ලෝකයේ තිබෙන ඉතාමත් ආකර්ෂණීය වෘත්තීය නම් නළුකමයි. වේදිකාවේ දක්නට ලැබෙන ප්‍රධානතම පුද්ගලයා ද නළුවා ය. කලාකරුවෙකු වශයෙන් නළුවාට පිය තැබීමට සුදුසු ම ස්ථානය වේදිකාවයි.
ප්‍රේක්ෂකයා නාට්‍ය දකින්නේ නළුවාගේ සිරුරින් හා කටහඬින් ගොඩ නැගෙන චරිත ඔස්සේය. වේදිකාවේ වෙනත් ශිල්පීන් අතරින්, අති විශිෂ්ටතම ශිල්පියා වන්නේ ද නළුවා ය. මෙහි මූලික අර්ථය නම් ඔහුගේ මුහුණින් කෙරෙන ප්‍රකාශනයයි. එපමණක් නොව මනෝ විද්‍යාත්මක ව, බුද්ධිමත්ව ඔහු තම සිරුරින් හා හඬින් කරන කාර්ය යයි.
අධ්‍යක්ෂවරයාට, කලා අධ්‍යක්ෂවරයාට, නාට්‍ය පෙළ රචකයාට, ප්‍රේක්ෂාගාරයේ ප්‍රේක්ෂකයෙකු වශයෙන් තමන්ගේ කාර්යය නැරඹීමට හැකි වුවත් නළුවාට තමන් නිර්මාණය කළ කාර්යය කිසිසේත් නැරඹිය නොහැකි ය. රූපවාහිනියේ හා චිත්‍රපටයේ පමණක් තම කාර්යය දැක ගත හැකි වුවත් නැවත එය සකස් කර ගත නොහැකිය.
නමුත්, වේදිකා නළුවාට තම ක්‍රියාවන් දැක ගත නොහැකි වුවත් පසුව සකස් කර ගැනීමේ අවස්ථාව ඇත. වෙනත් අයුරකින් සිතුවහොත් රඟපෑම යනු එදිනෙදා මිනිස් චර්යාවන්ගේ පිළිබිඹුවකි. බොහෝ සෙයින් සෑම කෙනෙකුගෙන් ම කතා කිරීම, ඉරියව්, අන්‍යෝන්‍ය ක්‍රියාවන්, භූමිකාවන් දක්නට ලැබේ. මේවා ගෙදරදී, කාර්යාලයේදී, පාසලේදී, උත්සවයකදී, සංදර්ශනයේදී දක්නට ලැබෙන්නකි.
මෙවැනි මානුෂික සම්බන්ධතාවන් පිළිබඳව දැනුම හා අවබෝධය නළුවාට ප්‍රයෝජනවත් වුවත් ඉන්ම සතුටු විය නොහැකිය. සැඟවී තිබෙන රංග කුසලතාවන් තිබුණත් පුහුණුවකින් තොරව නළුවෙකුට සෑහීමකට පත්විය නොහැකිය.
නළුවාගේ පුහුණුව හා අරුත
1960 දශකයෙන් පසු නළුවන් පුහුණු කිරීමේ පැරණි ශිල්ප ක්‍රම විශ්ලේෂණය කරමින් නව ක්‍රම අත්හදා බලන්නට පටන් ගැනුණි. ඉරියව්, හඬ, මනෝ විද්‍යාත්මක හා මානසික සූදානම් පිළිබඳව අවධානය යොමු කරන්නට විය.
රඟපෑම සම්බන්දයෙන් සාමාන්‍ය පිළිගැනීම වූයේ නළුවා යන අදහසින් ගත්විට ඔහුගේ සිරුර, කටහඬ, මානසිකත්වය හා සිතේ ධාරිතාව නිරූපණය කරන භූමිකාව, දර්ශනයේ අවස්ථාව, ප්‍රේක්ෂකයන් අතර ගොඩනගාගත් සම්බන්ධතාව යන්නයි. රංගන ප්‍රදේශය, දර්ශන, උපකරණ, ඇඳුම් ආයිත්තම්, ආලෝක ආදිය අධ්‍යක්ෂකගේ ලෝණයෙන් දුටු දේ වුවත් නළුවාගේ රඟපෑමට උපකාරි වන්නේම ය. නමුත් රඟපෑම ගැන කතාකරන විට නළුවාගේ කෝණයෙන් සොයා බැලීම අගනේය.
සිරුර හඬ හා අභ්‍යන්තර භාවයන්
සාමාන්‍ය අරුත වන්නේ නළුවා හා ප්‍රේක්ෂකයා අතර ගොඩ නැගෙන සම්බන්ධතාවය යි. ඒ අතර නළුවාගේ සිරුර සිරුර කටහඬ නම්‍යතාවය, ශික්ෂණය, හැඟීම් ප්‍රකාශනය ගැන ද සඳහන් කළ යුතුය. මින් නම්‍යතාව වැදගත් වෙන්නේ භෞතික ව හෝ මානසික ව හෝ වාචික ව හෝ විශාල පරාශයක් තුළ ඉරියව් ගත් ලක්ෂණ භාවයන් අවස්ථාවන්, ඉදිරිපත් කිරීමට පහසු කිරීම පිණිසය.
