ගැටලූ විසඳීම සඳහා පියවරින් පියවර ක‍්‍රමයක් ගොඩ නගමු.
ගවේෂණය සඳහා අහඹු ලෙස පවරන ලද පහත කාර්යයන් වල යෙදෙන්න.
විභාගයකදී ගත් ලකුණු අනුව
1. ශිෂ්‍යයෙකුගේ මුළු ලකුණු සෙවීම.
2. ශිෂ්‍යයකුගේ ලකුණු වල සාමාන්‍යය සෙවීම.
3. සෘජුකෝණාස‍්‍රයක දිග හා පළල දී ඇති විට එහි වර්ගඵලය සෙවීම.
4. අවශ්‍ය සහ තිබෙන පොත් සංඛ්‍යාව දී ඇති විට හිඟ පොත් සංඛ්‍යාව සෙවීම.
ක්‍රමය
ගැටළුව හොදින් අධ්‍යයනය කරන්න.
එහි
ආදාන :(inputs)ක‍්‍රියාවලිය :(Process) හා ප‍්‍රතිදානය :(Output) හඳුනාගන්න.
එක් එක් ගැටළු විසඳීම සඳහා පියවර පිළිවෙලින් :(Algorithm) ලියා දක්වන්න.
ගැටළුව 1. ඔබට ලබාගත් දත්ත පහත ආකාර වේ.
විභාග අංකය | නම | විද්‍යාව | ගණිතය | ඉංග්‍රීසි |
9124 | Amal | 65 | 35 | 45 |
9127 | Bimal | 50 | 65 | 55 |
9129 | Chamal | 45 | 95 | 65 |
9140 | Dinithi | 70 | 75 | 45 |
9165 | Erosha | 90 | 65 | 55 |
එක් එක් ශිෂයයා ලබාගත් ලකුණු ගණණ සෙවීමට
Algorithm :
Enter the first number
Enter the second number
Enter the third number
Total = First number + Second number + Third number
Display the total
ක්‍රියාවලිය
1. දත්ත ගොනුව විවෘත කරන්න
2. ශිෂ්‍යයකු ගන්න
3. ආරම්භක ලකුණු සංඛ්‍යාව 0 යි.
4. විද්‍යාව ලකුණු ඊට එකතු කරන්න
5. ගණිතය ලකුණු ඊට එකතු කරන්න
6. ඉංග්‍රීසි ලකුණු ඊට එකතු කරන්න
7. මුළු ලකුණු ගණන ලියන්න
8. ඊලඟ ශිෂ්‍යයා ගන්න
9. ......
මෙහිදී 1 වන පියවර සහ 7 වන පියවර එකක් බව ඔබට පෙනේද?
මෙහිදී ක්‍රියාවලිය ආරම්භ කරන ක්‍රමයක් ඇත.
ක්‍රියාවලිය වන ක්‍රමය දක්වා ඇත.
ක්‍රියාවලිය අවසාන වන්නේ කෙසේද?
ඒ සඳහා අප දත්ත ගොනුවේ අවසානය පරීක්‍ෂා කල යුතුය.
එහිදී අපට 8 වන සහ 9 වන පියවර මෙලෙස දැක්විය හැක
8. දත්ත අවසානද? අවසාන නම් ඉවත් වන්න නැතිනම් 2ට යන්න.
9. ගොනුව වසන්න
ඔබට මෙය රූප සටහනකින් දැක්විය හැකිද?