුහුණුව ලද්දෙක් වී නම් සාර්ථක චරිත නිරූපණයක් කළ හැකි නළුවෙකු වෙනු ඇත. සැබෑවටම නළුවා තම කට හඬ හා සිරුරින් කරන කාර්යය වයලීන වාදකයෙකුට සමානය. මාංශමය ඉන්ද්‍රීය පද්ධතිය හා සිරුර වයලීනය හා වාදකයා මෙනි.
2. බාහිර පුහුණුව
3. අභ්‍යන්තරික පුහුණුව
4. අර්ථ ප්‍රකාශන පුහුණුව
5. ශිල්ප ක්‍රම හා රංග පුහුණුව
6. ප්‍රයුංජනාත්මක ශක්ති වර්ධනය
1. සංස්කෘතික සංවර්ධනය යටතේ මානුෂ දැනුම හා අත්දැකීම් තිබිය යුතුය. එසේම තමා ජීවත්වන වටපිටාව හා පරිසරය සම්බන්ධව පොහොසත් දැනුමක් තිබිය යුතුය.
2. බාහිර පුහුණුව යටතේ භාණ්ඩයකින් මෙන් තමාගේ කටහඩ හා සිරුරේ රංග ප්‍රකාශන ශක්තිය විහිද විය යුතුය. කථාව හා ඉරියව් නළුවාගේ මූලික මෙවලම් වේ.
3. අභ්‍යන්තරික පුහුණුව භාවමය හා සංවේදන ප්‍රතිඵල දෑසින් අත්විදිමින් ප්‍රදර්ශනය කිරීමේ හා පාලනය කිරීමේ හැකියාව ඉගෙන ගෙන තිබිය යුතුය.
4. අර්ථ ප්‍රකාශන පුහුණුව යටතේ නාට්‍යයේ සංවාද උච්චාරණය කරන්නේ කෙසේද? ආකෘතිය විශ්ලේශණය කරන්නේ කෙසේද? යථාර්ථ ග්‍රහණය කරගන්නේ කෙසේද? යන්න උගත යුතුය.
5. ශිල්ප ක්‍රම හා රංග පුහුණුව යටතේ රංග පුහුණුව සඳහා සූදානම් වන්නේ කෙසේද? අනෙක් නළුවන් සමඟ සම්බන්ධතාවය හා ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? අධ්‍යක්ෂ, වේදිකා පරිපාලක හා නිෂ්පාදන කණ්ඩායම සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතාවකින් තමාගේ නළු කාර්ය දක්වන්නේ කෙසේද? පුහුණුවීමේ මූලධර්ම වලට අනුව ආචාර ශිල්පමය ශික්ෂණය දක්වන්නේ කෙසේද? යන්න දැන සිටිය යුතුය.
6. ප්‍රයුංජනාත්මක ශක්‍යතාව යටතේ නාට්‍ය ප්‍රදර්ශනයට පෙර සූදානම් වන්නේ කෙසේද? නාට්‍ය නළුවා හා ප්‍රේක්ෂකයා අතර සම්බන්ධතාවය ගොඩනඟා ගන්නේ කෙසේද? වේගය, තාරතාව හා රිද්මය පවත්වාගෙන යන්නේ කෙසේද? කිසිම අඩුලුහුඩුවකින් තොර නැවුම් ඵලදායි නිරූපණයක් කරන්නේ කෙසේද? යන්න පුහුණු වී තිබිය යුතුය.
ප්‍රේක්ෂකයන් අතරට යාමට ප්‍රථම නාට්‍යයේ චරිත සඳහා නළුවන් පුහුණු කරනුයේ අධ්‍යක්ෂවරයා ය. නමුත් නළුවෙකු වීමට අවශ්‍ය කරන පුහුණුව, රංග අභ්‍යාස, ව්‍යායාම, රංග ක්‍රීඩා, ඉරියව්, එසැණ නිරූපණ, වාචික පුහුණු ආදී රැසක් පුහුණු වීම් කළ යුතු වේ. එම පුහුණුවීම රංග අභ්‍යාස වැඩමුළුවක ස්වරූපය හනු ඇත.