කොහොඹ කංකාරිය ශාන්ති කර්මය හැදින්වීම
 

( කොහොඹා යක්‌කම , කොහොඹා යක්‌ කංකාරිය )
 උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය වන්නේ කොහොඹා කංකාරි ශාන්ති කර්මයයි. උඩරට නර්තන සම්ප්‍රදාය ආරම්භ වීමට ප්‍රධාන හේතුව වශයෙන්ද දැක්‌විය හැක්‌කේ මේ කොහොඹා කංකාරි ශාන්ති කර්මයයි.
අළුත් කොහොඹා, මහ කොහොඹා හා පරණ කොහොඹා යන කොහොඹා තුන් කට්‌ටුව උදෙසා පුද පුජා පවත්වන බැවින් මෙයට කොහොඹා කංකාරිය යන නම් යෙදී ඇත.
 
විවිධ රෝගා බාධ, වසංගත රෝග ආදියෙන් සුවය සහනය ලැබීම සඳහාත් ගොවිතැන් සරුවී බව බෝග සම්පත් වල දියුණුව උදෙසා මෙම කොහොඹ කංකාරි ශාන්ති කර්මය පවත්වනු ලබයි. ඒ අතරම ලොව පාලනය කරන දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීම වස්‌ ද, විනෝදස්‌වාදය සඳහා වාර්ශික පවත්වන උත්සවයක්‌ ලෙසත් කොහොඹා කංකාරිය කරනු ලබයි. කොහොඹා කංකාරි ශාන්ති කර්මය ලංකාවේ පවත්වන අනෙකුත් ශාන්ති කර්මයන්ට වඩා බැහෙවින් වෙනස්‌ බවක්‌ පෙනේ. අන් ශාන්ති කර්මයන් මෙන් යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම් මෙහි දක්‌නට නැත. හුදෙක්‌ම නර්තනයට, වැයුමට හා ගැයුමට මුල්තැනක්‌ ලබා දී තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017