නළුවාගේ හඬ යනු රූපණ භාෂාවේ මාධ්‍යයයි. එය බොහෝ වශයෙන් යමක් ඇඟවීමටත්, නැඟීමක් උපදවීමටත්, අදහසක් පැහැදිලි කිරීමටත්, අර්ථයක් දැක්වීමටත්, චරිතයේ ලක්ෂණය මතුකිරීමටත්, අවස්ථාව පැහැදිලි කිරීමටත්, අවශ්‍ය වන්නකි. ඒවා භාවිතා කළ යුත්තේ තීරණාත්මකව ය.
කිසියම් දර්ශනයක දී වාචික චරිතය මතුකර හැඟීමක් ඇතිකර ලීමට හොඳම මග හඬේ තාරතාව, මට්ටම, කලාත්මක ගුණය, යනාදියයි. හොඳ පරිකල්පනයකින් චරිතය හා භූමිකාව අවබෝධ කරගතහොත් ප්‍රේක්ෂකයාට හොඳින් දැනවෙන පරිදි හඬ ප්‍රක්ෂේපණය කළ හැකිය.
සංවාද මතකය හා පෙළ කියැවීම
සෑම නළුවෙකු ම මුහුණ දෙන තාක්ෂණික ගැටළුව නම් පෙළ සිහිපත් කර ගැනීමයි. සංවාද හොඳින් සිහිපත් වන්නේ නම් හොඳින් අංග චලන දැක්විය හැකිය. සංවාද ඉරියව් පෑම සඳහා උපකාර වන්නා සේ ම, ඉරියව් සංවාද සඳහාද උපකාර වේ. නළුවාට කතාව මතක් කරගැනීමට මඳක් නිසල වීමෙන් පුළුවන. එම කාර්යයෙන් නොමිදී නිසල වීම පෙළ සිහිපත් කර ගැනීමට උපකාරයකි.
මෙහි නීති කිහිපයක් ද වේ. පළමු වැන්න නම් සියල්ලම එකවර මතක් කර ගැනීමයි. එය අංග කීපයකට බෙදා ගැනීම අවශ්‍ය වේ. එනම් ප්‍රධාන සහ ඊට සම්බන්ධ අනෙක් අතුරු ඒවා වශයෙනි. දෙවැන්න නම් එකකට එකක් සම්බන්ධ නැති වාක්‍ය මතක තබා ගැනීම අසීරු බැවින් එහි ක්‍රියාව සහ අදහස පමණක් මතක තබා ගැනීමයි. එකක් එම ජවනිකාවේ අර්ථය මතක තබා ගැනීම පහසුය. ඒ යටතේ තනි වගන්තියක් මතක තබාගැනීම පහසුවකි. මෙසේ විශේෂ වචනයක් මතක නැති වුවහොත් කළ යුත්තේ හැඟීම නිරූපණය කිරීමයි. එසේ නොකළහොත් අනෙක් නළුවාට මතකය බිඳ වැවේ.
තෙවැන්න නම් අනෙක් නළුවන් ද පෙනී සිටින ජවනිකාවේ වගන්ති ද සමඟ සම්බන්ධතාවය හා මතකය ගොඩනගා ගැනීමයි. අනෙක් නළුවාගේ වගන්තියේ අග කොටස මතක තබා ගැනීම ප්‍රයෝජනවත්ය. නැතහොත්, අනෙක් නළුවාගේ වගන්තියේ අවසාන වචනයේ ක්‍රියාව මතක තබා ගත යුතු ය.
ඉතා ඉක්මනින්ම තමාගේ දෙබස් ඉගෙන ගතහොත් අදහස් ඔපවත් කරගෙන ඉතා සාර්ථකව ඉදිරිපත් කළ හැකිය. පැහැදිළිව තම සංවාද මතක තබා නොගතහොත් භූමිකාව ගොඩ නැඟීමේදී නොයෙකුත් අසීරුතාවලට පත්වීමට පුළුවන. එනිසා චරිතය නියමාකාරයෙන් නිර්මාණය නොවනු ඇත. නළුවා තම කතාව මතක තබා ගැනීම නොසලකා හැරියොත් පැහැදිලි ලෙස ම වෙව්ලීමක් හටගෙන නිරූපණය කඩා වැටී දර්ශනය විනාශ වී යනු ඇත.

කතාව හා ක්‍රියාවේදී තවත් දේවල් එකතු වේ. එනම්, නළුවා මතු කරන දේ වචන උච්චාරණය කරන ලතාව, පවත්වාගෙන යන වේගය හා කාලය යනාදියයි. සෑම වගන්තියකින් ම ඇඟවෙන්නේ කුමක්දැයි හොඳින් තේරුම් ගතහොත් නියමාකාරයෙන් සංවාද ඉදිරිපත් කළ හැකිය.
හොඳ නළුවා තනි වචනයට වුව ද ගැළපෙන උච්චාරණය හා හැඟීම් දැනවීම කරයි. එසේ ම ඔහුට එක අදහසක් අවසන් වන්නේ කොතැනකින් ද අනික් අදහස පටන් ගන්නේ කොතැනින් ද මාරුවෙන තැන කොතැන ද කියා විශ්වාසයකුත් ඇත. දිග සංවාද වලියකදී බොහෝ කරුණු කෙරෙහි අවධානය යොමුකිරීමට සිදු වේ. දුර ප්‍රමාණය, හඩ වැඩි කිරීම, මට්ටම වෙනස් කිරීම, සීමාව, අදහසක් අනික් අදහසින් වෙනස් වීම. දියුණු මට්ටමකින් තබා ගැනීම යන කරුණු ඒ සඳහා වේ.
සිතුවිලි හා හැඟීම් මතුකිරීමට අවශ්‍ය වූ විට නාට්‍යයේ බොහෝ ප්‍රමාණයක් පෙළෙහි සංවාද වලින් මතුවෙන හැඟීම් නිරූපණය වේ. ඒවා තමාගේ කරගත යුතුය. සංවාද කීම කඩා හැලුනහොත් ප්‍රේක්ෂකයන් වෙත හඬ ප්‍රක්ෂේපනය කිරීම අසීරු වේ. නළුවා කරන චරිතය පිළිබඳව ද ප්‍රශ්නයක් ඇතිවේ.

නාට්‍යයේ ආකෘතිය හා ශෛලිය අනුව ද කිසියම් සීමා ඇත. ඒවා කෙසේද යත්.
1. හැඟීම්
2. අදහස්
3. භාව ප්‍රකාශන
4. පිළිගැනීම
5. විවිධත්වය
6. විශිෂ්ටත්වය
7. පැහැදිළි බව
යන කරුණු ය.
2. අදහස්
3. භාව ප්‍රකාශන
4. පිළිගැනීම
5. විවිධත්වය
6. විශිෂ්ටත්වය
7. පැහැදිළි බව
යන කරුණු ය.