මැනුම් ප්‍රදේශයට පිරික්සුම් සටහන් (Prospection diagram) ඇඳීම
ඕනෑ ම මැනුම් ක්‍රියාවලියක දී එහි මිනුම් ගැනීම ආරම්භ කිරීමට පෙර සාමාන්‍යයෙන් මැනිය යුතු භූමි ප්‍රදේශය වටා ඇවිද එය පිළිබඳ යම් අදහසක් ගැනීම ඉතා යෝග්‍ය ය. මෙහි දී අදාළ ප්‍රදේශයේ ස්වභාවය, ඉඩමේ මායිම්වල ස්වභාවය, ඉඩම මත ඇති භූ ලක්ෂණවල ස්වභාවය සහ උතුරු දිශාව ආදිය පිළිබඳ ව දළ අදහසක් ඇති කර ගනී.
එමෙන් ම මැනුම් ස්ථාන සඳහා ස්ථාන නිර්ණය කිරීම, ප්‍රධාන මැනුම් රේඛාව සඳහා රේඛාවක් නිර්ණය කිරීම, ආවේක්ෂණ රේඛා සඳහා ස්ථාන නිශ්චය කර ගැනීම, දත්ත ලබාගන්නා ආකාරය සහ යම් දත්තයක් සඳහා පාඨාංක ලබාගන්නා මැනුම රේඛාව නිශ්චය කිරීම ආදී ක්‍රියා පිළිබඳ ව තීරණ ගැනීම මෙහි දී සිදුවේ.
අවසානයේ දී මැනිය යුතු භූමි ප්‍රදේශය ආවරණය වන පරිදි දළ සටහනක්, එනම් පිරික්සුම් සටහනක් (Prospection diagram) ඇඳීම ද එය මත මැනුම් ස්ථාන, දත්ත, ආවේක්ෂණ රේඛා, ප්‍රධාන මැනුම් රේඛා, උතුරු දිශාව ආදිය සටහන් කිරීම ද සිදු වේ. එමෙන් ම මෙම සටහන අඳින්නාගේ නම, අත්සන, සහ දිනය යෙදීම ද ඉතා වැදගත් ය. අවසානයේ දී පහත ආකාරයේ සටහනක් අවසාන ඵලය ලෙස ලැබේ.