වේදිකාව මත කරන දෙය පෙන්නුම් කරන්නේ අත්දැකීම් ය. එය බොහෝ සෙයින් අනෙක් ඒවාට වඩා ප්‍රතිඵල දායකය. වර්ෂ ගණනාවක් ගතවන විට නළුවන්ට මුල්වූ මාර්ග දෙක වු ලෝක චාරය හා සම්මතය අඩු කරන්නට වූහ.
චිරාත් කාලයක සිට පැවත ආ උරුමයන් හා ප්‍රාථමික සම්මතයන් මෑත වර්ෂවලදී තාක්ෂණික හඳුන්වාදීම මගින් බැහැර කරන්නට වූහ. ප්‍රොසීනියම් වේදිකාවේ ප්‍රාථමිකව භාවිතා කළ දේ සමහර විට ප්‍රඥප්තියක් වශයෙන් යාන්ත්‍රිකව කළ හැකි දේ මගින් කාලය හා පරිශ්‍රමය ඉතුරු කරගන්නට හැකි විය. එය නිදහස් වෘත්තීය ශිල්පියෙකුට ප්‍රශ්නයකදී තීරණ ගැනීමට උපකාර වන්නේ වැඩ කිරීමෙන් ලත් දැනුමයි. ලෝක ව්‍යවහාරයේ දැනුම ප්‍රයෝජනවත් නොවේ. බොහෝ විට ව්‍යාකරණයක් හෝ වාක්‍ය රචනාවක් වගේ බොහෝ අධ්‍යක්ෂවරු නළුවන්ට බලපාන්නේ ස්වාමීත්වයයි. නළුවා වේදිකාවේ භූමිභාග සමඟ සහබන්ධතාවයක් තිබිය යුතු ය. ඉන් අදහස් කරනුයේ වේදිකාවේ භූගෝලය පිළිබඳ දැනුම යන්න ය. වේදිකාවේ කල්පිත භූමිභාග 9 ක් හා සවිස්තර භූමිභාග 15ක් ඇති අතර නළුවා රංගනයේදී ඒ ස්ථානවල වැදගත් තම අවබෝධ කරගෙන තිබිය යුතු ය.
ප්‍රොසීනියම් වේදිකාවේ නළුවා ප්‍රේක්ෂකයින්ට මුහුණ දී සිටින ආකාරය, වේදිකාවේ සිරුර තබාගන්නා ආකාරය, සිරුර විවෘතව තබන ප්‍රමාණය ආදිය ගැන හොඳ දැනුමක් තිබීම අවශ්‍යය. එසේම වේදිකාවේ සමබරතාවය රැකීම ගැන ද අවබෝධයක් තිබිය යුතුය.
වේදිකාවේ හැසිරීම පිළිබඳ නමා දැනුමක් තිබිය යුතු අතර තමන් අනෙක් නළුවන් අතර හැංගිය යුතු නොවේ. විවෘත විය යුතු මෙන්ම කණ්ඩායම් අතරදී වෙස් මුහුණක් විය යුතු ද නැත.
එසේම පසුතලය, භාණ්ඩ හා උපකරණ සමඟ රඟපෑමේදී ශිල‍්ප ක්‍රම, විධි ක්‍රම, තාක්ෂණය, යාන්ත්‍රණය ආදිය ගැන දැන සිටීම ප්‍රයෝජනවත්ය. තවද ඉරියව්ව හා ඉංගිතිය ප්‍රබල අන්දමින් දැනවීමට අවශ්‍ය බව නළුවා දැන සිටියත් අවශ්‍ය වන්නේ තාක්ෂණික පුහුණුවෙන් ලත් ප්‍රබල කටහඬය.

විශේෂ භූමිකාවක් නිරූපණය කිරීමේදී නළුවා ඔහුගේ සෑම කුසලතාවයක් ම අයත් කරගත යුතු ය. ඉදිරිපත් කිරීමට යන චරිතය ගොඩ නැඟීමේදී ඒ චරිතයේ අභිප්‍රේත අරමුණ සොයා ගත යුතුය. එසේම වඩා දැන සිටි යුතු තවත් කරුණක් වන්නේ දර්ශන පසුතල, ඇඳුම් හා ආලෝකයයි.
වාචික චරිතාංගනය
වාචික චරිතාංගනය
තම භූමිකාව රඟපෑමේදී නළුවාගේ කාර්යය විය යුත්තේ වාචික චරිතයට යෝග්‍ය වන්නා වූ විශේෂ ලක්ෂණ හඳුනා ගැනීමයි. මෙය මනා පුහුණුවකින් හැර කෙටි කාලයකින් චරිතයට නියමිත හඬ හා හඬේ ගුණාත්මක භාවය ගොඩ නැඟිය නොහැකිය. එහිදී අධ්‍යක්ෂ අපේක්ෂා කරන හඬේ ගුණයද තිබිය යුතු ය. ඉතාමත් මැනවින් පුහුණු වු හඩකට, සාමාන්‍යයෙන් නවීකරණය කළ වාචික රටා හා විවිධත්වයන් මතු කළ හැකි විය යුතුය. ඒ හඩේ තිබිය යුත්තේ වරින් වර වෙනස් කළ හැකි ස්වභාවයත්, ඉරියව් හා මනෝ භාවයන්ට අනුව සම්බන්ධ විය හැකි කමත්, එසේම අනෙක් නළුවන්ගේ හඬ සමඟ අමුණාගත හැකි වීමත්, කායික හා මානසිකව හැඟීම්බර කළ හැකි ස්වභාවයත් යන කරුණුය.
නාට්‍ය දර්ශනයේදී නොයෙක් අවස්ථාවන්ට ගැළපෙන හඬක් විය යුතුය. ඉරියව් පෑමේදී ද හැඟීම් ප්‍රකාශ කිරීමේදී ද කොටසක් වාචිකව ඉදිරිපත් කිරීමට සිදුවේ.
එසේම අමිහිරි හඬක් නිර්මාණය කරන්නට සිදු වුව ද ස්වර මාධූර්ය යෙන් යුත් හඬක් නිපදවන්නට වුව ද, රිද්මයානුකූල ප්‍රතික්‍රියාවක් දැන්වීමට වුව ද හඬ හා ස්වරය අවශ්‍යය. දිගින් දිගටම විලාපයත්, ඇඬීමත්, ලතෝනියත්, කෙඳිරියක් වුව ද ඉදිරිපත් කිරීමේදී වේගය, වැඩි තාරතාව, ලය, දිගු වේලාවක් දරා සිටීමේ හැකියාව අවශ්‍ය වේ.