නළුවාට මූලික නිපුණතාවයෙන් වේදිකාවේ ප්‍රතිඵලයට ලබාගත හැක්කේ නාට්‍ය පිටපතෙන් ඉල්ලන පරිදි සීමාවක් හා ශික්ෂණයක් නොව නඟා ගැනීමෙනි. ශික්ෂණය යනු ගැටළු නිරාකරණය කරගැනීමට ප්‍රයෝජනවත් වන ක්‍රමවේදයකි. ක්‍රමවේදයකින් තොරව කටයුතු කිරීමෙන් අනපේක්ෂිත ගැටළුවලට පාත්‍ර වන්නට සිදුවේ.
රඟපෑමේ නොයෙක් ක්‍රම වේදයන් තිබුණත් ඉතාමත් ඵලදායි ලෙස නිරූපණයේදී ප්‍රයෝජනවත් වන්නේ කුමක්දැයි දැන සිටිය යුතුය. නළුවා විසින් මේ මේ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයැයි සඳහන්ව තිබුණත් විශ්ෂ්ට ම ක්‍රමය කුමක්දැයි භාවිතා කිරීමට නළුවා දැන සිටිය යුතුය.
ක්‍රමවේදයන් භාවිතා කිරීම පිළිබඳව අතීතයේ සඳහන්ව තිබුණේ ස්තම්භ දෙකක් ඔස්සේ පමණී.
1. අභ්‍යන්තර මානසිකත්වය
2. බාහිර යාන්ත්‍රණය
නළුවා සැබෑවට ම සංවේදී නොවිය යුතු නමුත් ඒ සාඒකයේදී සංවේදී බව ප්‍රකාශනය වන පරිදි ඔහුගේ නිරූපණ සිදුවිය යුතුය. රංගනයේ මූලික සාඒකය වන්නේ නිරීක්ෂණ හා ශිල්ප ක්‍රමයන් ය. මනුෂ්‍ය චර්යාවන් කෙරෙහි අවධානය යොමු කරමින්, ඒ සෑම භාවයක් ම පැන නඟින්නේ කෙසේදැයි නියමාකාරයෙන් දැන ගැනීමට නළුවාට උපදෙස් දිය යුතු ය.
භාව නිරූපණ ද බාහිරව සහ සංඥාමය එකක් විය යුතුය. ඒවා සැබෑ හැඟීමක්ද ඔහු ප්‍රක්ෂේපණය කළේ කියා ප්‍රේක්ෂකයාට සිතාගන්නට ඉඩ නොතැබිය යුතුය. කෘත්‍රිම ප්‍රදර්ශනයක් ලෙසින් නොව චරිතයේ කිසියම් අවස්ථාවක ස්වාභාවිකව පැනනඟින්නක් ලෙස ප්‍රේක්ෂකයාට ඒත්තු ගැනෙන ආකාරයට හා එකඟ විය හැකි ආකාරයට නළුවා විසින් ඉදිරිපත් කළ යුතුය. අභ්‍යන්තරව හටගන්නා හැඟීම් බාහිරව ප්‍රදර්ශනය වන්නක් බව නළුවා දැන සිටිය යුතුය. අභ්‍යන්තරයෙන් සංවේදනය ඇතිකර බාහිරව නිරූපණය කළ යුතු බව ඉන් කියැවේ.
රංගනයේ ක්‍රමවේදය කුමක් ද? මානසික ඒකාග්‍රතාවයයි. ඉතා අත්‍යවශ්‍ය කොටස වන්නේ පාලනය හා ශික්ෂණයයි. තවද, වේදිකාවේ නිරූපණය කළ යුතු නාට්‍යමය අවස්ථා කුමක්දැයි දැන සිටිය යුතු අතර, සිත බාහිර අරමුණු කරා ගමන් කිරීම වහා වසාලිය යුතුය. තවද බොහෝ නළුවන් සංවාද හා අංගචලනයේ දී හරියට යාන්ත්‍රික මිනිසෙකු මෙන් අතිශයෝක්තියෙන් ක්‍රියා කරනු දක්නට ලැබේ. ඉරියව් පෑ යුතු තැන සවන් දීමකින් හා අවධානයකින් තොරව බොහෝ නළුවෝ රඟපාති. දක්ෂ නළුවා සංවාද හා ඉරියව් පිළිබඳව ද, සෑම ස්ථානයක් පිළිබඳව ද, මනා අත්දැකීමකින් යුතුව මායාව නිර්මාණය කරයි.
භූමිකා නිර්මාණයේ ඒ නිර්මාණ මායාව, සාමාන්‍ය ස්වභාවයකට වඩා විශ්ෂ්ට වූ ස්වභාවයකින්, සුවිශේෂ උච්චාරනයකින්, සුවිශේෂ හැඟීම් ප්‍රකාශනයකින් මෙන්ම සුවිශේෂ වු අංග චලන ඉරියව් වලින් දක්ෂ නළුවා ඉදිරිපත් කරයි. තය ඉතා අදාළ වූත්, අවස්ථානුකූල වූත්, ගැළපෙන ශෛලයකින් යුතු වූත්, ආකාරයට විය යුතුය.
මෙම හැකියාවන් වේදිකාවේ ප්‍රදර්ශනය කිරීමේදී දැන් සිදුවන්නක් ලෙස විනිවිද ප්‍රදර්ශනය විය යුතු ය. නළුවාට ගොඩනැගීමට අපහසුම අංගය වන්නේ අවශ්‍ය කරන ඒකාග්‍රතාවයයි.