කිසියම් දෙයක් රඟපෑමේදී හොඳින් අවධාරණය කළ හැක්කේ හොඳ පැහැදිලි අවබෝධයකින් යුත් නම්‍යතාවයක් හා පාලනයක් ගොඩනඟා ගෙන තිබුණොත් පමණී. ඒ සඳහා මනා පුහුණුවක් හා සංයමයක් තිබිය යුතුය. පළමු පියවර වන්නේ තම සිරුර හා හඬ උච්චාරණය පිළිබඳ ගැටළු නිරාකරණය කරගැනීම ය.

ඒ සඳහා මිනිස් සිරුර පිළිබඳව හොඳ දැනුමක් මෙන්ම හඬ කෙසේ උපදින්නේ ද යන්න පිළිබඳ ඉන්ද්‍රිය දැනුමක් ද අවශ්‍ය වේ. සිරුර හා හඬ පිළිබඳව දැනුම ලබාගැනීමේ දී ඒවායේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අවබෝධ කරගැනීම අවශ්‍යයි.
කඳ හා අවයව, මුව හා උච්චාරණය, සිරුර හා පේශි ක්‍රියාකාරිත්වය, සිරුර හා සමබරතාවය ගැන දැන සිටිය යුතුය. තවද සිරුරේ ආතතිය, ශිථිලනය, වාචික යාන්ත්‍රණයේ හඬ උපදින ආකාරය හා පාලනය, වාචික අදහස් වලට අනුරූපව සිරුරේ ක්‍රියාකාරිත්වය නළුවා සොයා බැලිය යුතු ය.

නළුවාගේ මූලික ඉලක්කය විය යුත්තේ නිදහසේ ඉරියව් පවත්වාගෙන යාමත්, සංචලනයන්, නියමාකාර ධ්වනියත්, සංගීතවත් හඬේත්, කයේ හා හඬේ පාලනයත්, ඇසුරුකර රංගනයේ දී පවත්වා ගෙන යාමයි.
සෑම ක්‍රමයකින් ම අත්‍යවශ්‍ය සාධකය වුණේ මනෝ විද්‍යාත්මක සාධකයයි. හිරවීමකින් තොර සැහැල්ලු බව හා නිදහස් ප්‍රකාශනයයි. පසුගිය වකවානුවේ නළු පුහුණුව යනුවෙන් සිදු කළේ දැනුම වර්ධනය කිරීමයි. බොහෝ ජනප්‍රිය වූද, වැඩි දියුණු කළ රංග ක්‍රීඩා ද සැලසුම් කෙරුණේ විශ්වාසය ගොඩනැගෙන අයුරිනි. සමහරු සංවේදිතාව පුහුණුව සැලසුම් කළහ. භූමිකා නිරූපණයේ දී නොයෙක් සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම ද යොදා ගත්හ.
දිනපතා කායික හා වාචික ව්‍යායාම අත්‍යවශ්‍ය විය. නැටුම් හා සංගීත පුහුණුවේ දී මෙන් නිරන්තර අභ්‍යාස වැදගත් කොට සැලකූහ. නළුවා බලවත් ඕනෑ කමකින් නිරීක්ෂණය කර ගති ලක්ෂණ හා පරිකල්පණ ශක්තියකින් ගොඩනගා ගත යුතුය. චරිතාංග කරණයේ දී මතකය ගොඩනගා ගත යුතුය. නළුවා තමන්ගේ පරිකල්පන ශක්තිය මුදා හළ යුතුය. භාවයන් නිරූපණයේදී ප්‍රේක්ෂකයාට විශ්වාස කළ හැකි පරිදි සතුට, ප්‍රීතිය, දුක ආදිය එක එල්ලේ ප්‍රක්ෂේපණය කළ යුතුය.
ප්‍රතික්ෂේප නොවන අන්දමින් සත්‍ය ජීවිතයේ අවස්ථා ඉදිරිපත් කළ යුතු අතර ප්‍රක්ෂේපණය විය යුත්තේ කාල්පනික රටාවක් තුළිනි. ඔහුට එහිදී ලෝකය නැමැති රඟහලින් ගෙන ප්‍රතිඵලදායි ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුය. නළුවාගේ එකම ඉලක්කය විය යුත්තේ සිරුර, හඬ, මනෝ විද්‍යාත්මක ආකල්ප, රසභාව, පරිකල්පනය හා ප්‍රකාශනය යන ඒවායේ සංවර්ධනයයි. මෙය කාලයක් තිස්සේ පුරුදු පුහුණු කළ යුත්තකි.