තාලය
ගායනයේදීත්, වාදනයේදීත්, නර්තනයේදීත් කාලය මනිනු ලබන මිම්ම (මිනුම් දණ්‌ඩ) තාලය ලෙස හදුන්වයි. අතීතයේදී අතින් අත තැලීම සිදු කර තාල තැබීම සිදු කල අතර, ඒ නිසාම "තාල" යන නම ඇති වූ බැවිත් කියවේ. ගීතයක් හෝ ස්‌වර ලිපියක් ලියා තැබීම සඳහා තාලය අත්‍යවශ්‍ය වේ.
හින්දුස්‌ථානී සංගීතයේ ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය තබ්ලාව වන අතර දකුණු ඉන්දීය සංගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්‌ඩය වන්නේ මෘදංගයයි.