පොළොව මත සිදුකෙරෙන සියලු මිනුම් ගැනිම් සහ එයට අදාළ සියලු ක්රියාවලීන් බිම් මැනුම යටතේ සාකච්ඡා කෙරේ. එහි දී පොළොව මත ඇති දත්ත අතර සාපේක්ෂ පිහිටීම (Relative position) සලකා බලයි. භූ ලක්ෂණ මැනුම (Topographic), කැඩැස්තර මැනුම (Cadastral Surveying) සහ නාගරික මැනුම (City Surveying) ආදී මැනුම් මෙයට අයත් වේ.